Saturday, August 21, 2021

යෝනි උපාසනාවක මරා දැමු බහු ආලයිකයා


එම්බා දේවතාවුනි
...
කාමයා...  
මෙහි එව
සකල සත හට කෞලයාගේ 
කාමය විදීමට ඉඩ හලව

අහෝ
සරන දූතයිනි
කුනු මස් බුදින 
කාකයිනි
බලව
ආත්මක්ලමතයෙහි
මියැදි බහු ආලයිකයා

ඉතිරි බිතිරි
විල්ලෝඩි හද
බලි කුරුටු සිත්තම
කීතු කීතු කල‍
වනමෘග පින්තාරු තෙලි තුඩ

පැසවමින්  වෑහෙන
ආලයේ උමතුව 
වියරුවේ ආලය
ස්වසන්තාන මතියක
වැලදගත් ලෝභි විලාපය
කාමී කාලියක
මරණයේ රංගය

චොකලට් තැවරුනු
උනු දෙතොල් හාදුවක්
කර බීඩී පුසඔක්
තුනුපලෙහි රැදි
බීර මල් "මත"
තාන්තුවෙහි ඉගිමරන
ලෙමන් ජින් හාච්චියක්
පරයා
ඉපැරණිම 
තෙත් පුස් ගදක්

රතු එලි හද බිමක
පලත්ත පිහියෙන් 
සායම් තැවරෑ
ආලයේ පින්තාරුව
ප්‍රේමයේ සිත්තම
වේදනාවේ සිත් රුව
මරණයේ පාට තැවරූ
බැහැරි සිත්තාරවිය

රතු එලි  හද බිමක
යෝනි උපාසනාවක
මරා දැමු
බහු ආලයිකයා

ඉදින්
එකල්හි
සත් ද නොවීය
අසත් ද නොවීය