Monday, August 26, 2019

ප්ලැතෝනික වාදියෙකුගේ පාපෝච්චාරණය හෙවත් හිගන ප්‍රේමයක අතුරු කථාවක්


බුදු සර්...අපි හිගන්නෝ
වෙන කොහේ යන්නද

එදා මහ අමුතුම දවසක්
සැරටම පෑවිල්ල
ඉහෙන් කනෙන් බේරෙන තරමට දාඩිය
එක පාරටම පට පට ගාලා හෙන පිපිරුවා
හුලං හැමුවා...විදුලිත් කෙටුවා
මිනිස්සු ඉක්මන් වුනා
තොරොම්මල්කාරයෝ බඩු අකුල ගත්තා
සට පට ගාලා ජම්බෝල වගේ
වැහි බින්දු වැටෙන්න ගත්තා
කුනු කානු ඉතිරුවා
ඒත් කුනු හේදුන් නෑ
මඩයි කුනුයි හීතලයි බඩගින්නයි ඉතිරි වුනා
තව...

කඩ පිලක නකුටු හම්පඩ බල්ලෙකුයි
කෙල්ලෙකුයි ඉතිරි වුනා
ඇයි ...තව මමත් ඉතිරිවුනා
නෑ...තනි වුනා...අතරමං වුනාද මන්දා
කට කට ගාලා දත් ඇදි ගැහෙනවා
හීතලට
කොන්ද දිගේ වෙව්ලීමක්
හීතලට මගේ හිතේ
නෑ...බයට...මැදි පාන්තික සදාචාරෙට

මද හිනාවක්
මාර වැස්සක් නේ
මොන මගුලක් ද මන්දා
එක පාරටම කඩන් වැටුනේ
ඇතලේ මහ ඝෝසාවක්
යක්කු ගෑහනවා...මරලතෝනි දෙනවා
හූ තියනවා
මුකුත් කමුද...
මද සිනහවක්
දිගු නිහැඩියාවක්

උගුරට දෙකට තෝර බීඩියක් ඇද්දා
ආයි නිවුනා
මල ජරාව...මොන හුත්තක් ද මන්දා
ආයි පත්තු කරා
ආයි උගුරු දෙකක් ගැඔුරටම
වැහි වැටුනා
එයයි මමයි අපි  තෙමුනා
කොල්ලයි බල්ලයි කෙල්ලයි
රේන් කෝට් දැම්මේ නෑ

කාලෙකට පස්සේ
ආයිමත් වැස්සා
මහ නුග ගහ ලග පොට් එකේ
පඩුරු ගෙට ගහන වදින පුදන මහ රූස්ස ගහ පාමුල
එදා... එයා වමනේ දැම්මා
බල්ලත් හිටියා නකුට පුකේ ගහගෙන
මම ඈතින් බලාගෙන හිටියා
මට දුක හිතුනා
මට ඉවසිල්ලක් තිබුනෙම නෑ
තදියමයි හැමිනීමයි විතරමයි

එයා ආයිමත් හිනාවුනා
මද සිනහවක්
හීතලයි නේද...මුකුත් කමුද...

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මචං අවුරුදු ගානකට පස්පසේ බ්ලොග් එකට. ඒ වැස්සමද ද කෙහෙද තාමත් වහිනව.

    ReplyDelete
    Replies
    1. ඔව්. නිරිත දිග මෝසම සක්‍රීය වෙලා. බෙංගාල බොක්ක ආශ්‍රිතවත් අවපීඩන කලාපයක් වර්ධනය වෙමිනුයි තියෙන්නේ...ඒ කියන්නේ ඒ වැසස්ම තාමත් වහිනවා...මොකද කියන්නේ. තෙමෙමුද යාලු...

      Delete