Monday, September 21, 2015

තනි රබර් සෙරෙප්පුව සහ ක්ලෝනික සුචරිතවාදි "මම"


සයිඩේ...
සයිඩේ... සයිඩේ... සයිඩේ...
තෙත් පුස් ගද ගහන
ජගන් මාතා
වන්දනිය රමණමය උදෑහනක
උනුහුම් වෙච්චි මිනිසුන්

යට එව්වා සියයි
උඩ එව්වා පන්සීයයි
       ...

කෑලි තුනම සීයයි
තෙමිච්ච නිසා
       ...
ලයිට් නෑ,  වතුර බිල් නෑ , පඩි නඩි නෑ, එ්සී නෑ,
අතගාලා, දාලා බලාලා , හැඩද බලලා,

...
යනවද   
මොකද කියන්නේ 
ෂෝට් ටයිම් ද හ්ම්... හ්ම්... හ්ම්...
පැයකට බැරිද හ්ම්...හ්ම්... හ්ම්...
රූම් එකට හත්සියයි ... හ්ම්... මට දාහයි

හොද සැපක් දෙනවා
 .. ට අරන් 
ඒහි පස්සිකෝ හ්ම්... හ්ම්... හ්ම්...

ඔක්කොම ගලවනවද 
දැන් බැස්ස විතරයි
මුල්ම එක ඔයා
හ්ම්... හ්ම්...
යනවනම් යන්

මම ඉස්සරින් යන්න
ඔයා
පස්සෙන් එන්න

සිවා සිවා...

ID එක
පැකට් එක
සිවාගේ රවුම් ඝටිකාවේ
නවය ලග ලොකු  කටුව
පොඩි කටුව පහ ලග

මම ගාල්ලේ...      චීන කොරටුවේ
චීනා දන්නවද
සමනලයා ...හ්ම් ...හ්ම්
මිනිහ ද  ... උෟ ...   මැරිලා
පොඩි එකා සීදුවේ
අද උසාවි 
(කකුල දෙක  පලල් කරන්
හාන්සි වෙච්චි
ඇස් බැදපු ගැහැනියක්
ඒත් ඒකී
වැදගත් ව්‍යතිරේඛයක්)
දැන් වෙලාව නෑ
ගෝඨාගේ ශුද්ධ නගරය
ඇල්ලුවොත් ඔයයි මමයි දෙන්නම

තව   පන්සීයක්
මාව සතුටු කරපන්
ලෝබ වෙලා බෑ බන්
ඔච්චර හිටපු එකේ 
මේ ටිකත් හිටපන්


මරියනේ... මරියනේ
උඔ
මාතෘමය මරියාමයි
හ්ම් ...හ්ම්... හ්ම්...
ඔව්...උ ‍ෙඔත් හිනාව 
යේසුස්ගේ මයි
යේසු පාට කලා 
මව් මරියාව රෝස පාටින්
නිල් පාටින් පාට කලා
යේසුව ,මාතෘවර මරියා

සිවාගේ රවුම් ඝටිකාවේ
නවය ලග ලොකු කටුව
පොඩි කටුව හය ලග

ඔයා ඉස්සරහින් යන්න
මම
පස්සෙන් එන්නම්

සාමුහික රමණයේ ...මරණ‍ෙය්
මරණයේ ...රමණයේ සාමුහික
රතු එලි වීදියේ
තනි රබර් සෙරෙප්පුවක්
සහ ,... ක්ලෝනික සුචරිතවාදි මම
තෙත් පුස් ගද ගහන
ජගන් මාතා
වන්දනිය රමණමය

මම ඉස්සරින් යන්න
ඔයා
පස්සෙන් එන්න

ඔයා ඉස්සරහින් යන්න
මම
පස්සෙන් එන්නම්

යනවද...   
මොකද කියන්නේ ...

Sunday, July 5, 2015

"මේ කතාව"




සුරේඛා සමරසේන ගේ ප්‍රථම නවකතාව වන 'මේ කතාව' ජුලි 9 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට කොළඹ මහජන පුස්තකාලයේ දී දොරට වඩියි.


දේශන-

සමන් වික්‍රමාරච්චි
කේ.කේ. සමන් කුමාර


'මේ කතාව' සයුර ප්‍රකාශනයකි.

Tuesday, January 27, 2015

පිරිමීෂ්වරත්වය


විමෝචනාත්මක
පුරුෂමය
...
තත්පර ...තුන්සියයක්