Tuesday, July 31, 2012

විවාහය සහ දරුවෝ


තුන්වේල ගිල දැමු
ආහාර වේල්
සහ
කදුලූ
අවිය කොට
නිල්වලා මතකයට
එරෙහිව ගැසු
පුද්ගලික කැරැුල්ල

නැන්දම්මා බුදුවේවා
ලොකු අකුරින් ලියු
සුදු මල්ලිගේ
ටුක් ටුක් රියේ
අමාවක දිනෙක
කැන්දාගෙන නොව
උස්සාගෙන ආමි
ඇය

කැත්ත උදැල්ලට
නොව
ලනු කැරැුල්ලකට ද
හුරු නොවු
ගැටවරයකුගේ
රෝස පැහැ අත්ල
දිනකට
සීයේ කොල දෙකකට
යකඩ සහ කඩදහි ගෝනි
සමග
ඔට්ටු කල
සුන්දර කාලකන්නි
බැදීම

රමණයේ
අපූර්ව
ශූන්‍යත්වය ගිලදමා
පාවීම පොලවේ ගැසු
පොකැට්ටුවේ
හිස්කම මදිවට
ගෑනි වදදැයි
මගේ උන්
අසද්දී
වටපිටෙ එවුන්
ඇස්ලොඩි කරකවයි
ප‍්‍රශ්න කරමින්
මගෙ පිරිමිකම

දරුවන් ගනිමින්
පිරිමිකම
මනින උන්ට
මගේ ගෑනි
අප්පිරියාවෙන් ගිලදැමු
මිතුරි පෙතිවල
හිස් පැකැට්ටු
සහ
ඇගේ
යෝනි ශ‍්‍රාවයෙන්
තෙත් වු
මගේ
ශුක‍්‍රානු වලින් පිරුනු
පරන
ගද ගහන
කොන්ඩම් පිරුනු
කුනු වල හැර
කුමක් පෙන්වමිද?




Monday, July 30, 2012

ඔලොගුදාරියා



විලාසිතාවක්
වගෙයි
නුඔ
අලුත් වෙන
පරණ වෙන
ආයිත් 
අලුත් වෙන

කෙස් ගැන
නිතර සිතන
පෑදුනු
තට්ටය ගැන
මැසිවිලි නගන

හිස් සාක්කු
පුරවපු
මහපොලත් අහිමිව
හිස් කමට පෙන්නපු
කැම්පස් අයිඩියත්
වලංගු නැතිව

මියැදුනු ආච්චිගේ
අරුංගල්
එල්ලන්
අම්මගේ
බෙට් ෂිට් ඉරා මහපු
බාච්චු කලිසං
උරහිසේ වද දෙන
ඔලොගුවත්
පුර්ණ කරයි 
නුඔ

රතු අනුරලා
කෑ මොරදෙන
ලිස්ට් එකේ පිහිටෙන්
විසිපස් වෙනිදට
පිරෙනු ඇති
නුෙඔ්
සාක්කුත්

සනෙක්වින් එකේ
සෙට් වෙලා
හැදි ගෑරුප්පු එක්ක
යුද්ධ කොට
එක්ස් ලා වයි කරලා
ලාගර් වලිනුයි
රට බීඩි වලිනුයි
හිස්කම පුරවලා

නුඔ
ගාටන
මල් ලොකේ
වෙනුවට
ලුණුගම්වෙහෙරෙන් ගෙනාපු
පරිස්සමට කඩදාසියක ඔතාපු
මල් පාරක්
වටේ
යවමු

Saturday, July 28, 2012

අරගලකරුවන් සහ සුරතාන්තය.







ලාංකීය වම්මුන්ගේ රොමෑන්තික පක්ෂය නැතිනම් ජ.වි.පෙ. දෙදරා ගියේය. අරාබියේ සිට යැංකීන්ගේ වෝල් ස්ටී‍්‍රට් දක්වා නැගී ආ ජනරල වම්මුන්ගේ රෝමෝද්ගමනය තීව්ර කලේය. ධනේෂ්වරය නැගි ආ කාර්මික විප්ලවය සිදුවු නග්න සුරාකෑමේ යුගයේ සිට ප‍්‍රජාතාන්ති‍්‍රක සඵපිලි හරහා එකී සුරාකෑමට වහන්තරාවක් සපයන මේ යුගය දක්වාද ධනපතියා විසින් කැනගන්නා ලද ස්වකීය මිනීවලට ධනපතියා ඇද දැමීමට නොහැකි වු වාමාංශිකයින් ඒ සදහා දිනගනිමින් කල්මරමින් සිටී. ධනපති ආර්ථික අර්බුධයන් උත්සන්න වන විට හො කිසියම් රටක පාලකයකු ජනසතුකරණය කි‍්‍රයාත්මක කරන විට හො ඇමෙරිකානු සුපිරි ආධිපත්‍යට එරෙහිව වාග් ප‍්‍රහාරයක් එල්ල කරන විට ධනේෂ්වර ක‍්‍රමයට මරන සහතික නිකුත් කරමින් වම නැමැති ලිංගික නිදර්ශකයෙන් ස්වකීය ඉම තුල  පුද්ගලික හා සාමුහික ස්වප්න මෝචනයට පත්වන හා ස්වං වින්දනය ලබන වම්මුන් බොහො වෙති. 


මෙකී සියඵ සන්ධර්භයන් තුල අද්‍යතන ලාංකික අරගලයේ ස්වභාවය කුමක්ද? තත්‍ය වශයෙන්ම භුමිය තුල සජීවි කි‍්‍රයාකාරි අරගලයක් පවතින්නේද? පෙර පැවති මාක්ස්වාදි හා ලිබරල්වාදි අනන්‍යතාවයන් සහ බෙදිම් සියල්ලම දේශපේ‍්‍රමය , ජාතිකත්වය තුල ගොනුවී ඇත. රාජපක්ෂවරුන්ගේ ජනපි‍්‍රයවාදි සහ ජවනකාරී අලෙවියක් සහිත දේශපේ‍්‍රමය , ජාතිය , ආගම යනාදි දෘෂ්ටිවාදයන් සහ භාවිතයන් සමග අනන්‍ය වීමට රාජ්‍යයේ සියඵ පාර්ෂවයන් උපරිම ප‍්‍රයත්නයක් දරනු ලැබේ. අරගලයන් විරෝධතාවයන්ට , විරෝධයපෑම් වලට සීමාවී ඇත. සවකීය මිලදි ගැනිමේ ශක්‍යතාවය පිලිබද ගැටඵව නැතිනම් වැටුප් සම්බන්ධ අරගල  , අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහි අරගල ආදිවු සෑම කි‍්‍රයාත්මක සටනක්ම රාජ්‍යයේ දේශපේ‍්‍රමි දෘෂ්ටිවාදයේ අයොමය ග‍්‍රහණයෙන් මිදී ගන්නට සමත් වි නැත. අරගලය තුලට බහුතරය අවශෝෂනය කරගැනිමට ප‍්‍රයත්න නොදරන අතර එය එක්තරා කුලකයක යැපීම් මාධ්‍යක් බවට පත් වෙමින් තිබේ.


අරගලය ලඝු විමත් එහි විශ්‍ය බවට සිද්දීන් පත්විමත් ක්ෂනිකව සිදුවුවක් නොවේ. කාළාන්තරයක් තිස්සේ ගොඩනැගුනකි. ඒ අනුව අරගලකරුවා විසින් සමාජගත කරනුයේ භාරත දුමින්ද හො මර්වින් සිල්වා හො සරත් ෆොන්සේකාය. අරගලය සදහා න්‍යායික මග පෙන්විමක් හො පක්ෂයක මෙහෙයවිමක් නොමැතිව පුද්ගල සුරුවම් හරහා පැනනගින්නක් බවට රූපානතරණය වි ඇත. එහි ප‍්‍රථිඵලය ලෙස මතුකෙරෙන ප‍්‍රතිරෝධයද පුද්ගල කේන්ද‍්‍රීය වි ඇතිවාක් මෙන්ම අරගලයේ සාමුහිකත්වය දියකර මොටකර දමා ඇත. ඒ අනුව සියල්ල පුද්ගලිකත්වය මත කිරා මැනෙන අතර ගොනුවීමේ අවශ්‍යතාවය බැහැර කොට දමා ඇත. ජනපි‍්‍රය දේශපාලන වේදිකාවන්හී වුවමනාවන් වලදි උපාමාරු කලහැකි පරිදි 17වැනි ව්‍යවස්ථා සංශෝධනය , , අධිකරණ ස්වාධීනත්වය , මානව හිමිකම් , සුඵතර ප‍්‍රජාවන් , සරත් ෆොන්සේකා නිදහස් කිරිම වැනි තේමාවන් මත පාදක වන ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදි සාරයන් තුල අරගලය සීමා කොට ඇත. අරගලය සදහා තාර්කික අවසානයක් නියම කොට එහි ජීවිභාවය උදුරා දමා අවකාශීය ඉඩ ඒකී මලකුණෙන් පුරවා දමා ඇත. අරගලයක තාර්කික අවසානය වමක් හො දකුණක් ගොඩනැගිම නම් එහි යටිපෙල අර්ථය වනුයේ අරගලකරුවා අරගලය යන්න මතුපිටින් කියවා ඇති බවකි. මක්නිසාද යත් අරගලය යනු ජෛවී පැවැත්මේ ස්වභාවික වරණයක් වන නිසාත් ඉන් විතැන් වු විට පැවැත්ම හා එහි සියඵ ගොඩනැගිම් බිදවැටෙන නිසාත්ය. ඉන් අප මේ මොහොතේ පවතින අරගලයන් නිෂේධනාත්මකව නොකියවන අතර  අප උත්සාහ කරනුයේ අරගල විශ්‍යයේ ලඝුබව පෙන්වා දිමටය.


අද්‍යතන ලාංකික සමාජය පැවැත්ම හා බැදුනු ස්වරූපයන් දෙකක් මුලිකව වරණය කරමින් සිටි. එනම් පාලක පැලැන්තිය හා බැදුනු පැවැත්ම හා ඊට විලොම පැවැත්ම වශයෙනි. පාලක පැලැන්තිය විසින් ස්වකීය පැවැත්මේ නිරන්තර අවිනිෂ්චිතතාවන් යටකර දමමින් ස්ථාවරත්වය සදහා සරත් ෆොන්සේකා සිරකරද්දි ඊට විලෝම පැවැත්ම නිර්මාණය වනුයේ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනිමේ ව්‍යාපාරය හරහාය. රාජපක්ෂවරුන්ගේ සුවිශේෂි සානුකම්පාව දුමින්ද සිල්වාට හිමිවද්දි ඊට එරෙහි පැවැත්ම ලකී අයියා සමග බැදි පවති. භුමියේ ඇත් මේ පැවැත්මන් එහි පැනනැගිමේ සවරූපයෙන්ම අන්තර් පෝෂනාත්මක ස්වරූපයක් උසුලනු ලබයි. එය සමාජයට ද්වී වරණයක් සම්මුඛ කරනු ලැබේ. එහි ප‍්‍රථිඵලය ලෙස ලාංකීය සමාජය ද්වීමානි ස්වරූපයෙන් සමතලාකරණයට ලක්කොට ඇත. පසුගිය ජනාධිපතිවරණයේදි රාජපක්ෂවරුන්ට එරෙහිව ෆොන්සේකා වේදිකාගත කරනුයේ මන්ද? රාජපක්ෂ දෘෂ්ටිවාදි අනන්‍යතාවයෙන් බිදිගිය ෆොන්සේකා ප‍්‍රතිපාක්ෂික අපේක්ෂකයා බවට පත්විමට අදාල වෛශයික කාරනාවන් බිහිවුයේ කෙසේද? මෙකි දේශපාලන චිත‍්‍රයේ හරස්කඩ තුල ඇත්තේ  ද සමතලාකරණයේ ප‍්‍රක්ෂේපිතය වන අතර එය අරගලකරුවන්ගේ අසමත්භාවය සහ නොගැඔුරත් විශ්‍ය ග‍්‍රහණය කර නොගැනිමත් විශද කරයි.


අරගලකරුවා යනු විරෝධාකල්ප සහිත සකස් කරන්නෙකි. නැතිනම් නැවත ගොඩනගන්නෙකි. ඔහු ඒකීයත්වය වෙනුවට බහුත්වය වරණය කරන්නෙකි. පවත්නා දෘෂ්ටිවාද සහ භාවිතයන් සමග අනවතර ගැටිමෙන් සවකීය අරගලයේ ජීවිභාවය පවත්වා ගැනිමට උත්සුක වන්නෙකි. එහෙත් ලාංකිය දේශපාලනික රැඩිකල්භාවය යන්න රූපිකව හදුනා ගැනෙනුයේ ජ.වි.පෙ ලෙසය. මිනිසාගේ අවිඥඥාණික ෆැන්ටසියේ  ලස්සන පැත්තට ප‍්‍රතිවිරුද්දව පිහිටා ඇති නපුර ඔහුගේ මානසිකත්වය සමබර කිරිමට අවශ්‍ය සන්ධර්භය සකසයි යනුවෙන් ස්ලොවැකියානු මනෝවිශ්ලේෂක ස්ලොවැක් ජිජැක් කියු ලෙසම ලාංකීය වම්මුන්ගේ අවිඥඥාණික ෆැන්ටසියේ ලස්සන සහ නපුර භෞතිකව ප‍්‍රක්ෂේපනය වි ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය බවට පත්වේ.  වම යන්න නිර්ණය කෙරෙනුයේ එ.ජා.ප. විරෝධි විම යන සරල නිර්ණායකය මත වන අතර පොදු සතුරා එ.ජා.ප. ය බවට පත්වේ. පීඩිත ගැමි තරුණයන් ගොනුකරගත් ජනතා විමුක්ති පෙරමුනට විකල්ප කාර්්‍යභාරයක් ඉටුකල හැකිද? ජ.වි.පෙ. උත්පාදනයේදිම  විකල්ප බලවේගයක් ලෙස ගොඩනැගිමේ ස්වකීය ශක්‍යතාවයන් වද කරගනු ලැබු අතර නෛසර්ගිකවම පවත්නා පසුගාමිත්වයන් අතිධාවනකාරි ස්වභාවයකට පත් කිරිමට නියම වුවක් විය. 


මාක්ස්වාදය ලාංකිය සුවිශේෂිතාවයන්ට ගැලපිය යුතුයැයි  රෝහණ විජේවිර ඉදිරිපත් කල සහ ජ.වි.පෙ. ලෑටිගාන ප‍්‍රවාදයම මක්ස් ලෙනින්වාදි සන්ධර්භයක් තුලම ප‍්‍රතිවිප්ලවවාදි වේ. පලමුවැන්න ද‍්‍රව්‍යාගේ විශ්ව්‍යාපි චලනය පාදක කොටගත් න්‍යායක් තුල ලාංකික සුවිශේෂිතාවයක් නිර්මාණය වන්නේ කෙසේද යන්නය. ටො‍්‍රස්කි නිවරුදිව සුත‍්‍රගත කල ලෙසම එය නොසම වර්ධන න්‍යායය ඒකාංශිකව කියවිමකි. රටවල් විවිධ මට්ටම් වලින් වර්ධනය වන අතර ඒවාටම අයත් වු විශේෂතා ඇත යන්න නොසම වර්ධන න්‍යායයි. එය ස්ටාලින්වාදි නැතිනම් තනි රටේ සමාජවාදයක් යෝජනා කරන්නකි. රෝහණ විජේවිරගේ ලුබුම්බාවේ අනුභූතින් මේ ප‍්‍රවාදය සදහා ඔහුව මෙහෙය වු බව සිතිය හැක. එහෙත් තනි රටේ සමාජවාදය ජාත්‍යන්තර වෙලදපොල යන්නට උඩින් ජාතිය ඔසවා තබන අතර එයම පසුගාමිත්වය සදහා පාර කපනු ඇත. රුසියානු විප්ලව ඉතිහාසයේ තුන්වැනි වෙඵමේ ටො‍්‍රස්කි තර්ක කල පරිදි නිර්ධන පන්ති විප්ලවය එල්ල කරන්නේ නිෂ්පාදන බලවේග වල පුද්ගලික දේපල හා ලෝක ආර්ථිකය ජාතික වශයෙන් කැබැලි කිරිම යන දෙකටම එරෙහිවය. 


ජනතා විමුක්ති පෙරමුණ ලාංකිය සුවිශේෂිතාවයන් ලෙස හදුනා ගන්නේ කුමක්ද? ජාතිය ද? ආගම ද? නැතිනම් විදේශ ධනේෂ්වරය විසින් උරුමකල අංගවිකල ධනවාදය ද? ඇදහීම ජානවලටම කාවැදුනු ජනතාවකට මාක්ස් ලෙනින් රූපයන් සහ දඩබ්බර චේ ඉදිරියේ තබා සුරුවම් කොට අදහන කේඩරයක් බිහි කිරිමට ජ.වි.පෙ. සමත් විය. මාක්ස්වාදි න්‍යායයන් මුලුමනින්ම අපසරණය කොට ව්‍යාජ රැඩිකල්භාවයක් තුල ධනපති ගහලයාට ගැමි තරුණයා වරක් නොව දෙවරක් බිලිදෙනු ලැබීය. මල්වෙඩි විප්ලව සහ සංදර්ශනාත්මක දේශපාලනික රැඩිකල්භාවයක් මිස ජ.වි.පෙ. සැබෑ ලෙසම මෙරට අධිපති දෘෂ්ටිවාදයන් සහ භාවිතයන් සමග නොගැටුනි. සාධාරණ හේතුන් මත නැගි ආ දෙමල අරගලය මුලිනුපුටා දැමිම සදහා ධනපති ආණ්ඩු සමග සභාග ගසා තමන්වද මර්ධනය කල ධනපති යාන්ත‍්‍රණයේ මුරබල්ලන් උසිගන්වා උතුරේ අරගලය අනුකම්පා විරහිතව පොඩිකර දැමිය. මෙකි ධනපති සභාග ජ.වි.පෙ.ට නුහුරු නුපුරුදු අත්දැකිමක් නොවන අතරම පන්ති අරගලය සහ සුරාකෑම ගැන දේශනා කරමින් සිංහල ජාතියට දෙමල ජනයා සුරාකැමට ඉඩහසර ඇති කරනු ලැබිය.


මධ්‍යගත අයොමය විනයක් සහිත කම්කරු පක්ෂයක් හරහා ධනපති නිෂ්පාදන බලවේග පෙරලා දමා කොමියුනිස්ට් සමාජයක් බිහිකිරිම පිලිබද මාක්ස් ලෙනින්වාදි ප‍්‍රවාදය ලාංකීය භුමිය තුල සත්‍යාපනය කිරිමේ අයෝමය අරගලයේ බර පවරාගනු ලබන්නේ ජ.වි.පෙ. ය. එහි විනය බවට පත්වන්නේ අරක්කු සිගරට් නොබොන බඩු නොගසන කේඩර්වරයෙකි. ඉතිහාසයේ සදාචාරවාදිම පක්ෂය ලෙස ජ.වි.පෙ. හදුනවා දිම අතිෂයෝක්තියක් නොවන්නාසේම එය සංස්කෘතික තලයේද් ජ.වි.පෙ. ආස්ථානයේ වික්ටෝරියානු නැඔුරුව හෙලිකරන්නකි. සිය නිෂේධනය කරන ලද ආදිතම ආශාවන්හි පෙළඔවිම් මත අසරණ වන ජ.වි.පෙ. සාමාජිකයා පරිභෝජනවාදය තුල තමාව සොයාගනුයේ මේ නිසාය. සිය විමතික සහෝරයන්ට පයින් ගසන පක්ෂයකට සහෝදර සමාජයක් බිහිකල හැකැකේ කෙසේද යන්න වම විසින් නැවත සිතා බැලිය යුතුව ඇත. 


ලාංකිය භුමිය තුල අරගලය විය යුත්තේ කුමක් ද යන්න පිලිබද නිවැරුදි සජීවි කතිකාවක් නොමැති අතර එය කන්නුනු විසින් කනා මුට්ටි බිදිම සදහා එල්ල කරන පහරවල් වල ස්වභාවයක් ගනි. ඒ තුල ඇතමුන් සිදුකරනුයේ විදේශිය පශ්චාත් මාක්ස්වාදින්ගේ වියමන් ගෙඩි පිටින් ආනයනය කරමින් එකී ආනයනයන්ගේ ලාංකීය පේට්න් බලපත‍්‍රය ලබා ගැනිම සදහා ලාංකීය භුමිය තුල අරගල කිරිමය. න්‍යාය සහ භාවිතයේ ඇති වැදගත්කම බැහැර කොට දමා ඇත. පොත් පිටින් ගිල පොත් පිටින් බහිෂ්කරණය කරන අරගලකරුවන් පිරිසක්  බවට ඔහුන් රූපාන්තරණය වි ඇත. රුසියනු සමුහ ගොවිපලවල් , දුෂේන්ලා , කොම්සොමෝල්වරුන්ගෙන් ස්වකීය ෆැන්ටසියේ ඉම පුරවාගෙන ඉන් සුරතාන්තයට පත්වන අදේශපාලනික කැරුලිකරුවන් පිරිසක් බිහිවි ඇත. 


බැටල් ටු ටෙරා නැමති සජීවිකරණය කරන ලද කාටුන් චිත‍්‍රපටියේද පෙල සැකසි ඇත්තේ සමාජයක් අභිමුඛ විකල්ප වරණය පිලිබද ගැටඵව සාකච්ජා කිරිම සදහාය. සීමිත ස්වභාවික සම්පත් අසීමිත ලෙස පරිභෝජනය කිරිමේ ප‍්‍රථිඵලයක් ලෙස ඇති වන සීමා ඉම ආසන්න ග‍්‍රහලෝක තුනක ප‍්‍රත්‍යන්ත ජනපද පිහිටුවම හරහා පෘතුවිවාසින් විසින් තාවකාලිකව ජයගනි. එහෙත් අවි තරගයේ ප‍්‍රථිඵලයක් ලෙස පෘතුවිවාසීන්ගේ ජෛවී සාධක සපුරාලු ග‍්‍රහලෝකයන් විනාශ වන අතර ඉතිරි වු සීමිත පිරිසක් සුදුසු වෙනත් ග‍්‍රහලොවක් සොයා සෞරග‍්‍රහ මණ්ඩලයේ සැරිසරයි. එහිදි හමුවන ග‍්‍රහලොවක් ටෙරා ලෙස නම් කරන ඔහුන් එය ආක‍්‍රමණය කිරිමට සුදානම් වේ. ඊට පෙර අවස්ථාවකදි අනතුරට භාජනය වන පෘතුවි යුධ ගගනගාමියකු ටෙරා තරුණියක් විසින් බේරා ගන්නා අතර එම ලුතිනන්වරයාට ඒ හරහා ටෙරාවාසීන්ගේ ජීවන පැවැත්ම පිලිබද අවබෝධයක්ද ලබාගත හැකිවේ. කෙසේවෙතත් පෘතුවිවාසීන්ගේ අවසාන අවස්ථාව ටෙරා ග‍්‍රහලෝකය ලෙස සලකන පෘතුවි යුධ ගගනගාමීන්ගේ අණදෙන්නා ටෙරා ජීවින්ගේ ජිවිත අයිතිය සමිපුර්ණයෙන් උදුරාගනිමින් ටෙරාවාසින් සමුලඝාතනය කොට පෘතුවිවාසිනට ටෙරා   ග‍්‍රහලොව දිනාගැනිමේ ආක‍්‍රමණය අරඔනු ලබයි. ටෙරා ග‍්‍රහලෝකයේ වෙසෙන ජීවින්ද අවි තරගය නිසා විනාශ වන්නට ගොස් සාමය තෝරාගත් ජීවින් පිරිසකි. ඇරෙඔන පෘතුවිවාසි ආක‍්‍රමණයත් සමග සිය ග‍්‍රහලෝකයේ ජීවි පැවැත්ම වෙනුවෙන් සටන් වදින්නට ටෙරා වැසියන් තිරණය කරයි. යුද්ධය ඇවිලි ගිය පසු ටෙරාවාසින් දැඩිපසුබෑමකට ලක්වන අතර ටෙරා තරුණිය විසින් දිවි බේරාගත් ලුතිනන්වරයා පෘතුවි ආක‍්‍රමණික මධ්‍යස්ථානය විනාශ කොට දමා යුද්්ධය අවසන් කරනු ලැබේ. එමෙන්ම ඔහු ටෙරා තරුණිය සිය ජිවිතය රැකගැනිමට ගත් ක්ෂුද‍්‍ර උත්සාහය සාර්ව මට්ටමට ගෙන ගොස් ටෙරා හා පෘතුවිවාසීන් යන සියල්ලන්ගේ ජීවි පැවැත්ම තහවුරු කරන විකල්ප මාර්ගයක් සොයාගනි. චිත‍්‍රපටියේ වියමන තුල මතු කෙරෙන පුද්ගල වීරයකු හරහා සියල්ල යථාතත්වයට පත්වුනේය යන්න බැහැර කලවිට එහි මතුකෙරෙන වරණය කරන විකල්පයන් හී  මානුෂවාදි බව අද්‍යතන සමාජ අරගලකරුවන්ට වඩා වැදගත් වනු ඇත. 


මේ මොහොතේ ලංකාවද පොදුවේ ලොකයද සම්මුඛ වී ඇත්තේ මේ විකල්පයන් පිලිබද ගැටඵවයි. වම සහ දකුණ හො එහි මධ්‍යස්ථය වු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකල්ප ලෙස හදුනා ගනිමින් සිටි. වමේ පැන නැගිම දක්ෂිණාර්ථය බිහිවීමේ නෛසර්ගික ප‍්‍රථිඵලයකි. දකුණට ප‍්‍රථිවිරුද්ධ පැවැත්ම වම විසින් නියෝජනය කරනු ලැබේ. එය ප‍්‍රාථමික අවධියේදි හොද සහ නරක , දෙවියන් සහ සාතන් ගේ රූපික විකාශනය නැතිනම් රූපාන්තරණයයි. වැඩවසම් යුගයේදි හො ධනේෂ්වරයේ මුල් කාර්තුවේදි පීඩක පන්තියේ මර්ධන යාන්ත‍්‍රණය පීඩිතයන් මත කි‍්‍රයාත්මක වද්දි පීඩක පන්තියේ තුවක්කුවට එරෙහිව පීඩිත පාන්තිකයාටද තුවක්කුව අතට ගැනිම හො අතහැරිම යන සරල වරණයක් පමනක් ශේෂ විය. එහෙත් අද්‍යතනයේ ගොඩනැගි ඇති සංකීර්ණ නිෂ්පාදන නැතිනම් සමාජ සම්බන්ධතාවයන් එබදු සරල වරණයක් ශේෂ නොකරනු ලැබේ. ධනේෂ්වරයේ ගතවු කාර්තුන් හීදි  දකුණ විසින් වම සුර ලෙස කළමනාකරණය කරගනු ලැබු අතර ඔද්දල් වන දකුණේ සම්බන්ධතාවයන්ට අදාල නැවුම්භාවය ඇති කරන නවෝත්පාදන බිහිකරන්නෙකු බවට වම පත්කරගනු ලැබීය. සෘජු පාලනය වක‍්‍ර පාලනයක් දක්වා විතැන් වු අතර සෘජු ආධිපත්‍ය විග‍්‍රහ කරගත් බුහුටි බවෙන්ම හෙජමොනික ආධිපත්‍ය  පිලිබද බහුතරය සවිඥඥාණික කිරිමට වම අපොහොසත් විය.


ලාංකීය හො පොදුවේ ලෝක මට්ටමින් සිදුවන අරගලයක් මතවාදි සහ න්‍යාය-භාවිතය දෙඅංශයෙන්ම සංයුක්ත වුවක් විය යුතුය. පවතින දෘෂ්ටිවාදයන් අද්‍යතන නිෂ්පාදන සම්බන්ධතාවයන් නැතිනම් ධනේෂ්වර මොඩලය තුල රූපිකව හැඩගැසි ඇතත් ඒ සියල්ල තුල සියඵ නිෂ්පාදන අවධීන්ගේ දෘෂ්ටිවාදිශේෂයන් පවති. දෙවියන් හො ආගමික සංස්ථාව ඒ සදහා කදිම නිදර්ශකයකි. එබැවින් ප‍්‍රථම ගැටිම සිදුවිය යුත්තේ මතවාදි තලයේදි පොදු දැනුම සමගය. විශේෂයෙන්ම ලංකාව වැනි පසුගාමි සමාජයක් තුල පොදු දැනුම සමග ගැටිම ප‍්‍රමුඛ හා මුඛ්‍ය කාරණාවක් වේ. සිදුවි ඇති සංකලිත වර්ධනය තුල ඇති වි ඇති හිඩැස් පිරවිය යුතුය. එය පුද්ගල කේන්ද‍්‍රීය සටනක් නොවිය යුතු අතර ඒ සදහා ගොනු විමක් ඇවැසිය. ගොනුවීම යනු පක්ෂයම නොවේ. අපගේ අභ්‍යුපගමය වනුයේ ප‍්‍රති සංස්කෘතික ගොනු විමක් ද අරගලයේ ගාමක බලවේගය ලෙස පෙරටුගාමි කාර්්‍යයක් ඉටුකල හැකි බවයි. සංස්කෘතික ප‍්‍රතිරෝධය ජනපි‍්‍රයවාදි දේශපාලන ප‍්‍රතිරෝදයකට වඩා ගැඔුරු හා තියුණු වුවකි.


ආදිකල්පික කැරුලිකරුවො නම් කෘතියේදි විප්ලව බොහොවිට පදනම්ව ඇත්තේ පාන් සහ වයින් මත බව අවධාරණය කරයි. විප්ලව කරනුයේ පාන් සහ වයින් සදහා නම් එය අර්ථශුන්‍ය වුවකි. මක් නිසාද යත් පාන් සහ වයින් ලද විට විප්ලවයේ අර්ථදැක්වු සියඵ මුඛ්‍ය අභිමතාර්ථයන් සෙසු අභිමතාර්ථයන් බවට පත්වි යටපත් වන බැවිනි. මින් අරගලකරුවා මෙහෙයවන ජීවි පේ‍්‍රරණයන් අප උපහාසයට ලක් නොකරන අතර එබන්දක් අරගලයේ විශ්‍ය පිලිබද ප‍්‍රාමාණික අවබෝධයක් නොමැතිකම සහ ඒ සදහා ඇවැසි සවිඥඥාණය ඇති කිරිමට ප‍්‍රයත්න නොදරනු ලැබිම දක්වා චලනය විය හැකිය. එබදු විටකදි පුද්ගලයාගේ අවිඥඥාණික මෙහෙය විම් පක්ෂ හො සංවිධානයන් අවස්ථාවාදි සහ පටු බල ස්ථාපිත කිරිම් සදහා මෙහෙයවනු ලැබේ. 


දකුණ ස්වකීය සතුරා ලෙස වම  සංජානනය කිරිමත් එහි විලෝමයත් හරහා සිදුවනුයේ පාර්ෂවයන් හි සියඵ ශක්තීන් ගොනුකොට ප‍්‍රතිවිරුද්ධ දිශාවන්ට චලනය කිරිමය. එහෙත් එකෙකුගේ ශක්තිය අනෙකා හදුනා ගනිමින් එයම ප‍්‍රයෝජනයට ගැනිම උපාය මාර්ගිකව වඩා සඵලදායි වනු ඇත. දක්ෂිණාර්ථය සිය ප‍්‍රජාතාන්ති‍්‍රක වපසරියන් තුල ඇති කරන්නා වු කි‍්‍රයා සන්තතීන් හරහා අරගලකරුවා ස්වකීය අරගලය සදහා ජෛවී සාධකයන් සපුරා ගතයුතය.


මාක්ස්  පන්ති සටන් ඉතිහාසය මත සිට ගනිමින් සුත‍්‍රගත කලේ නිර්ධන පාංතික විප්ලවය හරහා  ක‍්‍රමිකව කොමියුනිස්ට් සමාජයක් බිහිකිරිම පිලිබදවය. අධස්ථ ව්‍යුහය මත උපරි ව්‍යුහය තීරණය වන බවත් අධස්ථ ව්‍යුහය වෙනස් කිරිමෙන් උපරි  ව්‍යුහය වෙනස් කලහැකි බවත් මාක්ස්වාදිහු අවධාරණය කරති. එමෙන්ම පැවැත්ම ප‍්‍රාථමික වන බවද මාක්ස් අවධාරණය කොට ඇත. පැවැත්ම යනු සියල්ල ගොනු වීමකි. සංගත වීමකි. පැවැත්ම යනු ජිවත් විම නොවේ. ඉන් අධස්ථය ව්‍යුක්ත කොට සමස්ථය පූර්ණ ලෙස චලනය කල නොහැකිය.


ප‍්‍රති සංස්කෘතික ප‍්‍රවනතාවක් පාදක කොට ගත් අරගලයක් තුලදි එබදු උෘනනයන් බැහැර කරගත හැකි අතර පරිපුර්ණ නිදර්ශකයක් නොවුවද ඇමරිකානු සංස්කෘතියේ හිපි සංස්කෘතිය ඊට නිදර්ශකයකි. ධනේෂ්වරය ස්වකීය සංස්කෘතිය ගොඩනැගිම සහ ස්ථාපිත කිරිම ඇරඔුයේ වැඩවසම් නිෂ්පාදන අවධියේ සිටමය. ඉන් එලෙඔන ධනේෂ්වර ක‍්‍රමය සවිමත්ව භුමිය තුල ස්ථාපනය කරනු ලැබිය. එහත් ධනේෂ්වරය තුල ආර්ථික ශක්තියෙන් හීන නිර්ධකයාට එබදු සංස්කෘතික උරුමයක් ගොඩනුගිය නොහැකි බවත් මුඛ්‍ය වන්නේ පන්ති අරගලය සදහා සුදානම් වීමත්ය යන තර්කනයන්  මාක්ස්වාදීන් නිර්ධන පන්තියට සංස්කෘතියක් නැතයි යනුවෙන් සුත‍්‍රගත කලේය. එහි ප‍්‍රථිඵලය වුයේ විප්ලවයන් අවසානයේ නව සංසකෘතික මිනිසකු තනන්නට ගොස් විප්ලවීය ජවය සිද ගැනිමය.


අරගලයක අවසානයේ සදාකාලික සමාජ නිෂ්චලතාවයක් ඇතිවේයැයි හො ඉන් අනතුරුව අරගලකරුවාගේ භුමිකාව අවලංග වේයැයි සිතිමම විහිඵවකි. මක් නිසාද යත් අරගලය යනු පවත්නා තත්වයන් වෙනස් කිරිම පමනක් විශ්‍ය කරගන්නා ප‍්‍රපංචයක් නොවන නිසාය. එය පැවැත්මේ නිසග වරණයකි. සමාජ සම්බන්ධතාවන්හි ජීවිබව සහ තුල්‍යතාව පාදක වනුයේ අරගලයන් මතය. ඒ අනුව මාක්ස්වාදය යොජනා කරන කොමියුනිස්ට් සමාජය වනාහි ජීවි වායුව ඇදගන්නා ලද නිෂ්ක‍්‍රීය සමාජයකි.


අරගලයකදි පවත්නා සුරුවම් බිදනු ලැබේ. පවත්නා සුරුවම් බිදුනු ලැබුවො ඒ අනුහසින් සුරුවම් බවට පත්වෙන නිසාවෙන් බිහිවන අඵත් සුරුවම් බිදිම සදහා ද නැවත අරගල කල යුතුය. එබැවින් අරගල යනු බිදිම්  හා ගොඩනැගිම් හි අවිච්චින්නතාවයයි. 









Thursday, July 26, 2012

මල්වර දා



කිලෝ ගනනක් බර
පාසල් බෑගය
උහුලා
වද වින්ද
උරහිස්

තරුණ හා නාකි
ගැහැනු පිරිමින්ගේ
දහඩියට පෙගි
රලු ස්පර්ශයන්ගෙන්
ඉරිගිය
පුස් කෑ
සටහන් පොත්
වන පොත්
කරමින්
කලු ලෑල්ල පුරා 
චෝක් කැබැල්ලෙන්
කුරුටු ගාමින්
උලුක් කල
දඔරගිල්ලෙන්
ඔලුගෙඩියට තෙරපු
දැනුමෙන්
කකියන මස්තිස්කය

ගැටවර පිරිමින්ගේ
ලඔ දෙන ආසාවන්
පස්ස පැත්තෙන්
උහුලා
ලංගම යේ
තෙරපි තෙරපි
කෙඩෙත්තු වු
නොමේරු සිරුර

කොහු මෙට්ටය
මත
දිගෙලි කොට
බකමුණු හොරා් ගනනක්
පසුකොට
කුණු කෙල සමග
සැහැල්ලුවට 
විදාහල
දෙකකුල් අතර
තෙත් ගතිය
පිරික්සු 
ඇගිලිවල
ලේ පුසුඔ

කඩිමුඩියේ
සුදුහුණු උලා
පිරයම් කල
ගෙපැල
පොලියට ගත්
මුදලින්
ජයටම මගුල් කා
කිලියන්නට
කහ වතුරෙන්
සොදාහල
දෙතිස් කුණු
සහ
බිද දැමු
කල ගෙඩිය

සාය හැට්ටය
යටසාය
යටකලිසම
මදිවට
පැම්පස්
අන්දන
ගලායන
කුණු  ලේ
ඉතිරි කර ගත යුතුය
පොගන්නට
නැන්දම්මගේ
සුදු
සිල් රෙද්ද





Tuesday, July 24, 2012

විමලේ


වම 
දකුණ
අතර
අතරමන් වු
සෙස්සන්ට
ශුද්ධ වු 
වම
නුඔය

සිගිරියට ද නොගොස්
නුඔ ඇද්ද
දර දිය වලට
නොසැලකු උන්ට
උරුම විය
දෙකඩ වීමම

වීදිය බණ්ඩාර
පරපුරේ
ප‍්‍රවේණි උරුමයි
නුඔ

කොචොක් දමන
අමන
තරුණ කැලට
ටිකට් නැති
නාට්‍ය
බෝ ගනනක්
පෙන්නපු

ජෙල් තට්ටු
දියවි
මුහුණ පුරා
තෙලෙන් දෙන
දිස්නය
පිස දමන
ටිෂු කඩදාසිය
රට රකින
මතු පරපුරේ උරුමය

ජි-මේල් ද ගූගල් ද
ලප් තැනම ලොප් කර
බොම්බේ ලූනු නොකන
ඩොලර් දුටු විට
වමනේ  දමන

සුදෝ සුදු
සරම 
කමීසය
යටින් ඇති 
අමුඩය
අපේ 
හෙල උරුමය

අප ලන
බෙටි
මෙන් නොව
විමලේ
උඔ ලන
බෙටි ද
පුසුඔය දේශප්‍රෙමයේ

Monday, July 23, 2012

ෆොන්සේකා ගැලවුම්කරුලේ භුමිකාවෙන් ඇද දැමීම හෙවත් මහජන ව්‍යාපාර දෙපයින් සිටුවීම.


(පලමු සයිබර් මුදා හැරීම 2011-12-21)


ගහකොළ වල මල් ඵල හට ගන්නේ රාජපක්ෂවරුන්ගේ පිං මහිමය නිසායැයි පසුගියදාක මර්වින් සිල්වා ප‍්‍රකාශ කලේය. ඊට විපරීත ලෙස පසුගිය වකවානුවේ ඇතිවු සියඵම ස්වභාවික උපද‍්‍රවයන්ට පාදක වුයේ මහපොලොව පවා නුහුලන ලෙස සරත් ෆොන්සේකාට දුන් දඩුවම නිසායැයි විපාක්ෂිකයින් කියන්නට යෙදුනි.


එලෙස සියඵ දේශපාලන ගතිකයන්ගේ වෛශයික සාධකයන්ගෙන් විගමිත වෙමින් දේශපාලන චලිතයන් පිං පව් නැතිනම් දේශපාලන පාරභෞතිකයන්  මත කිරා මැනෙද්දි රාජපක්ෂවරු සුර ලෙස සමස්ථ රාජ්‍යම අවශෝෂණය කරගනිමින් සිටී. යුධෝන්මාදය , ජාතේ‍යාන්මාදය තුල සමස්ථ රාජ්‍යම ගිල්වා බහුජනතාව ඒ මත රමණයේ යෙදෙන්නට සලස්වා ඇත. මීට අවුරුදු කිහිපයකට පෙර පොදු මහජනතාව අතර අඥාත පුද්ගලයකු වු සරත් ෆොන්සේකා කරලියේ දිදුලන තරුවක් බවට පත්වන්නේ එකි රමණයට පිං සිදුවන්නටය. ෆොන්සේකා නැමති යුධ වීරයා (?* දේශපාලනික වශයෙන්  ඔසවා තැබු පක්ෂ සහ සංවිධානයන්ට ස්වකීය අභ්‍යන්තර අර්බුධයන් අභිමුඛව ඔහු දෙවනි පන්තියේ විශ්‍යයක් බවට පත්වද්දී එදිනෙදා වේල පිරිමසා ගන්නා විචාරකයින් හරහා සරත් ෆොන්සේකා භාවතිෂය විශ්‍යයක් බවට පත්වීමද අරුමයක් නොවේ.


සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත ප‍්‍රතිෂ්ඨා වු වර්ගවාදි සහ ශුද්ධ දෘෂ්ටිවාදය අක්මුල් නොමැතිව ඔ්පපාතිකව පහල වුවක් නොවේ. යටත් විජිත විරෝධි අරගලයන්  හරහා තියුණු සහ මුවහත් ස්වභාවයක් අත්කරගත් එය යටත් විජිත යුගයෙන් පසුවද ක්‍රොම්පදෝරු සහ ජාතික ධනේෂ්වරයේ වංසක්කාර ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍යයේ ප‍්‍රධාන මතවාදය වශයෙන්ද සුවිශේෂි වැදගත්කමක් උසුලනු ලැබේ. පාලක පන්තීන් විසින් උපක‍්‍රමිකව ඉතා සීරුවෙන් හැසිරවු මෙම දෘෂ්ටිවාදය නිර්ලජ්ජිත ප‍්‍රදර්ශනකාමි ස්වරූපයෙන් ඔජදැමිම සිදුවුයේ සුඵ ධනේෂ්වර ජනතා විමුක්ති පෙරමුණේත් ලුම්පන් හෙල උරුමයේත් බෞද්ධ සංස්ථාවන්හී ඝේෂාකාරි ප‍්‍රචාරකවාදීනුත් හරහාය. වාර්ගික සහයෝගය සදහා ධනේෂවරයේ ප‍්‍රයත්නයන් පවා වර්ගවාදින් විසින් සාර්ථකව අපසරණය කරනු ලැබුවේද රාජ්‍යයේ දෘෂ්ටිවාදය වර්ගවාදි ආස්ථානයක් ගත් නිසාවෙනි.


පාලක පන්තින්ගෙන් බැහැරව වර්ධනය වු සිංහල ස්වෝත්තමවාදි දෘෂ්ටිවාදය සහ පාලක පන්තින් නියෝජනය කල එම දෘෂ්ටිවාදය අතර ප‍්‍රධාන ඛණ්ඩනය වුයේ පාලක පන්තිනගෙන් බැහැර වු කණ්ඩායම් එය අති ධාවනකාරි ස්වභාවයකින් හසුරුවනු ලැබිමය. රාජපක්ෂ හරහා සිදුවුයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි දෘෂ්ටිවාදය නඩත්තු කල සියඵ පාර්ෂවයන් සිය පාලනය තුලට උරාගැනිම සහ ඒ හරහා ඔහුන්ගේ අනන්‍යතාවයන් දියකර දමමින් එම දෘෂ්ටිවාදයේ මුලික ප‍්‍රභවය බවට රාජපක්ෂවරුන් පත්විමත්ය. ඒ හරහා රාජ්‍යයේ සිඵ පාර්ෂවයන්ට රාජපක්ෂ දෘෂ්ටිවාදය සමග අනන්‍යවිමට බලකෙරෙනු ලැබිය.


රාජපක්ෂවරුන්ගේ බල ස්ථාපනයට දැඩිලෙස පාදක වුයේ යුධ ජයග‍්‍රහණයයි යන්න එකි දේශපාලනය ලඝු කෙරෙන පටු විචාරයකි. ඔහුන්ගේ බල මුලයන් ස්ථාපනය විමේදි ප‍්‍රාථමික අදියරේදි දෘෂ්ටිවාදි තලයේ ඔහුන්ගේ අත්පත් කරගැනිම්  ගාමක බලවේගය ලෙස කි‍්‍රයාත්මක වුනි. ලාංකීය දේශපාලනය තුල හෙජමොනික ආධිපත්‍ය රාජපක්ෂවරුන් දෘඩතරව ස්ථාපිත කල අතර එය සාර්ථකව වර්ධනය කරමින්ද සිටි. එකි දේශපාලන රූපයේ ස්වස්ථදායිභාවය රාජපක්ෂවරුන්ට එරෙහිව වරණය කරනු ලබන දේශපාලනික විකල්පයන්ගේ (?* සීමාමායිම් පවා රාජපක්ෂ නැමති මහා සාධකය හරහා නිර්ණය විමෙන්  ම විශද වේ.


යුද්ධය සදහා ඇවැසි දෘෂ්ටිවාදි පසුබිම අත්තිවාරමේ සිට ගොඩනැගිමට රාජපක්ෂවරුන්ට සිදු නොවුනි. ඔහුන් කලේ පැවැති දෘෂ්ටිවාදයන් වඩා සවිමත් කිරිම සහ පුඵල් විසරණයකට පාත‍්‍ර කිරිමත් ඊට ප‍්‍රතිපක්ෂ සියඵ දෘෂ්ටිවාදයන් සිංහලයා මුල්කොට ගත් දාෂ්ටිවාදය තුලට සාර්ථකව උරා ගැනිමත්ය. පීඩිත දමිල අරගලය දරුණු ලෙස පාගා පොඩිපට්ටම් කර දැමිමෙන් අනතුරුව දෘෂ්ටිවාදයේ ප‍්‍රායෝගිකත්වය භූමිය තුල රාජපක්ෂවරුන් හරහා සත්‍යාපනය වු අතර එය ඔහුන්ගේ බල ස්ථාපනයේ ද්විතික අදියරයි. පැහැදිලි ලෙසම සිංහලයා උත්කර්ෂයට පත් කරන ලද යුධෝන්මාදවාදි මතවාදය සමග විකල්ප මතවාදයක් දකුණේ හො උතුරේ නිෂ්පාදනය නොවු අතර එහි අවසාන ප‍්‍රථිඵලය වුයේ පශ්චාත් නන්දිකඩාල් ලංකාව තුල රාජපක්ෂවරුන් සහ සිංහල ස්වෝත්තමවාදයත් අසහායත්වයට නිරවශේෂයෙන්ම පත්විමය. සිංහල ආධිපත්‍යට අතුල් පහර දෙමින් වර්ධනය වු උතුරු ප‍්‍රවනතාව ජාතික රාජ්‍ය තුල සිංහලයන්ගේ විශේෂයෙන්ම සුඵ ධනේෂ්වරයින්ගේ ධ්වජභංගයට හේතු වු අතර රාජපක්ෂ හරහා ජාතික රාජ්‍යයේ සිංහල ආධිපත්‍ය ප‍්‍රතිෂ්ඨා කිරිම රාජපක්ෂවරුන් ගැලවුම්කරුවන් තෙක් විස්ථාපනය විමට තරම් ප‍්‍රබල විය.

එහි නිසග ප‍්‍රථිඵලය වුයේ රාජ්‍ය සහ පුරවැසි කි‍්‍රයාකාරිත්වය ඇතුඵ සියඵ කි‍්‍රයා සන්තතින් සිංහල ස්වෝත්තමවාදය තුල වැඩිය යුතු අතර රාජපක්ෂවරුන්ට එරෙහි බල අරගලයක් පවා එකි දෘෂ්ටිවාදයෙන් විගමිතව සිදුවිය නොහැකිය යන ලඝු හුවා දැක්විම ශේෂ විමය. රාජපක්ෂවරු භුමිය තුල ලද යුධ ජයග‍්‍රහණය රාජ්‍යයේ සියඵ පක්ෂ , සංවිධාන හා පුරවැසි පදනම් පුපුරුවා දැමු අතර සියල්ල රාජපක්ෂ සංස්කෘතියකට තල්ලු කර දමනු ලැබිය. රාජපක්ෂ සංස්කෘතිය යනු රාජපක්ෂවරු හරහා ගොඩනැගෙන දෘෂ්ටිවාදි සහ භුමියේ ස්ථාපිත වීම් යන සියල්ලේ ෙඓකයයි. රාජ්‍ය සහ රාජපක්ෂවරු යන්න ඒකත්වයට පත් වු අතර මුඵමහත් රාජ්‍යම රාජපක්ෂ සංස්කෘතියේ අයෝමය ග‍්‍රහණයෙන් වෙලා සියල්ල රාජපක්ෂවරුන් සමග අනන්‍ය කරනු ලැබිය. ඉන් අනතුරුව සිදුවන සියඵ දේශපාලන චලිතයන් ඉන් පිටුබලය ලත් හො ඉන් පැනනැගුනු ඒවාවේ. පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපාක්ෂිකයා රනිල් වික‍්‍රමසිංහයන් නොවි සරත් ෆොන්සේකා බවට පත්වුයේ එහි ප‍්‍රථිඵලයක් ලෙසය. රාජපක්ෂවරුන්ගේ යුධ ජයත් ,ජාතිය සහ ආගම කේන්ද‍්‍ර කොටගත් පසුගාමි දෘෂ්ටිවාදයත් ඊටත් වඩා රාජපක්ෂ සංස්කෘතියටත් විකල්පයක් එ.ජා.ප. යට හො රනිල් වික‍්‍රමසංහයන්ට නොවු අතර ව්‍යාජ සාමවාදි ඇගඵම් උනා දමා නිරුවතින් සිල්ලර යුධෝන්මාදය තුල රගන්නටත් ඊටත් ශෝචනීය ලෙස ස්වකීය පක්ෂයේ ගෙල සිරකරමින් රාජපක්ෂකරණය විමටත් සිදුවිය. ග‍්‍රාමිය තරුණකැල පදනම් කරගත් අවස්ථාවාදි සුඵ ධනපති උපනතීන් සහිත ජ.වි.පෙ. රාජපක්ෂ දෘෂ්ටිවාදයේ පූර්ව හිමිකරුවකුත් එකි පාලක තන්ත‍්‍රය බිහිකිරිමේ  කාර්්‍යභාරයට උරදුන් සුපිරි පාර්ෂවකරුවකුත් වන අතර රාජපක්ෂ හො එකි සංස්කෘතියට විකල්පයක් හො ප‍්‍රබල විරෝධාභ්‍යාසයක් දැක්විමට හො ජ.වි.පෙ. ට ශක්‍යතාවක් නොමැත. රාජපක්ෂවරු ඔසවාගෙන යන ජාතිවාදි ධජය ජ.වි.පෙ. ද හිිරිකිතයකින් තොරව දරා සිටින අතර එය බිමදමා පාගා පොඩිපට්ටම් කොට ස්වයං විවේචනයකට ජ.වි.පෙ. එලඔිය යුතය.  මෙකි සියඵ පාරිසරික සාධකයන්ගේ අවසාන නිමවුම වුයේ යුධෝන්මාදය තුල රමණයේ යෙදෙමින් හුන් බහුජනතාවගේ සූරතාන්තයේ කල් දික්කරනු වස් ප‍්‍රතිපාක්ෂිකයා බවට ෆොන්සේකා පත් කිරිමය. ජනාධිපතිවරණයේදි දෙපාර්ෂවයම අලෙවි කලේ යුද්ධය සහ වීරත්වයයි. නැතිනම් ජාතියක් ලෙස රාශිගත වෙමින් සිංහලයා විසින් දරුණු ලෙස සුරාකන ලද පාගාදමන ලද මර්ධනය කරන ලද දමිල ජනතාවගේ පෙරලා පහර දිමේ  ප‍්‍රකාශනය වු කැරලිකරුවන් ඝාතනය කොට දැමු යුධ සංස්කෘතියේ හිමිකාරිත්වයයි. එහි දේශපාලනික නියමුවා සහ සටන් නියමුවා අතර වු තරගයෙන් දේශපාලන නියමුවාත් ඔහුගේ පවුල් සංස්ථාවත් ජයගනු ලැබිය. සමස්ථ ජනාධිපතිවරණයම දකුණ , පෞර්ෂය , පිරිමිකම , සිංහලකම අතර දෝලනය වුවක් විය. එහිදි ජනපි‍්‍රයවාදි මහජන පදනමක් සහිත දේශපාලන නායකත්වයේ ජයග‍්‍රහණය අභව්‍ය වුවක් නොවේ.


ජනාධිපතිවරණයෙන් එලෙඔන කාලය තුල සරත් ෆොන්සේකා කේන්ද‍්‍ර කරගත් මර්ධනය ඔහු මත අනවතරව කි‍්‍රයාත්මක වේ. එය රාජපක්ෂ පාලනයේ පැසිස්ට් ස්වරූපය ගම්‍ය කරන්නකි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි පැසිස්ට් රාජපක්ෂ පාලනයට එරෙහි විපාක්ෂික බලවේගයන් සංචිත වනුයේ සරත් ෆොන්සේකා වටාය. සරත් ෆොන්සේකා නිදහස් කරගැනිමේ ව්‍යාපාරය ද නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂ දෘෂ්ටිවාදයන් පෝෂණය කිරිම ට‍්‍රැජි කොමඩියකි. යුධකාමියකු ජාතිවාදියකු වෙනුවට එවැනිම යුධකාමියකු ජාතිවාදියකු  වරණය කෙරෙන දේශපාලනික විකල්පයක(?* අවශ්‍යතාව පටු බලය අල්ලා ගැනිමේ අභිලාෂයන් මිස අන් කවරක්ද?


ජනාධිපතිවරණයේ ප‍්‍රතිපාක්ෂික අපේක්ෂකයා ලෙස ස්වකීය ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් පරිහරණය කල සරත් ෆොන්සේකාට එරෙහි මර්ධන ව්‍යාපාරයට ප‍්‍රතිරෝධතා දැක්විය යුතුවාක් මෙන්ම එකි ප‍්‍රතිවිරෝධිතාවයන්හීදි අවස්ථාවාදි ලෙස ෆොන්සේකා නැමති විශ්‍ය විචාරක්ෂියෙන් බැහැර වු ශුද්ධ වු තලයක උත්තරාරෝපණය කිරිමද  එලෙසින්ම හෙලාදැකීය යුතුය. ස්වකීය ධනේෂ්වර අභිලාෂයන් මුදුන්පත් කරගැනිමේ රාජ්‍ය ඒකාබද්ධ කිරිමේ මෙහෙයුම් යටතේ උතුරේ මෙන්ම දකුණේද භීෂණය ක‍්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් රාජපක්ෂවරු මෙන්ම ඔහුන්ගේ මර්ධණ යාන්ත‍්‍රණයේ හිටපු ප‍්‍රධානියා වු සරත් ෆොන්සේකාද එකසේ වරදකරුවන්ය. මානුෂවාදී වාග්ලංකාරයෙන් සරසවා දකුණේ යුධකාමින් සුරතාන්තයට පත්කරමින් උතුරේ පීඩිත ජනයා මත කි‍්‍රයාත්මක වු හමුදා මැදිහත්වීම් එහි සිදුවු මනුෂ්‍ය ඝාතනයන් , ස්තී‍්‍ර දුෂණයන් මෙන්ම අද වනවිට නැවත වටයකින් බලහත්කාරි සිංහලකරණයෙන්ද මිලිටරි පාලනයන් මගින් උතුර සමතලා කරදැමීම තෙක්ද එහි සියඵ සමපේක්ෂණයන්ටද රාජපක්ෂවරු මෙන්ම ෆොන්සේකාද උන්ගේ දෘෂ්ටිවාදයේ අනුකාරකවාදි ජනරැලද වරදකරුවන්ය. දෙමල ජනතාවගේ ස්වං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනිසිටි බාහු(සහෝදරයා* වැන්නවුනද ෆොන්සේකා ගෞරවණීය අයකු බවත් ආණ්ඩුව ඔහුට මඩගසන බවත් ප‍්‍රකාශ කරමින් කොන්ද කඩාගැනිම රාජපක්ෂ පාලනයේ සංස්කෘතියට එකි පාලනයේ විරෝධතාකරුවන්ද අවශෝෂණය විම පෙන්වන කදිම නිදර්ෂකයකි.

ලාංකේය භුමිය දේශපාලනික සින්නක්කර ඔප්පු මගින් ප‍්‍රධාන පක්ෂ දෙකකට බෙදාදී ඇති අතර සුපුරුදු අවස්ථාවාදි ලෙසම සියඵම සංශෝධනවාදින් , ප‍්‍රතිසංස්කරණවාදින් එකි බල ව්‍යුහයන් තුලම එල්ලි සිටි. දාහත් වසරක එ.ජා.ප. පාලනය පෙරලා දැමිමේ  විවිධ පාරශවයන් සංචිත වු ව්‍යාපාරයද අවසාන වශයෙන් වරණය කරනු ලැබුවේ  බණ්ඩාරනායක ලේ උරුමය සහිත විජේකුමාරතුංගයන්ගේ වැන්දඔුව වු චන්ද‍්‍රිකාය. එකි වරණයේ ප‍්‍රථිඵලය වුයේ එම ව්‍යාපාරය විසින් ගොඩනැගු හඩනැගු සියඵ යහප‍්‍රවණතාවයන් චන්‍ද‍්‍රිකා හරහා දුෂණය විමය. රාජ්‍ය බලය නැමති ප‍්‍රපංචය මත සියල්ල ඝනීභූත කිරිම නැතිතම් රාජ්‍ය පාලන බලයෙන් වියුක්තව යහපාලනයක් ගොඩනැංවිය නොහැකිය යන ප‍්‍රතිසංස්කරණවාදි මිත්‍යාවෙන් ප‍්‍රතිෂ්ඨාපිතව බලය ස්ථාපිත කිරිම නැමති පටු අවස්ථාවාදි අරමුණින් මෙහෙයවන සංවිධානයන් ජනපි‍්‍රයවාදි හො ප‍්‍රචාරකවාදි ශක්‍යතාවයක් සහිත කේවල පුද්ගල චරිත මත සංකේන්ද‍්‍රණය වේ. තමන්ගේ පදනම් ගොඩනගා ගැනිම්  පිලිබද සංශයම ඔහුන් ගතානුගතික ප‍්‍රතිගාමි ජනපි‍්‍රය නායකයකු වටා සිය ගොඩනගා ගැනිම් අවසානයේ සංකේන්ද‍්‍රණය කරගනි. එහිම අවියෝජනීයතාවයන්ට මුහුණදෙමින් සංවිධානයන් ලෙස පෙනි සිටි සියඵ සාරාර්ථයන් නායකත්වයට බිලිදෙනු ලැබේ. එය ධනේෂ්වර රූපි ප‍්‍රතරෝධයන්හි නිසගතාවයකි. රාජපක්ෂවරුන්ට එරෙහි ගොඩනැගෙන විරෝධයන්ද බලය පාදක කොටගෙන ෆොන්සේකා මත ලඝුවීමද එහිම දිගුවක් වන අතර එය අතීතයන්හි ප‍්‍රථිඵල වලම පුනරුච්චාරණයක් වනු ඇත. 


රාජපක්ෂවරුන්ට හා එකි දේශපාලනයට විරුද්ධ ව්‍යාපාරයක් පුර්වාවශ්‍යතාවක් ලෙස රාජපක්ෂ දේශපාලනය නිවරුදිව කියවාගත යුතුය. පාලන තන්ත‍්‍රයක් ලෙස පැසිස්ට්වාදය ජර්මනිය තුල ස්ථාපිත වීමට පෙර ට්‍රොස්කි විසින් පැසිස්ට්වාදය සුත‍්‍රගත කල ආකාරය මෙහිදි වැදගත් වේ.  ‘පැසිස්ට්වාදය විවිධ රටවලදි විවිද වෙස් ගන්නට පුඵවන. සමාජ සංයුතිය අතින් එය විවිධාකාර විය හැකිය. එහෙත් සාරය වශයෙන් ගත්කල්හි පැසිස්ට්වාදය වනාහි තර්ජනයට ලක්වු ධනේෂ්වර සමාජය සිවිල් යුද්දයකදි නිර්ධන පන්තීන් පලවා හැරිම සදහා ඉදිරියට දමනු ලබන භට කණ්ඩායමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාර්ලිමේන්තු රාජ්‍ය යාන්ත‍්‍රණය එහිම අභ්‍යන්තර විරෝධයන් තුල පැටලෙත්ම ධනේෂ්වර නීතිය ධනේෂ්වර පන්තියම බන්ධනයේ හිරකරත්ම ධනේෂ්වර පන්තිය තමා සතු ඉතාමත්ම සංග‍්‍රාමකාරි කොටස් නීතිමය බන්ධනයෙන් මුදා බලයේ හා ත‍්‍රස්තයේ සියඵ විධික‍්‍රමයන් උපයෝගි කරගැනිමට බලනොට උසිගන්වා වැඩට බස්වයි. පැසිස්ට්වාදය යනු එයයි. මෙකි සංරචකයන්ගෙන් එකකට වැඩි ගනනකට සමාජයක් ලෙස අප මුහුණ දෙමින් සිටි.


උතුරේ කැරලිකරුවන් දකුණ මත ඇති කල පීඩනයත් ධනේෂ්වරය හරහා දකුණ මුහුන දුන් පීඩනයත් යන සකලවිධ පීඩනයන්ට මැදිව සිටි දකුණු ජනයා විශේෂයෙන්ම එහි ගොවින් , සුඵ ව්‍යාපාරිකයින් , මැද පන්තියේ වෘත්තිකයින් යනාදි වු සුඵ ධනේෂ්වරයින් ස්වකීය සුඵ ධනේෂ්වර සහ ලුම්පන් නියෝජිත පක්ෂ සහ සංවිධානයන්ගේ දේශාභිමානි පුරසාරම් වලින් ආඪ්‍යවද පන්තිමය පීඩනයෙන් බැහැරවද ජාතියක් ලෙස අනාරක්ෂිතය යන ගොබෙල්ස් ප‍්‍රචාරකවාදයෙන් පරිපීඩිතවද ගැලවුම්කරුවාගේ භුමිකාව රාජපක්ෂ වෙත ආදේශ කරන ලදි.  එබවින් රාජපක්ෂවරු ආවේගශීලිව මෙහෙයවිය හැකි සුඵ ධනේෂ්වරයින් මත ප‍්‍රධාන කොටම පයගසා සිටින අතර ජාතිවාදය තොරොම්බල් කරමින් සිටි. උතුර පෙන්වා වර්ධනය කරගත් ශක්තිමත් මිලිටරි යාන්ත‍්‍රණයකින් ද ධනේෂ්වර දේශපාලන සංස්කෘතියේ නිසග මැර කණ්ඩායම් වලින්ද එය සන්නද්ධය.දේශපේ‍්‍රමි සහ දේශදෙ‍්‍රා්හි යන ධ‍්‍රැවීයකරණයන් ඉතා ශක්තිමත්ව සහ මහජන පදනමකින් යුක්තව රාජපක්ෂවරු වර්ධනය කල අතර ස්ව පාලන තන්ත‍්‍රයට ඇති විරෝධතාවයන් මැඩපැවත්තිමට එය උපයෝගි කර ගන්නා ලදි. එය ක්ෂණික සහ රාජපක්ෂ පාලනයට හිතකර ප‍්‍රථිඵල ගෙන දුනු අතර දේශදෙ‍්‍රා්හි විමෙන් ස්වකීය පැවත්ම තර්ජනයට ලක්කර ගැනිමට අකමැති වු සියඵම පාර්ශවයන් මැදමුලන පවුල් පාලනය වටා සංකේන්ද‍්‍රණය කර ගැනිමට  එය උපස්ථම්භක විය. විරුද්ධ ජන මතයක් හැසිරවු මාධ්‍යකරුවන් සහ මාධ්‍ය ආයතන වලට දැඩි පීඩනයක් එල්ල කල අතර ඇතමුන් අධි ආරක්ෂිත කලාප තුලදි සුදු වෑන්රථ වලින් අතුරුදහන්විමේ   ද නන්නාදුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය විමේ  ද ඉරණම් ලැබුහ. තවත් මාධ්‍ය ආයතන ගිනිබත් කරන ලදි. රාජ්‍ය සොල්දාදුවා උත්තරීතර සහ ගෞරවණීය මිනිසෙකු කල අතර මහනෙල් මලින් ඔහුන් පුදනා මුග්ධ සංස්කෘතියක් නිර්මාණය කලේය. යුද්ධය ආර්ථික පීඩනයෙන්ද ධනේෂ්වර අතිධාවනකාරි ජිවිතයෙන්ද හෙම්බත්ව සිටි දකුණට තාවකාලික ආස්වාදයක්ද පාලකයින්ට , නිළධාරීන්ට , සැපයුම්කරුවන්ට සහ අවශේෂ සියඵ පාර්ශවකරුවන්ට පතොරමේ  සිට බත් පැකැට්ටුව දක්වා කොමිස් මුදල් ද ගෙනාවේය. ව්‍යාජ ධනේෂවර සාමවාදින්ගේ පැවත්ම අහොසි කොට ඔහුන් නිරුවත් කොට ඔහුන්ගේ නග්න යුධකාමය නිරාවරණය කලේය. 


මහින්ද රාජපක්ෂ ස්වකිය අනාරක්ෂිතතාව ඥාති සමුහයක් තමා වටා සංකේන්ද‍්‍රණය කරගැනිමෙන් දියකර හරින ලදි. පුද්ගලාභිවන්දනය , ප‍්‍රශස්ති ගී , දියසේන වීරඛ්‍යානයේ පුනරාගමනය ලෙස රාජපක්ෂයන් අභිවන්දනය කරනු ලැබේ. ජාතියත් ආගමත් රටත් යන සියල්ල රාජපක්ෂයන් සමග අනන්‍ය කොට ඇතිවාක් මෙන්ම ඒ සියල්ලේ අසහාය ආරක්ෂිතයා ඔහුය. රාජපක්ෂවරු විවේචනය නොකලයුතුවාක් මෙන්ම එසේ කරනු ලබන්නේ කොටි සංවිධානයෙන් හො දමිල ඩයස්පෝරාවෙන් මුදල් ලබාගත් දේශදෙ‍්‍රා්හින්ය. ඔහු නාමල්ගේ පමනක් නොව සියඵ පුරවැසියන්ගේ පියාවන බැවින් පීතෘවාභිවන්දනය කල යුතුය. කෙටිකල හොත් රාජපක්ෂ යනු හිට්ලර් කෙනෙකි. සුද්දන් විසින් බලෙන් ඉවත් කල අතීත සුරාකෑමෙන් විභුශිත හෙල වැඩවසම් රාජ්‍ය ඉත සිතින්ම පතන පනාපුත‍්‍ර කලකරුවන්ගේද එහි වැඩවසම් අධිපතීන් විමට සිටන මර්වින් සිල්වලාද බුද්ධිහීන ජනරැලද එක්ව දැනටමත් රාජපක්ෂ මෞලිමංගල්‍ය සිදුකොට හමාරය.කැළණිය මර්වින්ට , මීගමුව ලන්සාට , කොලොන්නාව දුමින්දට ලෙස මැරයින්ට ප‍්‍රත්‍යන්ත නින්දගම්  හි පරවේණි උරුමය ලබාදී ඇත. ඔටුන්න හිමි කුමරා ලෙස නාමල් අභිසෙස් කොට පිය-පුතු බලවාදි සිතියම ගොඩනගා අහවරය. නෙඵම් පොකුණේ සිට අඵත් පරණ භේදයකින් තොරව සියල්ල මහින්ද රාජපක්ෂ නමින් නාමකරණය වේ..


අධිකරණය , පාර්මේන්තුව ආදි සියඵ ප‍්‍රජාතන්තී‍්‍රය ආයතන නාමික ආයතන නැතිනම් රාජපක්ෂවරුන්ගේ නුල් මෙහෙයවිමෙන් චලනය කෙරෙන රූකඩ බවට රූපාන්තරණය කොට ඇත. පාර්ලිමේන්තුවේ ඇත්තේ සෝභිත ස්ථවිරයන් කියන්නා සේ "තැන්නේ මහත්වරුන්ය". වැටුප් වැඩිකිරිම් වැනි සිල්ලර උපායන් මගින් රාජ්‍ය සේවයෙන් නැගි ආ හැකි විරෝධයන් දියකර දමා ඇති අතර ඌණ උපයෝජිත හා ඌණ කාර්්‍ය සාධන පනත මගින් ඉහල ධනේෂ්වරයද සොලවා දැමු අතර ඉන් ප‍්‍රධාන විපක්ෂය වන එ.ජා.ප. යේ මුල්‍ය ප‍්‍රභවයන් අවහිර කර දමන ලදි.


රාජපක්ෂවරුන්ට බලය ඉක්මනින්ම අතහැරිමේ  වුවමනාවක් හො පක්ෂ , සංවිධාන , පුද්ගලයින් සමග බලය බෙදා ගැනීමේ  වුවමනාවක්ද නොමැත. පුද්ගලයින් හො සංවිධාන කොන්ඩම් තියරිය මත උපයෝජනය කෙරෙන අතර සාරය උරාගත් පසු හො යම් විරෝධතාවයක් මතුකල විට කුණු කුඩයට දමනු ඇත. යම් මට්ටමක මර්ධන කි‍්‍රයවලියක් තුල , ඇති කරගනු ලැබු ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වෙය උපස්ථම්භකත්වයෙන් හැකිතාක් දුරට පාලන කටයුතු මෙහෙය වීමට රාජපක්ෂවරු ප‍්‍රයත්න දරනු ඇත. ස්වකීය බල ස්ථායිථාවයට ප‍්‍රබල අනතුරක් නොමැති බැවින් රාජපක්ෂවරුන්ගේ මර්ධන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වනුයේ තෝරාගත් කොටස් මත පමණි. එහෙත් ස්වකීය පාලන තන්ත‍්‍රයේ අස්ථාවරත්වයට හේතුවන හො අනාරක්ෂිතතාවයට ඇද දමන හො සංශයක ශේෂමාත‍්‍රයක් ඇති වු විට රාජපක්ෂවරු සමස්ථ රාජ්‍ය පුරාම එකසේ මර්ධනයත් භීෂණයත් කි‍්‍රයාත්මක කරනු ඇත.


සරත් ෆොන්සේකා සම්බන්ධ අධිකරණ කි‍්‍රයාදාමය දූෂිතයැයි ප‍්‍රකාශ කරන්නවුන් ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යාජයන් එහිම පැසිස්ට්වාදය මගින් නිරුවත් කර දමන බව අමතක කොට ඇත. ලාංකේය බොහො මහජන ව්‍යාපාරයන් පුද්ගල කේන්දී‍්‍රය විජ්ජාකාරි පරිවර්ථනයන් ගැන විශ්වාසය තබාගනි. මහින්ද වෙනුවට ෆොන්සේකා ආදේ්ශ වනුයේ එබැවිනි. මෙබදු මහජන ව්‍යාපාර පවත්නා ධනේෂ්වර සීමාවන් අනුල්ලංඝනීය ලෙස සලකන අතර ප‍්‍රතිසංස්කරණවාදි වේ. බලය අත දරන්නාගෙන් එකි බලය ලබා ගැනිමේ පටු දේශපාලනය තුල කි‍්‍රයාත්මක මෙබදු ව්‍යාපාර පවත්නා දෘෂ්ටිවාදයන් හො සංස්කෘතින් සමග ගැටුම් ඇතිකර නොගන්නා අතර පවත්නා දෘෂ්ටිවාදයන් හො සංස්කෘතින්ම ස්වකීය බලය තහවුරු කර ගැනිමේ  දැතිරෝධ ලෙස කි‍්‍රයාත්මක කරනු ලැබේ. 


ගොඩනැගෙන සමාජ ව්‍යාපාරයන් පුද්ගල විරෝධි සහ පුද්ගල ආදේශ මත ප‍්‍රතිෂ්ඨා වු අවස්ථාවාදයෙන් විගමිතව පවත්නා දේශපාලන රූපයත් එහි චලිතයත් එනම් අද්‍යතනයේ දේශපලනයේ පැසිස්ට් රූපය නිවරුදිව කියවා ස්වකිය ව්‍යාපාරය තුල සංවිහිත පුද්ගලයින් ඒ පිලිබදව සවිඥඥාණික කල යුතුය. එහිදි ධනේෂ්වර නිෂ්පාදන සම්බන්ධතාවයෙන් නිෂ්පන්න වු ජාතියත් , පටු ආගම්වාදයත් මත ප‍්‍රතිෂ්ඨා වු සිංහල ස්වෝතමවාදි දෘෂ්ටිවාදය සමග ගැටිමත් එකි දෘෂ්ටිවාදයේ අනිවාර්්‍ය පරාජයකින් හො තොරව පැසිස්ට් චලිතයේ මග අහුරා දැමිය නොහැකි වනු ඇත. ලාංකේය අධිරාජ්‍ය විරෝධි අරගලය ජාතිකවාදි සවරූපයක් ගත් අතර එකි පටු සීමාවන් අතික‍්‍රමනය කිරිමේ ශක්‍යතාවක් හො වඩාත් නිවරුදිව නම් වුවමනාවක් අධිරාජ්‍ය විරෝධීන්ට නොවිය. ජාතිකවාදි ව්‍යාපාරය අභ්‍යන්තර හා භාහිර මැදිහත් විම් හරහා ජාතිවාදි ස්වරූපයට ඇද දැමුනු අතර එකි ව්‍යාපාරය හරහා ගොඩනැගුනු ධනේෂ්වර පවුල් කිහිපයක් ජාතිවාදය තුල රාජ්‍ය බලය සිර කරමින් අද දක්වාම ලාංකීය දේශපාලනය හසුරුවනු ලැබේ. මාක්ස්වාදයෙන් පිටුබලය ලත් පන්තිමය සංවිහිත විමක් නැතිනම් කම්කරු ව්‍යාපාරයකට ස්වකිය සිමාකම් තිබියදි පවා ජාතිවාදි දෘෂ්ටිවාදය සාර්ථකව අභියෝගයකට ලක්කල හැකි වුවත් ලාංකේය කම්කරු ව්‍යාපාරයන්ගේ නිර්ලජ්ජිත අවස්ථාවාදයත් සිංහල ස්වොත්තමවාදි සංස්කෘතිය හා ගැටීමෙන් ස්ව දේශපාලනය අනතුරුදායක අඩවියක ස්ථාපිත කිරිමට වු අකමැත්තත් නිසා ඔහුන් ද ධනේෂ්වරයින් සමග කරට කර ජාතිවාදය පොහෙණි කරන ලදි. අද්‍යතන දේශපාන චලිතය මහින්ද රාජපක්ෂයන්ගේ කේවල හා තනි රැයේ නිෂ්පාදනයක් නොවන අතර ඊට එරෙහි සටනෙදි ජාතිවාදය දැවැන්ත කුඵගෙඩි පහරවල් වලින් කුඩුකර දැමිය යුතුය. ජාතිය හා ජාතිවාදය , ධනේෂ්වරය ද අවස්ථාවාදි වාමාංශය ද වෛශ්‍යාවක් සේ බලවාදි අරලගයේ දි උපයෝජනය කරනු ලැබේ. එබැවින් ලාංකේය පැසිස්ට් දේශපාලන චලිතය අහුරා දැමිය හැක්කේ ඒ පිලිබද සංචින්කනාත්මක ප‍්‍රවේශයක් ද ජාතිවාදයට දෘෂ්ටිවාදි තලයේ තිරණාත්මක පරාජයක් අත්කර දියහැකි හා එහි සංස්කෘතික මූලයන් උගුල්වා දැමිය හැකි සංයුක්ත වැඩපිලිවෙලක් සතු නිදහස් මහජන ව්‍යාපාරයකට පමණි. ලංකාව තුලදි එය තවම හිස් අවකාශයකි.

Saturday, July 21, 2012

මහ රජ්ජුරුවන්ගේ ආණ්ඩුව


නාස් පුඩු
අකුලුවාලන
සැර
බෙහත් ගද
මුසු වු
මලමිනී ගද

රෝද සවි කල
ට්‍රොලියේ
ඇලුමිනියම් තහඩුව මත
කැටිගැහැනු ලේ කුට්ටි
ඔලුව සහ පපුව මත
කිතුල් පොලු වලින්
පත බා
සන්දි කඩාදැමු
අප‍්‍රාණික
අත පය

බන්ධනාගාර තිරිසනුන්
මරාදැමු 
දෙමල මිනිහා
ගනේෂන්
නිමලරූබන්

බුදුන්ගෙ පොලොවට
සිංහල මව්බිමට
උඔ 
අයිති නෑ
උඔ
පිටස්තරයෙක්

පිලි ගදයි
පන්සල්
ටයිල් ඇල්ලු
සුදු පැහැ
මල් ආසන මත
බේරි ගිය ලෙයට
නිල මැස්සන්
රංචු ගැහි
පුජා කල 
කුනු වු 
පනුවො ගැසු හදවත්

උපාසක මහත්වරු
ශරීර කුඩුවේ 
හිල්
උතුරු සලුවෙන්
වසාගෙන

කොලඔ කොටුව
පාලුයි
ලිප්ටන් වටරවුමෙත්
රූබන්ලා
වෙනුවෙන්
පෙලපාලි නැ

මහ රජ්ජුරුවන්ගෙ
ආණ්ඩුව මේක
අඩු මුදලට
ඉලව් සේවා සපයන
අංක තහඩු නැති
සුදු පාට
මලමිනි වාහන
ආණ්ඩුවේ වියදමින්
ලාබෙට
අධි ආරක්ෂිත
මල ගෙවල් 
කරවන

ආණ්ඩුවක් නොව
මල් ශාලාවකි
මහ රජෙක්
නොව
මුන්දෑ
එම්බාම්කරුවෙකි
හරි දක්ෂ






Friday, July 20, 2012

සිංහල කොටියා


දකුණේ
සිංහල බොදු ගොවි
මම
උඔ වෙනුවෙන්
පහනක් 
පත්තු කලා


වැට මායිමේ
ඇල්බීසියා පදුරු අතෙර
දකුණේ පොලොවෙන් මතු වු
යක්මලක් හෙවත් නියගලා මලක්
බුදුන්ට නොපිදු අතින්
පැන් නොඉසම
පහන පසෙකින් වුවා

නොපෙනෙන දෙවියන්ට
තේවාව කල
වැඩිහිටියන්ට
මහවිරු මතකය ට
කෝවිල් වල
සිනු හැඩවීම
තහනම් කලද
කිටි කිටියේ තෙරපි 
එකා පිට එකා වැටි
නිසරු පොලොව
ලෙයින් සහ මසින්
සරු කලවුන් වෙනුවෙන්
ගැසුවෙමි පන්සලේ ලොකු ඝණ්ටාරය
ලොකු හාමුදුරුවන්ට හොරෙන්

සල්වාර් හැද
ලස්සනට නලලලේ
පොට්ටු තැබු 
කෙල්ලන් හා
වේට්ටිය ඇදි කොල්ලන්
වෙනුවෙන්
උඔ කල සටනේ
මතකයේ සොහොන් කොත් 
ඩෝසර් විය
කුරහන් සාටකයක් නොවුනෙන්
ඒ මත

පසාවුනු නලලත
පසෙක කෙස් රොද
නොමියෙන ඇස් වල දීප්තිය
දන්කො කෙනෙකි 
නුඔ
ගිනි ගහන හදවතින්

ප‍්‍රභාකරන්
මම
උඔට ආදරෙයි


Thursday, July 19, 2012

අලුත් ලේබලයෙන් එන පරණ රතු වයින්.


ලාංකීය දේශපාලන භුමිය විප්ලවිය පිබිදීමක් පිලිබද නවමු අපේක්ෂාවන්ගෙන් හිරිවැටි ගොස් ඇත. වම සහ අරගල පිලිබද වු ඇල්මැරුනු කතිකාවන් වෙනුවට ජව සම්පන්න වාම කතිකාවක් ගොඩනැගේය යන්න වාමවාදීන්ගේ අදහස වේ. ලංකාව යනු අරගලය පුපුරායාම සදහා පෙර සැකසු භුමියක් ලෙස උදම් අනමින් සිටින ඔවුහු එහි පෞද්ගලික අයිතිය දිනාගනු වස් අරගලය තාප්ප මත පුපුරුවා ඇත. ජ.වි.පෙ. ඉතා මෑතදි සිදුවු පිරිස් ඛණ්ඩනය ජන අරගල ව්‍යාපාරය ලෙස සංගත වි ස්වකීය දේශපාලන චලිතයන් සකස් කර ගනිමින් සිටි. මෙම විමතික කණ්ඩායම ජ.වි.පෙ. සමග ගෙනගිය අඛණ්ඩ මතවාදි අරගලයක ප‍්‍රතිඵලයක්ය යන්න ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් විසින්ද එකි ඛණ්ඩනයෙන් උත්තේජනය ලැබු බොහො වාමවාදි පාර්ශවයන්ගේද නිගමනය වේ. මුලික මාක්ස්වාදි මුලධර්ම වලට පටහැනිව පන්ති සහයෝගි සහ ජාතිවාදි ප‍්‍රවේශයක් ජ.වි.පෙ. අනුගිය බවත් මෙම පිරිස් විස්ථාපනය සිදුවනුයේ ඊට එරෙහිව බවත් සාමාන්‍ය ප‍්‍රචාරණවාදි ආස්ථානය වේ. ජන අරගල ව්‍යාපාරයේ බිහිවීම හො එහි කි‍්‍රයාකාරීත්වය තවම ප‍්‍රබල ලෙස මහ සමාජයට ස්පර්ෂක සංවේදනයක් දනවන්නට අසමත් වුවද මෙරට වාමවාදීන් ඇතුඵ විකල්ප මතධාරින් හා බුද්ධිමය ප‍්‍රජාව තුල සැලකිය යුතු කැළඔිමක්ද අපේක්ෂාවන්ද ඇති කරලිමට සමත් වි ඇත. 71 , 88/89 ජ.වි.පෙ. කි‍්‍රයාකාරිත්වය තුල සංගතව සිටි සහ පසුව ඉන් විගමිත වු බොහො පාර්ෂවයෝ ස්වකිය වාම ආසක්තතාවයද කලක් තමන් නියෝජනය කල සංවිධානයක වාම නැඔුරුවක් ලෙසින් ද ජන අරගල ව්‍යාපාරය සංජානනය කොට ගනිමින් ඊට සංචිත වනු පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ යනු මුඛ්‍ය වශයෙන් ගොවි ශිෂ්‍ය කේන්දී‍්‍රය වු සුලු ධනේෂ්වරය ආමන්ත‍්‍රණය කරනු ලැබු සහ ඒ මත පදනම් වු පක්ෂයකි. එය හැමවිටම අවස්ථාවාදි සුලු ධනපති උපනතියක් පෙන්නුම් කරනු ලැබුවකි. එහෙත් එය තමන් මාක්ස් ලෙනින්වාදි පක්ෂයක් ලෙස ස්වයං නාමකරණයක් කරගනු ලැබීය. යටත් විජිත අර්ථ ක‍්‍රමයක් මෙරට ස්ථාපිත වීම සහ එය හරහා ගොඩනැගෙන නව ස්වදේශීය ධනපති පන්තිය අධිරාජ්‍යවාදි බිත‍්‍රාන්‍ය සමග කෙරෙන අධ්‍යාපනික ගනුදෙනුවේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරටට වාමාංශික අදහස් සංක‍්‍රමණය විය. බොහොවිට මුල්කාලින කම්කරු අරගල සහ මාක්ස්වාදය මත ප‍්‍රතිෂ්ඨා වු සංවිධානයන්හි ප‍්‍රමුඛ කි‍්‍රයාකාරින් අධිරාජ්‍යවාදය හරහා ගොඩනැගුනු අර්තක‍්‍රමය තුල ස්වදේශිකයන් සූරාකෑමෙන්ද අධිරාජ්‍යවාදයට කත් ඇදීමෙන්ද පවුල් ආර්ථිකය දෘඩ ලෙස ස්ථාපිත කොට ගත්තවුන්ගේ පසු තරුණ පරම්පරාවේ නියෝජනයන්ය. බිත‍්‍රාන්‍ය අධ්‍යාපනය හා එරට ප‍්‍රචලිත මාක්ස්වාදි සහ වෘත්තිය සමිතිවාදි ආකෘතීන් ඔවුහු මෙරට තුල ඇල්මැරුණු අධිරාජ්‍ය විරොධි ප‍්‍රවනතාවක් ලෙස වර්ධනය කරනු ලැබිය. එහිදි බොහො වාමංශිකයන්ට ස්වකීය වැඩවසම් පසුබිම සහ භාවිත මාක්ස්වාදය අතර ගැටුමක් වු බව නිසැකය.

පැවතුනු අධිරාජ්‍යවාදි පාලනයට එරෙහිව මාක්ස්වාදය මත ජනතාව සවිඥඥාණික කොට අධිරාජ්‍ය විරොධී වු ද, වැඩවසම් විරෝධි වු ද ,අධිරාජ්‍යවාදි විදේශික ධනපති පන්තිය විස්ථාපනය කරමින් ඔහුන්ගේ නේවාසික නියෝජිතවරු ලෙස මෙරට මානව ශ‍්‍රමය සහ ස්වභාවික සම්පත් ඊනියා ධනපති පාර්ලිමේන්තු  ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල සූරාකෑම සදහා මාන බලමින් හුන් දේශීය ධනපති පන්තියටද ඔවුන්ගේ දේශපාලනික මෙහෙය වීම් වු ප‍්‍රතිසංස්කරණවාදි සහ ජාතිවාදි ස්වරූපයක් ගත් ආගමික පිටුබලයද නොඅඩුව ලද ධනේෂ්වර ව්‍යාපාරයන්ට ද සමාන්තර සහ ඒවා අභිබවා යන වාමාංශික මැදිහත් විමක් මෙරට ප‍්‍රරම්භක මාක්ස්වාදීන්ට කල නොහැකි විය.සම සමාජය හරහා ඇරඔි  වාමවාදි පක්ෂ දේශපාලනය ජාත්‍යන්තර අවස්ථාවාදි මාක්ස්වාදි අපසරණයන්ගේ මෙරටට ගොදුරු බවට පත් වෙමින් විසිරි ගිය අතර ඒකාබද්ධ වාමාංශික කි‍්‍රයාමාර්ගයන් වෙදුවට ධනපති දේශපාලන පුරුෂයාගේ අවලේහන කෘතය ඉටු කරන ස්ති‍්‍රවාදි භූමිකාවට වාමාංශය ඇද දමනු ලැබිය. ප‍්‍රාරම්භක පාර්ලිමේන්තු අවධියේ ධනේෂ්වර නියෝජනයට තරගකාරි සහ සටන්කාරි වාමාංශික නියෝජනයක් ඇති කර ගැනිමට හැකි වුවද ස්වකීය පක්ෂයන්හි අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධිතාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස සභාගවාදයටත් නිසි මාක්ස්වාදි මූලධර්ම මත අධිරාජ්‍ය විරෝධය  ප‍්‍රතිෂ්ඨා නොකිරිමේ ආදිනාවෙන් අධිරාජ්‍ය විරෝධය ජාතික අනන්‍යතා දක්වා ලඝු වි අවසානයේ ජාතිවාදයටත් බිලිදෙනු ලැබීය. යටත් විජිත හරණ ප‍්‍රතිපත්තිය යටතේ ස්වදේශික ධනපති පන්තිය අතට රාජ්‍ය බල චලනයක් සිදු වු අතර ස්වදේශිය ධනපති පන්තිය සමග වු අරගලයන් , ආර්ථික අරගලයන් නැතිනම් ධනපතියා සමග කේවල් කෙරෙන සටන් දක්වා ඇකිලි ගිය අතර ඊට එරෙහිව මාක්ස්-ලෙනින් -ට්‍රොස්කි මුලධර්මයන් මත වර්ධනය වු ප‍්‍රවනතාවන් න්‍යායිකව ශක්තිමත් එහෙත් හීන ජන ආකර්ෂණයක් සහිත , ප‍්‍රබල බලපෑම් සහගත කණ්ඩායම් නොවන තත්වයට ඇද වැටුනි. 

ස්වදේශිය ධනපති පන්තිය හරහා විරැකියාවට පිලියමක් එනම් ආර්ථික පීඩනයේ දියවී යාමක් ද ශේෂ වු වැඩවසම් ආධිපත්‍යයේ කුල පීඩනය අහෝසි කර දැමිමත් අපේක්ෂා කොටගත් ලාංකීය සමාජය මත ඊට ඉදුරාම පටහැනිව වඩාත් අනම්‍ය පීඩනයක් ස්වදේශි ධනේෂ්වර පාලනයෙන් එල්ල වීමත් , විශේෂයෙන්ම වඩාත් ආව්ගකාරි තරුණ කොටස් ඝෝෂාකාරි විප්ලවීය වාග් සටන් පාඨ ඔසවා ගත් එහෙත් පාර්ලිමේන්තුවාදය තුල ධනපති ඔඩොක්කුවට වුවමනාවෙන්ම වැටුනු සමසමාජ කොමියුනිස්ට් .... වාමාංශිකයින් විසින් අතරමන් කර දැමිමේ ප‍්‍රතිඵලයක් ලෙසද ජ.වි.පෙ.ට පක්ෂයක් ලෙස සැලකිය යුතු පිරිස් ආකර්ෂනයක් ගෙන ආවේය. ලාංකීය සමාජය තුල සුවිශාල නාගරික කම්කරු පන්තියක් වර්ධනය වී නොතිබුනු අතර එහි බහුතරය සුලු දේපල හිමියන් විය. ශතවර්ෂ ගනනාවක් භූමිය හා බැදුනු ඉඩම් මනොභාවයක් ද ඒ තුල විය. මෙක් සුලු ධනපති ප‍්‍රජාව , එහි අගතිගාමි මනොභාවයනුත් ජ.වි.පෙ. විසින් ඔහුන්ගේ නියොජනයේ රැඩිකල් පක්ෂය ලෙස අවස්ථාවාදි ලෙස පරිහරණය කරන්නට යෙදුනි. ජ.වි.පෙ. කිසිදාක කම්කරු පන්තිය විද්ලවීය පන්තිය ලෙස හදුනාගනිමින් මාක්ස්වාදි න්‍යාය ප‍්‍රතිෂ්ඨා කොට නිසි නායකත්ව මග පෙන්විමක් සුලු ධනපති පන්තියට ලබා නොදුන් අතර එකි සන්තතියේ නිෂ්ඨාව වුයේ මල්වෙඩි විප්ලවයක් හරහා පීඩනයට ලක්වු ප‍්‍රජාවන්ගේ විප්ලවීය ශක්තින් දියකර හැරිමත් ආණ්ඩු විරෝධි කැරලි දෙකක් අවසානයේ ජ.වි.පෙ.ට සාමුහික දිවිනසා ගැනිමක් සදහා තරුණයන් සොයාගත නොහැකියයි යන උයන්ගොඩ ප‍්‍රවාදය නිර්මාණය වීමත්ය. ජ.වි.පෙ. ධනේෂ්වර අර්ථක‍්‍රමය මගින් නිෂ්පන්න කල ජාතිය සහ ජාතික රාජ්‍ය යන්න අනුල්ලංඝනීය ලෙස ආරක්ෂා කල අතර කම්කරු ව්‍යාපාරය පටු සිංහල ජාතිවාදය තුල භේද්‍ය කරන ලදි. ආරම්භයේ සිටම දෙමල පීඩිතයාගේ අරගලය ධනේෂ්වර රාජ්‍යයේ මර්ධනීය උපකරණයන් හරහා පොඩිපට්ටම් කර දැමිම සදහා විජේවීරයන් ප‍්‍රමුඛ ජ.වි.පෙ. සාමාජිකයන් ගර්භිත උත්සාහයක නිරත විය. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සූත‍්‍රගත කල ඉන්දියානු ව්‍යාප්තවාදය ශන්මුගදාසන් මෙරටට ආනයනය කල අතර විජේවීරයන් ද සමාජ ප‍්‍රතිඝතීතාවයන් පිලිබද නිසි විශ්ලේෂණයෙන් විගමිතව පන්තිමය සහ වැඩවසම් ස්වරූපි වතු ආර්ථික රටාවෙන් ද බැටකමින් හුන් වතුකර ද‍්‍රවිඩ කම්කරුවන්ට එරෙහිව සිංහලුන් පෙලගස්සවන නිර්මාක්ස්වාදි ප‍්‍රතිගාමි ස්ථාවරයකට ආරම්භයේ සිටම ජීවය දුනි............."පහල මධ්‍යම පන්තිකයන් වන කුඩා නිෂ්පාදකයින් , වෙලදශාලා අයිතිකරුවන් , හස්තකර්මාන්තකරුවන් , ගොවීන් ආදි  මේ කොටස් ධනපති පන්තියට විරුද්ධව සටන් කරන්නේ මධ්‍යම පන්තියේ කොටස් ලෙස අහෝසි වීම වලක්වා ගැනිම සදහාය. මේ  කොටස් ප‍්‍රතිගාමිය. මන්දයත් ඔහුන් ඉතිහාසයේ ඉදිරිගමන ආපසු කැරකැවිමට උත්සාහ කරන බැවිනි".....(කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාෂනය , සංහල මුද‍්‍රණය , ප‍්‍රගති ප‍්‍රකාෂකයෝ) ලෙස මාක්ස් සහ එංගල්ස් සුත‍්‍රගත කරන අතර සුලු ධනපති  ජ.වි.පෙ. ක‍්‍රියාකාරිත්වය මාක්ස්වාදීන්ට ආපතික ප‍්‍රපංචයක් නොවේ. ජ.වි.පෙ. ලාංකීය සමාජය තුල වු ධනේෂ්වරය විසින් වුවමනාවෙන්ම අතහැර දමන ලද , වැඩවසම් සම්බන්ධතාවයන්ද එකි සංස්කෘතිය සමගද මුලිකව නොගැටුනු අතර ඉතිහාසයේ අභූතපුර්ව ලෙස වික්ටෝරියානු සදාචාරය තොරෙතම්බල් කරන්නට විය. මාක්ස්  ලෙනින්වාදි පක්ෂ ආකෘතියක් ලෙස ස්වයං අර්ථකථනයක් දෙමින් ඊට ප‍්‍රතිලෝමව පක්ෂ දේහය ස්ටාලින්වාදි ස්වරූපයෙන් ගොඩනගන ලදි. පක්ෂ සහොදරවරුන් අතර නිදහස් අන්තර් සංවාදයන් වාරණය කොට දමා ඇති අතර ඉහල සිට පහලට සම්පේ‍්‍රෂණය කෙරෙන මතවාදයන් අධානග‍්‍රාහි ලෙස භාරගෙන විසුරුවා හරිනු ලබන යාන්ති‍්‍රක සන්නිවේදකයන් පිරිසක් බවට පක්ෂ කේඩරය පත්කොට ඇත. 

ජ.වි.පෙ. සිදුවන විස්ඵෝටනය ඔහුන්ගේ අවස්ථාවාදි දේශපාලනික උපායමාර්ගික වරණයේ ගැටලුවක් නිසා පැනනගින්නක් වන අතර එය මතවාදි අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස නොව හුදු පිරිස් ඛණ්ඩනයක් ලෙස සංජානනය කිරිම වඩා නිර්වද්‍ය වේ. කලක්  ජ.වි.පෙ. දේශනයන්හි ජනපි‍්‍රය දේශකයකුව සිටි සහ දැන් ජන අරගල ව්‍යාපාරයේ ජනපි‍්‍රය ප‍්‍රකාශකයා වන පුබුදු ජයගොඩගේ ප‍්‍රකාශනයන් සංවිමර්ෂනයෙන් එය වඩාත් ස්ඵුට වේ. ජ.වි.පෙ. පන්ති සහයෝගි සහ රතු කොඩිය වෙනුවට සිංහ කොඩිය ආදේශ කොටගත් ජාතිවාදි ප‍්‍රවනතාව ජයගොඩ ගැටගසනුයේ 2000න් මෙපිටටය. එය ජනතා විමුක්ති පෙරමුණේ භාවිත දේශපාලන ඉතිහාසය වසාදමන අත යට කූට්ටම් කොල සමග කි‍්‍රඩාවේ යෙදෙන දේශපාලන අවස්ථාවාදියකුගේ ප‍්‍රකාශනයකි. සුලු ධනේෂ්වරය ලෙස ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනිම සදහා අවස්ථානුකූලව වඩා බලගතු පන්තිය පසුපස යාම ලංකාවට පමනක් සුවිශේෂි අභූතපුර්ව අනුභූතියක් නොවේ. ජ.වි.පෙ. ධනේෂ්වර ආණ්ඩු සමග දීග යන්නට හො හොර අඔුකමේ  සිටින්නට ආරම්භයේ සිටම ප‍්‍රයත්න දැරු අතර එය උත්කර්ෂවත් කරන ලද ප‍්‍රදර්ශනවාදයෙන් සිදුවුයේ 2000                                         වසරේදීය....."සුලු දේපලහිමියා සහ සුලු ස්වාමියා වඩා පහසුවෙන් විප්ලවාදි අන්තයන් කරා යනු ඇතත් .........මේ  විප්ලවවාදයේ ඇති අස්ථිරත්වය , මුඩු ශුන්‍යත්වය , වහාම යටත් විමේ  දිශාවට එහි ඇති නැමියාව ,උදාසීනබව , විකාර සහගතබව සහ එක් වර්ගයක හො තවත් වර්ගයක ධනේෂ්වර කෝලම් වලට උමතුවෙන් මෙන් මෝහනය වීම යන මේ සියල්ල පොදුවේ  කවුරුත් දන්නා දේය". (ලෙනින් එකතු කල කෘති ,31වන වෙලුම)ලෙනින් විසින් පොදුවේ කවුරුත් දන්නා දේයැයි පවසන සුලු ධනපති ආචරණයන් මාක්ස් ලෙනින්වාදි (?) දේශකයාට (ජයගොඩ ට) ග‍්‍රහණය නොවන අතර ස්වකිය පුර්ව නියෝජිත පක්ෂය සුලු ධනපතියන් මත පය ගසා සිටි බව සහ එම පන්තියේ නායකත්වයන් පිලිබද අධිනිෂ්චයක් තිබු බවත් ක්ෂණිකව ඥාණනය වී ඇත. එම අධිනිෂ්චය රටේ  පසුගාමිත්වය විසින් සිය පක්ෂයට තල්ලු කරන ලද්දක් බව ජයගොඩගේ ආස්තානය වේ. මෙරට පසුගාමි දෘෂ්ටිවාදයන්  සංස්කෘතීන්  නිර්මාණය කිරිම සදහා නොයෙක් ලෙස දායකකාරදි වුවන්ගේ මෙම විකාරරූපි ප‍්‍රකාශනයන් එකි පසුගාමීත්වය තුලම සිය පැවත්ම තහවුරු කර ගැනිමට උත්සුක වන පරපෝෂිතයන්ගේ රූපකාරකයන් හෙලි කරයි. 

ජ.වි.පෙ. 71 කැරැල්ල සමයේ අල්ලා ගන්නා ලද පොලිසි වල ඔසවන්නට සිය කේඩරයට අණ කලේ රතු පසුබිමේ  සිංහයා සහිත ධජයයි. මිනිමරු කොටි සංවිධානය ජේ. ආර්. ට පරාජය කල නොහැකි නම් මැතිනියගේ  ඉදිරි ආණ්ඩුවකට ඇත්තේ කුමන විසදුම්දැයි  ජ.වි.පෙ. මැතිගෙන් විමසා සිටියේය. දේශහිතෛෂි ව්‍යාපාරය හරහා ධනපති මර්ධන යාන්ත‍්‍රණයේ යුධ සෙබලාට මහනෙල් මල් පුදන්නට පෙර පොලිස් සොයුර දේශපේ‍්‍රමීන් ආරක්ෂා  කරනු ලෙසද, 71 දි ස්වකීය සටන්ගත සොයුරන්ගේ අධෝ මාර්ගයේ පී.වි.සි. බට රිංගවු සෙබලුන්ට හමුදා සොයුරන් ලෙසද ආමන්ත‍්‍රණය කල යුගයක් දජ.වි.පෙ. ට තිබුනි. 'ජනතා විමුක්ති පෙරමුණෙන් ලක්වැසි දේශපේ‍්‍රමි ජනතාවට ආයාචනයක්' යන කෘතියේ  සන්නද්ධ හමුදාවලට සහ භික්ෂුන්ට නායකත්වය සැපයිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට බව ඔහුන් අවධාරණය කොට තිබුනි.

කීර්ති බාලසූරිය සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ පන්ති ස්වභාවය යන කෘතියේ 1970 වැනි එපිට වර්ශයකදි ජනතා විමුක්ති පෙරමුණ ලංකාව තුල බිහිකරන්නේ'අනාගත පැසිස්ට්වාදි ව්‍යාපාරයකට හොදින් උපයෝගි කරගත හැකි කම්කරු විරෝධි බලවේගයකි 'යනුවෙන් වියමන් ගත කල අතර එහි සත්‍යතාව අනුභුතිකව අපට සම්මුඛ වි ඇත. එබැවින් ජ.වි.පෙ. ආරම්භය ද එහි පාදක පන්තීන් ද එය නියෝජනය කරන පන්ති මනෝභාවයන් ද යන සියල්ල සමෝධානය කල කල්හි ජ.වි.පෙ. දේශපාලන භාවිතාව තුල මෙවැනි ප‍්‍රතිගාමීත්වයන් මිස ඉදිරිගාමි භාවිතාවක් අපේෂා කල නොහැක. එය කිසි දිනෙක ස්වයං විවේචනාත්මකව පක්ෂ කි‍්‍රයාකාරිත්වය පර්යාවලෝකනය නොකල අතර ජයගොඩලා විසින් කරමින් සිටිනුයේද ව්‍යාජ ස්වයං විවේචන දවටනය තුල පැරණි වාමාංශිකයන් හා සෙසු සමාජ කොටස් දිනාගැනිමේ  කුහක වැඩපිලිවෙලකි. පුබුදු ජයගොඩලා වාමාංශයට වැරදි සිදුවී ඇතයි ඉගි මරණ විට දී රැඩිකල් වමකට(?)රොමෑන්තිකව පේ‍්‍රම කරනා දේශපාලන සත්වයින්ගේ කලිසම් තෙත් වීම අරුමයක් ද නොවේ.

පුබුදුලාගේ ස්වයං විවේචනයේ ඉලක්ක ටිල්වින් සෝමවංශ නායකත්වයෙන් ඔබ්බට නොයයි. මක්නිසාද යත් ජ.වි.පෙ. මෙන්ම ජන අරගලකරුවන්ද අලෙවි කරමින් සිටුනුයේ විජේවීරයන් වන බැවිනි. ජන අරගලකරුවා ජ.වි.පෙ. හා දෘෂ්ටිවාදි ඛණ්ඩනයක් ලෙස සංජානනය කිරිමේ ප‍්‍රමුඛ බාධකය විජේවීර පරමෝධාරත්වයට හා පුජාර්භත්වයට දෙපාර්ශවයේ වන සාම්‍ය වු එලඔුබයි.සවකීය උත්පත්තියේ සිටම ජ.වි.පෙ. විසින් වර්ධනය කල ජාතිවාදි වර්ගවාදි සිංහල ස්වෝත්තමවාදය එහි ප‍්‍රබල හිමිකරුවන් වන ධනේෂ්වර පාලකයන් විසින්-අද්‍යතනයේ එහි සුපිරි ප‍්‍රචාරකවාදියා සහ ආරක්ෂකයා වන මහින්ද රාජපක්ෂයන් විසින් උපක‍්‍රමිකව ඩැහැගැනිමත් සමග ජ.වි.පෙ. දෘෂ්ටිවාදාත්මකව බරපතල අර්බුධයකට ලක්විය. එය ජ.වි.පෙ. දෘෂ්ටිවාදි පදනම් සොලවා දමනු ලැබීය. ධනේෂ්වර අර්ථක‍්‍රමයේ කඩා වැටීම් සහ ඉන් නිෂ්පන්න වු දැඩි ආර්ථික පීඩනය හමුවේ ලෝකය පුරා ඇතිවු ජන රාශිගතවීම් ජ.වි.පෙ.ට වරණයක් අභිමුඛ කලේය. රාජපක්ෂයන් විසින් උපක‍්‍රමිකව වර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදයේ පරපෝෂිතයන් වනවාද ලෝකය පුරා නැග එන වඩදිය රැල්ලේ උපස්ථම්භකත්වයෙන් ව්‍යාජ සාමාජවාදි සලු පොරවා ගන්නේ ද යන්න එය අභිමුඛ වරණයන් විය. එකි වරණයන් පක්ෂය දෙකඩ කල අතර වඩාත් තරුණ පක්ෂ කේඩරයන් විශේෂයෙන් ශිෂ්‍ය ප‍්‍රජාව ජන අරගල ව්‍යාපාරයට සංගත වු අතර වෘත්තිය සමිතිවාදි තත්ව සංරක්ෂණවාදින් පක්ෂයේ නිලධරය සමග රාශිගත විය.

ජන අරගල ව්‍යාපාරය යනු ජ.වි.පෙ. මත උත්පත්තිය ලබන අලුත උපන් බිලිදකු නොවේ. එය  ජ.වි.පෙ. හි නිවුන්නායි. විදාරිතයයි. ජ.වි.පෙ. නැමති දේහයේ පරමාණුක අණු තවත් අවකාශිය ඉඩක ස්ථාපනය වීමකි. සාධාරණ සමාජයක් වෙනස් මිනිසෙක් යන්න ජන අරගලකරුවන්ගේ තේමා සටන් පාඨයයි. ජාත්‍යන්තරවාදය පෝෂණය කලයුතු බවද වම ධනේෂ්වර සමාජයේ එකම ශරණස්ථානය බවද ජයගොඩලාගේ ආස්ථානය වේ. ජ.වි.පෙ. ද මාක්ස් ලෙනින්වාදි උද්දෘතයන් උපුටා දක්වන්නට සමර්ථ වේ. තමන්ට ඇවැසි පරිදි මාක්ස්ගේ හො ලෙනින්ගේ මස් රාත්තල් හො කිලෝ ගනනින් කපාගන්නට ඔහුන් සුරුවිරුකම් ඇත්තේය. කටින් බතල කොල සිටුවන්නවුන්ගේ රූපකාරකයන් භාවිතාව තුල නිෂ්චය වන්නාසේ  ජ.වි.පෙ.ද එහි විමතිකයන්ගේ ද ප‍්‍රකාශනයන්ගේ ව්‍යාජත්වයන් දේශපාලනික සමාජ භාවිතාව තුලින් ගම්‍යමාන වේ. ජ.වි.පෙ. පෙරදි ස්වකීය දෘෂ්ටිවාදයන් සහ ප‍්‍රකාශනයන් සමග ගැටුනවුන් කායිකව මරා දැමුවෝය. කම්කරු මාවත අලෙවි කල  වි.කො.ස. සාමාජිකයින් ට පහර දි මරණ තර්ජන එල්ලකලා සේම ජන අරගලකරුවෝද ආවේණික ස්ටාලින් ප‍්‍රතිපදාවේ  නිමග්න වෙමින් වෙනස් මිනිසෙක්ය යන සටන් පාඨය මත නිරුවතින් රගමින් ,පති‍්‍රකා බෙදු  වි.කො.ස.සාමාජිකයින්ට පහර දුනි. ජ.වි.පෙ. සේම ජන අරගලකරුවො ද ශිෂ්‍ය ව්‍යාපාරය අතකොලුවක් සේ උපයෝජනය කරනු ලබන අතර ශිෂ්‍ය ව්‍යාපාරය අයෝමය වැඩවසම් ස්වරූපයකින් හසුරුවනු ලැබේ.

ජන අරගලකරුවන්ට ප‍්‍රමුඛ සටන ඇත්තේ ස්වකීය අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවයන් සමගය. ජන අරගලය හසුරුවන සියලුම පිරිස් බලවේගයන් දෘෂ්ටිමය වශයෙන් ජ.වි.පෙ. හා අනම්‍යව බැදි සිටියවුන්ය. ජ.වි.පෙ. විසින් පුබුදුලා ප‍්‍රමුඛ විමතිකයන්ට පහර දුන්නේ පුබුදුලා ද  වරුණලා ද ජ.වි.පෙ. නියෝජනය තුල සිටියදි පරිහරණය කල ත‍්‍රස්තවාදි , ජාත්‍යන්තරවාදි කුමණ්ත‍්‍රන වල හවුල්කරුවන් ලෙසය. ලලිත් කූගන්ලා සැගවි සිටිදැයි ප‍්‍රථමයෙන්ම සොයා බලිය යුතුබව හදුන්නෙත්තිලා ප‍්‍රකාශකරන විට විමතිකයන්ට තමන් වර්ධනය කල අවස්ථාවාදි දෘෂ්ටිවාදයේ ස්වභාවයන් වැටහිය යුතුය. ජන අරගලකරුවා මුහුණ දී සිටිනුයේ ගෙදර ගියොත් අඔු  නසි මග සිටියොත් තො නසි වැනි උභතෝකෝටිකයකටය. ජ.වි.පෙ. භාවිතයන් ද ඉන් වර්ධනය කෙරුනු දෘෂ්ටිවාදයන්ටද තීරණාත්මක පහර ගැසිමකින් තොරව ජන අරගලකරුවන්ට ඔහුන්ගේ ඛණ්ඩනයේ සුවිශේෂත්වය ප‍්‍රත්‍යක්ෂ ලෙස ස්ඵුට කිරිමට නොහැකිය. ජන අරගලකරුවන්ගේ ආචරණයන් එබදු දෘෂ්ටිවාදි ගැටිමකට සුදානම් බවක් නොපෙන්වන අතර එය සිදු කරමින් සිටිනුයේ එකම ඉලක්ක දේශපාලන ප‍්‍රජාවන් දිනාගැනිමේ  තරගයක ,මැලිබන් යහගුණයෙන් පෙරට ලෙසද මන්චි ලංකාවේ එක ලෙසද , කරනු ලබන ප‍්‍රචාරණවාදි ව්‍යාපෘතියක නිමග්න වීමය. ජන අරගලය විසින් භාවිතා කරනු ලබන උපායමාර්ගික හා ප‍්‍රචාරණවාදි එලඔුම් ද ජ.වි.පෙ. හා සමාකාරත්ව එලඔුම් වේ. චේ වගේ වෙමු , වෙනස් තාරුණ්‍යක් වැන් ප‍්‍රවේශයන්හි ඇත්තේ පිරිස් අකර්ෂණය ද පිරිස් බලය තහවුරු කරගැනිමේ ද උපයෝජනවාදි ස්වරූපයන් මිස වඩා ඉවසීමකින් යුතුව න්‍යාය වර්ධනය කරමින්ද ප‍්‍රයෝගිකත්වය තුල එය ගලපමින්ද යන ගමනක් නොවේ. පිරිස් රදවා ගැනිමේ අධ්‍යාශයෙන් තවදුරටත් ජ.වි.පෙ. හා සමගාමි මතවාදයන් ප‍්‍රවර්ධනය කිරිම ජන අරගල ව්‍යාපාරයද ස්වකීය ශක්‍යතාවයන් දැනුවත්ව අපසරණය කිරිමක් වන අතර ඉන් එවැනි කි‍්‍රයාදාමයකට වඩා වැඩි යමක අපේක්ෂා කල නොහැකිය.

ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා ජ.වි.පෙ. ද තීරණාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කරන එහෙත් සංචිත විම සදහා විකල්ප පක්ෂයක් හො සංවිධානයක් නොමැතිව නන්නත්තාරව සිටි පිරිසකට ජන අරගල ව්‍යාපාරය උත්තේජනයක් වු අතර එහි ප‍්‍රතික කි‍්‍රයාවන් ලෙස ජන අරගලය ගැන සුබවාදි විචාර ලියන්නො එය විශ්ලේෂණාත්මක කියවීමකට වඩා රොමෑන්තික ලිවිමක් බවට පරිවර්ථනය කොටගෙන ඇත. ජන අරගලකරුවාට ස්වකීය තේමා සටන් පාඨයන් භූමිය තුල සත්‍යාපනය කල හැකිද යන්න එහි සංවිදිත පිරිස් සංයුතියේ හා දෘෂ්ටිවාදි ප‍්‍රවේශයන් හරහා කියවා ගත යුතුවේ.

මම කැම්පස් එකට ආව දවසේ
ලෙනින් ඇවිත් මාව අල්ල ගත්තා
අනේ මැක්සිම් සීයේ - ගිහින් අම්මට කියන්න
ඇවිත් මාව බේරගන්න කියලා.

පේරාදෙණිය සරසවියේ හිල්ඩා නේවාසිකාගාරය තුල කුරුටු ගා තිබු ඉහත කවිය ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනයේ සම්පිණ්ඩණයකි. ධනේෂ්වර යාන්ති‍්‍රකභාවයට එරෙහිව ජ.වි.පෙ. විසින් වර්ධනය කෙරෙමින් තිබුනේ ද වාමාංශය ලෙස හැගවුම්කරණය කෙරුනු යාන්ත‍්‍රිකත්වයකි. ශිෂ්‍යා බලහත්කාරි එලඔුමක් හරහා පක්ෂ මෙවලමක් බවට ක‍්‍රමිකව පරිවර්ථනය කෙරෙන අතර පක්ෂ නිලධරයේ මුග්ධ අවස්ථාවාදි දේශපාලන තීරණයන්හී පෙරමුණු රූකඩයන් වන්නේ ඔහුන්ය. දෙමල ලේ ඉල්ලා ලිප්ටන් වටරවුමේ හඩ තලන්නේ ද , තවත් සටනකදි ධනපති පොලිස් පොලු පහරට පශ්චාත්භාගය පුදකරන්නොද මේ ශිෂ්‍යයෝමය. ජන අරගල ව්‍යාපාරයේ සංවිහිත බහුතරයෝ ද එහි සටන්කාමි ගාමක බලවේගයෝ ද මේ ශිෂ්‍යයන්මය. කාලාන්තරයක් තිස්සේ ජ.වි.පෙ. හරහා හැඩගැසුනු සහ එහි දෘෂ්ටිවාදයන් අධානග‍්‍රාහි ලෙස අවිචාරශිලිව ඇදහු භක්තිමත් ශිෂ්‍ය ප‍්‍රජාව හරහා සාධාරණ සමාජයක් වෙනස් මිනිසෙක් යන තේමාව පූරණය කරනුයේ කෙසේද? ජන අරගලකරුවා ද ශිෂ්‍ය ව්‍යාපාරයේ වැවසම් මුලයන් සමග නොගැටෙන අතර ශිෂ්‍ය ව්‍යාපාරය පිඔුරුවාදි න්‍යායෙන් භක්ෂණය කරමින් සිටි.

රොහණ විජේවීරයන්ගේ මාක්ස්වාදය ලාංකීය සුවිශේෂිතාවන්ට ගැලපිය යුතුයැයි යන ප‍්‍රවාදය විස්ථාරණය කරමින් පුබුදු ජයගොඩ විසින් අද්‍යතන අධිරාජ්‍යවාදයේ ස්වරූපයත් ඒ හරහා ගොඩනැගෙන ජාතික අනන්‍යතා හරහා විමුක්ති කතිකාවට ප‍්‍රවේශ වීම පිලිබද වු ජ.වි.පෙ. මතවාදි එකගතාවයත් ඒ සදහා මෙරට බහුතර සුලු ධනපති පන්තිකයන් මත පාදක විමට සිදුවු බවත් අවධාරණය කොට තිබුනි. ගුඩ්බායි විජේවීර ලෙස රාවය පුවත්පතට පශ්චාත් මාක්ස්වාදි විශ්ලේෂණයක් ලෙස නාමකරණය කරන ලද වියමනක් තුලින් සුමිත් චාමින්දයන්ද ජාතික අනන්‍යතා මත පදනම් වන විමුක්ති කතිකාව සදහා විජේවීරයන්ට ජාත්‍යන්තර  අනුභූතින්හිද උපස්ථම්භකත්වයක් ලද බව ප‍්‍රකාශ කරයි. ජාතික විමුක්ති කතිකාවට ද ජ.වි.පෙ. දෘෂ්ටිවාදයන්ටද එහි භාවිතයන්ටද එරෙහිව ජාත්‍යන්තරවද මෙරට ද නැගි ආ ට්‍රොස්කිවාදි න්‍යායික අරගලය මෙම දෙපල විසින් වුවමනාවෙන්ම වසා දමනුයේ මන්ද.? විජේවිර ජාතික සුවිශේෂිතාවයන් ලෙස ජාතිය හා ආගම්වාදය පදනම් කොටගත් ප‍්‍රතිගාමි දෘෂ්ටිවාදයක් වර්ධනය කල අතර  දියුණු මාක්ස්වාදි න්‍යායික පසුබිමක් සහිතව කමකරු පන්ති විඥඥාණය ඇති කරමින් ධනපති ක‍්‍රමවිරෝධි නොනවතින අරගලයක් ගෙනයනවාට වඩා එය පහසුවෙන් ද වේගවත්ව ද සිදුකල හැක්කක් විය. එහිදි  ජ.වි.පෙ. සිදුකලේ සුලු ධනේෂ්වරයේ මනෝභාවයන් ප‍්‍රවර්ධනය කරන්නාද ප‍්‍රචාරකයා ලෙසද ස්වකිය ව්‍යාපාරයට ඇවසි ගාමක තල්ලුව සුලු ධනපති පන්තියෙන් ලබාගැනිමය. කියුබාව තුල බැසිස්ටා පාලනයට එරෙහිව වු සටන්ද එහි දඩබ්බර චේ ගේ භූමිකාවද මෙරට විජේවිර ප‍්‍රමුඛ ජ.වි.පෙ. විසින් ආදේශ කරගනු ලැබු අතර ස්වකීය සටනේ වියහැකිභාවය සදහා නිදර්ශකයද පිටුබලයද ඒ තුලින් ලබා ගන්නා ලදි.

ජ.වි.පෙ. විසින් මුලික සටන් පෙරමුණ ලෙස හදුනාගනුලැබුවේ දේශපාලන ආර්ථික අරගලයයි. පෞද්ගලික අයිතිය මත පදනම් වු ධනේෂ්වර අර්ථක‍්‍රමයට ඉදිරිගාමි අර්ථක‍්‍රමය ලෙස මාක්ස්වාදින් විසින් සාමුහික දේපල ක‍්‍රමය මත පදනම් අර්ථක‍්‍රමයක් යෝජනා කරනු ලබන අතර ඉන් විලුම්බනය කල දේපල අයිතිය සාමුහිකකරණයට අදාල මෙහෙය වීමක් ජ.වි.පෙ. ට වු බව එහි ප‍්‍රකාශනයන් තුල ඇත. ඒ සීමිත අර්ථයෙන් ජ.වි.පෙ. ධනේෂ්වර අර්තක‍්‍රමය සමග ගැටුනු නමුදු එය වියුක්තකරණ කි‍්‍රයාවලියක් විය. ජ.වි.පෙ. නිර්මාණය කරනු ලැබුවේ ධනේෂ්වරයටද වඩා ප‍්‍රතිගාමි වැඩවසම් බන්ධූත්වයක් සහිත සංස්කෘතික සත්වයෙකි. පොදු සමාජීය සංස්කෘතික ප‍්‍රකාශනයේ්  පරමාදර්ශි සංස්කෘතික ස්ථාපනය ජ.වි.පෙ. ලෙස හැගවුම්කරණයට මේ  සදාචාරවාදිහු පෙල ගැසුනි. ජ.වි.පෙ. සංස්කෘතික නිමවුම ගුණදාස කපුගේ ගේ ගීත පමණක් රසවින්දනයට හුරුවු ව්‍යාජ ඉන්දියානු ව්‍යාප්තවාදයේ නන්දෙඩවිලි එසේම තිබියදි අමරදේව උත්තරාරෝපණය කරමින් කේමදාසයන් බැහැර කල ධනවාදි රාජ්‍ය නාට්‍ය උලෙලෙ ප‍්‍රධාන නාට්‍ය සැපයුම්කරුවා වන , බඩු නොගසන , සිහිනෙන් වත් පව් නොකරන සාදාචාරවාදියෙකි. පක්ෂ කේඩරයට පක්ෂය යනු දෙවොලකි. ජන අරගල ව්‍යාපාරයටද සංස්කෘතික ගැටිමක වුවමනාවක් නොමැති අතර පොදු දැනුම සමග ගැටිම නොව එය ස්වකීය දේශපාලන චලිතයේ ලිහිසි ද‍්‍රාවණය ලෙස උපයෝගි කරගනි.දෙවොලේ භාරකාරත්වය උසුලන කපුවන්ට පහර ගසන්නට ජන අරගලකරුවා ඉදිරිපත් වුවද රතු තිරයේ පිටුපස පුජාසනයේ වැඩසිටිනා දෙවියන් , විජේවීර සහ ඔහුගේ දෘෂ්ටිවදෙයන් , විවේචනය නොකරයි.

පීඩිත දමිල අරගලය සම්බන්ධයෙන් වන ජන අරගලකරුවන්ගේ ආස්ථානයද රැඩිකල්කරණයට ලක්වි නොමැති අතර බලය විමධ්‍යගත කිරිමට සියලු මාක්ස්වාදින් එකගයි ද , පීඩිත ජාතින්ගේ ගැටලු පරිපුර්ණ ලෙස විසදිය හැක්කේ සමාජවාදය එලඔිමෙන් අනතුරුවයි ද යන දියාරු ප‍්‍රතිපදාව මෙම අවස්ථාවාදින්ගේ ආස්ථානය වේ. මෙයද ජ.වි.පෙ. කාලානුරූපිව සහ අවස්ථාවාදිව මුදාහැර තිබ දේශපාලන ප්‍රෝඩාවන් හා අනුරූපි වේ. ලයනල් බෝපගේ ද රෝසා ලක්සම්බර්ග් හා සමගාමි වු ජ.වි.පෙ. පීඩිත ජාතින් පිලිබද වු ප‍්‍රවේශය පහුරුගාමින් ස්වයං නිර්ණය අයිතිය පිලිගනු ලැබු අතර පුබුදුලා විසින් වහරන සමාජවාදය එලඔිමෙන් පසු යන වහන්තරාව තුල බෝපගේද පීඩිත ජාතියේ ගෙල සිරකර දමනු ලැබිය. මේ  කුතර්කයන් ලෙනින්  විසින්ම ස්වකිය තර්කයන්ගේ කුඩුකර බොහො කල්ගෙවි ගොස් ඇත. මාක්ස්වාදින් ලෙස සුරාකෑමේද මර්ධනයේ ද සකලවිධ ප‍්‍රවාචයන්ට එරෙහිව කම්කරු පන්තිය ලෙස රාශිගත වි පහර ගැසිය යුතුය. ජන ඝාතක ධනපති රාජ්‍ය භීෂණයකට දෘෂ්ටිවාදි සහ භෞතික සැපයුම්කරුවන්ව සිටියවුන්ගේ මෙම ජන අරගල ව්‍යාපාරය හො අපි ශි‍්‍ර ලාංකිකයෝ ලෙස උතුර සමග වන ගනුදෙනුව මර්ධන යාන්ත‍්‍රණයන් ඔස්සේ ඒකාබද්ධ කල උතුර දෘෂ්ටිමය ලෙසද ධනේෂ්වර රාජ්‍යට දෘඩව ගැට ගැසිමේ  මුලෝපායකි.

"මේ ව්‍යාපාරය තමන් මාක්ස් ලෙනින්වාදි ව්‍යාපාරයක්යැයි හදුන්වා ගන්නා නිසාත් ඔහුන් මාක්ස් ලෙනින්වාදය තම අවස්ථාවාදි අරමුණු වලට අනුකුලව විකෘතිකර ඇති නිසාත් විශේෂයෙන්ම ලංකාවේ  කමකරු පන්තිය දේශපේ‍්‍රමිත්වයේ රැහැනින් ධනේෂ්වරයට ගැටගැසිමට කි‍්‍රයාකරන නිසාත් කම්කරු පන්තිය ධනේෂ්වරයෙන් ස්වාධින කර ගැනිම සදහා ගෙනයා යුතු සටනේ අනිවාර්්‍ය කොටසක් බවට ජනතා විමක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධ සටන පත්වේයැයි "..... කීර්ති බාලසුරිය සහෝදරයාගේ ආස්ථානයට අද දවසේ ජන අරගල ව්‍යාපාරයට විරුද්ධ සටන ...........ලෙසද ඌණ පූරණය කල යුතුව ඇත. සංසර්ගය සදහා වම නැමති ලිංගික ජිවියා නොමැතිව ස්වයං වින්දනයේ යෙදෙමින් හුන් ප‍්‍රජාවකට ජන අරගල ව්‍යාපාරයේ පැනනැගිම ද එහි මධ්‍යම පන්තික මද කිපිම්ද  ජ.වි.පෙ. බන්ධුත්වයෙන් නිෂ්චය වු පුර්ව රූපයන් පිලිබද වු ස්මෘතින් ද ක්ෂණික මෝචනයක් ගෙනා අතර පුරුෂෝත්තම ඇන්නා පැන්නා ලිංගික සංස්කෘතියේ සදාචාරවාදි සාමාජිකයින් ඉවක් බවක් නොමැතිව ජන අරගලයට මෝහනය වි ඇත. 

ජ.වි.පෙ. වාමාංශික පක්ෂයක් ලෙස ස්වයං හදුනාගැනිමත් ඊට විලෝමව වාම බුද්ධිමය ආධිපත්‍යධාරින් එය සුලු ධනේෂ්වර පක්ෂයක් ලෙස හදුනා ගැනිමත් දැකිය හැකි වු අතර ඊට විලෝමව මහ සමාජය විසින් වාමාංශය යන්න හදුනාගනු ලැබුවේ එ.ජා.ප. විරෝධි වීම යන සරල පටු නිර්ණායකය මතය. එබදු හදුනා ගැනිමක් සදහා වන මුලික තල්ලුව මෙරට මහා සමාජයට මුදාහැරුනේ මෙරට අවස්ථාවාදි වාමාංශිකයන් හරහාය. ඒ අනුව මහින්ද රාජපක්ෂයන්ද ,මර්වින් සිල්වාද ,ටිලවින් සිලවාද, ඩිව් ගුණසේකරද, වාසුද ,යන සියල්ලෝම වාමාංශිකයෝය. වම සහ දකුණ යන භේද්‍යතාවය හොද නරක , දෙවියන් සහ සාතන් ගේ ධනේෂ්වර රූපික ස්ථාපනයන්ය. මයි බිග් ෆැට් ගී‍්‍රක් වෙඩින් යන සිනමා වියමන ඇමරිකාවට සංක‍්‍රමණය වි එහි ම ශක්තිමත් ආර්ථික සථාවරයක් ගොඩනගා ගනිමින් ගී‍්‍රක සංස්තෘතික මුලිකාංගයන් දෘඩව රකිමින් ජිවත් වන ගී‍්‍රක සම්භවයක් සහිත විස්තීර්ණ පවුලක් වටා ගොඩනැගුනු සිනමා පටයකි. ගී‍්‍රක සම්බන්ධතාවයන් සදහා ප‍්‍රමුඛත්වය නිරතුරුව ලබා දෙන පියා සිය පවුලේ සෙස්සන්ට සේම විවාහාපේක්ෂිත දියණියට සොයනුයේ ද ගී‍්‍රක සම්භවයක් සහිත තරුණයෙකි. එහෙත් දියණිය අවන්හලකදි මුණගැසෙන වෙනත් සම්භවයක් සහිත තරුණයකු හා පේ‍්‍රමයෙන් වෙලෙන අතර අවසානයේ පියා ද දියණියගේ වරණය භාරගනි. දියණිගේ විවාහ පි‍්‍රය සම්භාෂණ උලෙලෙදි පියා අපුරු ප‍්‍රකාශයක් සිදුකරයි. සිය පෙලපතේ ගී‍්‍රක අරුත ඇපල් බවත් අභිනව බෑනා වෙනත් සම්භවයක් සහිත වුවත් ඔහුගේ පෙලපතට ද ගී‍්‍රක සමභවයක් ඇති බවත් එහි අරුත දොඩම් බවත් අවසනා අරුතින් ඇපල් සහ දොඩම් අතර කවරාකාරයේ අසමානතාවන් වුවද සියල්ල පලතුරු බවත් ප‍්‍රකාශ කරයි. වම දකුණ ද ඇපල් සහ දොඩම් බදුය.

ලාංකිය භුමියේ ආරම්භ කල යුත්තේ වාම සංවාදයක් නොව වම යනු කුමක්ද යන්න පිලිබද වන සංවාදයකි. ධනේෂ්වරය ශුද්ධ වු සියල්ල කෙලසන්නේයැයි මාක්ස් කියු ලෙසම එය සියල්ල කෙලසා දැමුවේය. මාක්ස් යෝජනා කරන්නේද බලයේ ප‍්‍රවාචමය අත්හදා බැලිමකි. ලෙනින් ද ,ඉන් පසුව රූපමය පරස්පරතාවයන් තිබියදි වෙනත් ස්ථානයන්හිද" උදුරා ගන්නවුන්ගෙන් උදුරා ගැනිම "පරික්ෂාවට ලක්කල අතර ප‍්‍රයෝගික්ත්වය  තුල බහුල ලෙස ඒ සියල්ලම ධනේෂ්වරයට වඩා පසුගාමිත්වයන් ද වඩා දරුණු මර්ධනයක්ද ජනිත කෙරුණි.ධනේෂ්වර සංස්කෘතිය උරාගත් සමාජයක් ද එහි ජිවින්ද අධස්ථ ව්‍යුහයේ අයිතියේ සිදුවන උදුරාගැනිමකින් පමණක් විප්ලවිය පරිවර්ථනයකට ලක්කල නොහැකිය. වැඩවසම්වාදය යටකර දමමින් ධනේෂ්වරය විප්ලවිය කාර්්‍යයක් ඉටුකල නමුදු වැඩවසම් ස්වරූපයන් ,ධනේෂ්වරයේ සුතිකාගාරයේ ද ලෝකය පුරාද විවිද රූපයන්ගෙන් පැනනැගෙමින් ධනේෂ්වරය පූර්වයේ පුර්ණ කල විප්ලවීය කාර්්‍යට ඔච්චම් කරනු ලැබේ. එලෙසම ධනේෂ්වර සංස්කෘතික ජිවියා හා වන සටන ඉදිරි විප්ලවිය සටනක පුර්වාවශ්‍යතාවද ,සටනේ ජීවයද වනු ඇත. ධනේෂ්වරයේ දෘෂ්‍යමානයන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන පුස් සටන් නොව යට ස්ථරයේ ඇති යථාව ස්පර්ෂ කරනු ලබන න්‍යායික ගොඩනැන්වීම්ද එවැනි ගොඩනැගිම් ධනේෂ්වර සමාජිය ජිවියාගේ ජිවන විලාසිතාවට අවශෝෂණය වන්නට සැලස්විමද වඩා දෘඩ ,කල් අලලා සිටින සමාජ පරිවර්ථනයක් සදහා වන එලඔුම වනු ඇත. ලාංකීය භුමියේදි ධනපති විවිධ ස්ථරයන් ද එහි හෙජමොනිය සමග වන ගැටුමද ජ.වි.පෙ. හා එහි අවස්ථාවාදි බිදිම් ද දෘෂ්ටිවාදයන්ද තිරාණාත්මක ලෙස පරාජය කිරීම එහි පුර්ව රූපය වේ.

Wednesday, July 18, 2012

වාසභූමි



ස්මෘතික දාමයන්
අදුරු රූප ගොන්නක්
ඇහිරි ගිය
බිම්කඩක
අත් පා වකුටු 
ප‍්‍රානියෙක්

තෙත්
සෙවලමය පදාසයන්
චලනයන් ඇසිරු
බාධිත
සම් මල්ලක්

අදුරු
එහෙත් උණුහුම්
භූමියක්

ජීවයක් 
තුල
ජීවයක්