Wednesday, October 17, 2018

මෙන්න ! ඒ ගැහැණිය... මරියා...



ඈ...
මරියා...
මවක් සහ පෙම්වතියක්
මහෝත්මයාණන්ගේ බැටලු පැටවාගේ මව්
තෝරාගත් ජාතියක මහ එඩේරානන්ගේ ආලවන්තිය
ශුද්ධාත්මය වසාගත් ගැහැනිය
ආශිර්වාද ලත් ගැහැණිය
ආලේපනය කල  ගැහැණිය
සන්තෝෂවත් කුස ද පියයුරැ ද ඇත්ති
පෙන කැටිති බිදෙන මල මුහුදක් අබියස
තෙත් නොවු භූමියක් මත
දන ඔබා විවට පුජාසනය පාමුල
ගැඔුරැතම ඇදහිල්ලේ හෘදයෙන්
එකම මාංශයක් වන්නට
බලා උන්නා
දවසවත් පැයවත් නොදැනම
ඈ...
මරියා...

ලේ හැලු උන් 
ගෘහය ද පුජාසනය අතර ද
ආදම්ගේ පාපයේ අන්වයානුවෝ ද
දුහුවිලලේ මිනුසුන් ද
පාපයේ දාසයෝ ද
මහිමයට පැමිණුවා  මනුෂ්‍ය පුත්‍රයාණෝ
ඉදිරි වැටෙන ආලෝචන පත් අතර
කුරැසි පත් කලා
සවර්ගික ආලයේ - ඇල්පීය  තීර්ථකයා
හෘදයේ මිනිසා -  උතුම් එඩේරා
වැගිරැ රැධිරය ගලා ගියා
පාමුලට 
ඈ...
මරියා...

ඉර-හද වෙනස් වුනා
දෙවිවරැ  අලුත් වුනා
හිරැ ගිලෙන
මූසල තැඔිලි පාට
ගොම්මන් අහස යට
පරපුටු  පුරවරයක
මරියාම....මරියාම.....මරියාම
අකාරිකයේ අවශිෂ්ටය අතැතිව
හිස් කොපුවක්
දිගු තියුනු කගපතක්
කැටයම් කල ආටෝපිත කිරිච්චියක්
තඩි මහත දැඩි පුරිස්කයක්
බහාලන්නට
පොරොත්තු වුවා
හිස් කොපුවකට
එකම මාංශයක් වන්නට

ඈ ...මරියා...
ඇස් කෙවනි යටගියා
තෙතැති රෝස තොල් වියලි ඉරි තැලුවා
අභිරාමවත් සිරැර වෙලීගියා දුහිවිල්ලෙන්
ඇට මස් නහර දිය වුනා 
ඇය රතුම රතු පාට වුනා
ඇය දැන් මෘෂාවක්
වධක කනු උසුලන
කටු ඔටුනු පලදින
පිරිමින්ගේ ඇදහිල්ලක
ගූඪමය යාතිකාවක
පිරිමින් කොදුරන පිරිමි රහසක
පෝර්නියා....පෝර්නියා....පෝරනියා....
ඇය ජීවනයයි
මාර්ගයද ඇයයි
මහා මැවුම්කරැ ඇයයි
වැගිරෙන ශුද්ධාත්මය ඇයයි
ඕ...පෝර්නියා...පෝර්නියා....පෝර්නියා....

Saturday, October 13, 2018

PSY-SCI



          ඇය 

 හ 
      
                                                මම





[චමත් සමග සමාලාපයක නිපන් සංකල්පීය අතිච්ජාදානයකි.]