Thursday, August 8, 2019

කලු ආලයක...ආලවන්තිය

'යමී'
'යම'
අප 'යමය'

කලු ආලයක...ආලවන්තිය
ලාස්‍ය ආත්ම තීර්ථයේ
තාණ්ඩව අර්චන වස්තුව
...යමී...යම...
රුහිරු ආලයක...
ආලයක රුහිරු  ලු
නෛයායික නොවු කලු ආලවන්තිය

අමාවාසයේ
බිම එලු සම් කඩක් මත
කොදුරමු මුතුන්මිත්තන්ගේ ගීතය
පූර්ණවාසි සෝමයාට ඔච්චම් කරන තරු එක්ක
කලු ආලවන්තිය 
එන්න...
පිරිමි තුරුලට
ගෘහයේ ධ්‍රැව තාරකාව වී

මූමූක්ෂත්ව ගැහැනිය
ආශීර්වාදාත්මක මහා ශේපය මත
වැගිරෙන්න ආත්මීයව
කලු ආලවන්තිය 
හැකිලෙන්න...හිර‍ෙවන්න...
පිරිමි කදුලක
හිනහෙන්න...හුස්ම ගන්න...තටු ගසන්න...
පිරිමියෙක් වගේ
හැකිලෙන්න...හිරවන්න
පිරිමි  හිනහවක
එන්න
කලු ආදරයක...කලු ආලවන්තිය
මවු පුදන
පිරිමීෂ්වරත්වයේ සැගව යන්න

No comments:

Post a Comment