Friday, December 24, 2021

අම්මාවරුන් සහ රිදී පුත්තු

 

හිච්චිම
හිච්චි
හීන් සන්දියේ
රෝස කැලෙන් ඇහින්ද
ලේ කිරිකැටි
ඇඔටිල්ලා
මං

ඩිංග 
ඩිංග
උස් මහත් වෙද්දි
කරදඩු
බබුට බයේ
ඉස්පිරිතාලෙන් මාරු වෙච්චි
කෙවුල් කොලුපැටියා
මං

තුන්පත් කයියක
නොවී
බණ්ඩාර හඳක්
මදව්දැමු රත්තරං පවුලක
රිදී පුතා
මං

අහමල් පිපි
මව් අහසක
ලයෙහි උරගල නොගෑ
රිදී පුතා
මං

ම්මාවරුනේ...
අම්මාවරුනේ...
රිදී පුතා
මං
ලයෙහි උරගල නොගෑ
 
 

Tuesday, October 19, 2021

තරු මාවත සහ කලු කුහර



මියැදි
     බොහෝ
කල්
උන්
   ඒකයි
අර
          ආකාහේ
  ඈතින්
                  බැබලෙන්නෙ
          තරුවක්

Thursday, October 7, 2021

සූස්තියක අග පිපි හද මල

කේතුධර

සදාහරිත

කඩදහියක

දලුලන

අග්නිය

පා කල

දුම් රොටු

පිරිපහදු කල

ආනන්ද

ආත්මය


Saturday, October 2, 2021

crown and the deadly kiss

මරණයේ
පුසුඔට
කෙල පෙරන
බයිනෙත්තු
වලදමා
       මග සහ තීරූවේ
                                  අෂ්ටාංගයෙන් නැමද
                                               නුරාවෙන්
                                            තුරුලු කර ගත්
                                              එන්නත් කටු
                                                   ඇමිනූ
                                             "රතු රෝස"

Saturday, August 21, 2021

යෝනි උපාසනාවක මරා දැමු බහු ආලයිකයා


එම්බා දේවතාවුනි
...
කාමයා...  
මෙහි එව
සකල සත හට කෞලයාගේ 
කාමය විදීමට ඉඩ හලව

අහෝ
සරන දූතයිනි
කුනු මස් බුදින 
කාකයිනි
බලව
ආත්මක්ලමතයෙහි
මියැදි බහු ආලයිකයා

ඉතිරි බිතිරි
විල්ලෝඩි හද
බලි කුරුටු සිත්තම
කීතු කීතු කල‍
වනමෘග පින්තාරු තෙලි තුඩ

පැසවමින්  වෑහෙන
ආලයේ උමතුව 
වියරුවේ ආලය
ස්වසන්තාන මතියක
වැලදගත් ලෝභි විලාපය
කාමී කාලියක
මරණයේ රංගය

චොකලට් තැවරුනු
උනු දෙතොල් හාදුවක්
කර බීඩී පුසඔක්
තුනුපලෙහි රැදි
බීර මල් "මත"
තාන්තුවෙහි ඉගිමරන
ලෙමන් ජින් හාච්චියක්
පරයා
ඉපැරණිම 
තෙත් පුස් ගදක්

රතු එලි හද බිමක
පලත්ත පිහියෙන් 
සායම් තැවරෑ
ආලයේ පින්තාරුව
ප්‍රේමයේ සිත්තම
වේදනාවේ සිත් රුව
මරණයේ පාට තැවරූ
බැහැරි සිත්තාරවිය

රතු එලි  හද බිමක
යෝනි උපාසනාවක
මරා දැමු
බහු ආලයිකයා

ඉදින්
එකල්හි
සත් ද නොවීය
අසත් ද නොවීය





Tuesday, March 30, 2021

දුම් උරන සිත්තරාවි


වැලපෙන්නී 
සුසුම්ලන්නී
යදින්නී
සාපකරන්නී
මවන්නී
...ඈ...

බෝ ආලයයි
බෝ කදුලයි
බෝ සුසුමයි
බෝ හුරතලයයි
බෝ නපුරයි
සිත්තරාවියයි
...ඈ...

ගිනි සිබින තෝර පත් අතර
මාතුගාමි නොවු
හිස්  ලෙන් කුස  බිත පුරා
මවන්නී නේ රෑ
මෙලන්කෝලික ධූමයෙන්
බෝදිලිමා යකින්නී
...ඈ...
උනා දැමුවද ඇදිවතම
වැලදගත්තද යක් ආලයම
කී ගාන බෝ පතින්ම
රූරා වැටුනා
යක්ස ප්‍රේමයක
හිමි අහිමි
නිඝණ්ඩ බහු ආලයික
තීර්ථකයා

Saturday, January 2, 2021