Friday, December 24, 2021

අම්මාවරුන් සහ රිදී පුත්තු

 

හිච්චිම
හිච්චි
හීන් සන්දියේ
රෝස කැලෙන් ඇහින්ද
ලේ කිරිකැටි
ඇඔටිල්ලා
මං

ඩිංග 
ඩිංග
උස් මහත් වෙද්දි
කරදඩු
බබුට බයේ
ඉස්පිරිතාලෙන් මාරු වෙච්චි
කෙවුල් කොලුපැටියා
මං

තුන්පත් කයියක
නොවී
බණ්ඩාර හඳක්
මදව්දැමු රත්තරං පවුලක
රිදී පුතා
මං

අහමල් පිපි
මව් අහසක
ලයෙහි උරගල නොගෑ
රිදී පුතා
මං

ම්මාවරුනේ...
අම්මාවරුනේ...
රිදී පුතා
මං
ලයෙහි උරගල නොගෑ
 
 

1 comment: