Saturday, August 17, 2019

"kitchen fire"



මුඩුම මුඩු
මූසල නිල් ආකාහේ
රස්තියාදු ගහන 
මියෙන උපදින හදහාමිට
උඩු බුරන බල්ලන්
කාමී ඌෂාවට කෙදිරූ රහසක්

පුරා කන්‍යාවන් දස දෙනාගේ
ගොරහැඩි පිරිමැදීම්...උමුතු ආලිංගනයෙන්
සූකුරු මිදුනු
අරණි ලී කැබැල්ලෙන්
ආනන්තරීය පායශ්චිත්තයෙන්
උපන් පුලිගුව
යුවතිකාන්තය

තනේ කඩා ගිනි ඇවිලුවා
මයේ අම්මා... පත්තිනි අම්මා
ඇවිලුනේ නෑ
ගිනි ගත්තේ නෑ
අලු වුනේ නෑ
මහා පුරුස...බමුණු පිරිමින්

පැදුර පෑගුනත් බඩ වෙන
සරු නාරී භූමීයම
ඇවිලුනා...ගිනි ගත්තා...අලු වුනා
පක්ෂීන් ඉගිල ගියා ඈ මතින්
කාලවර්ණ මරණයේ දෙතොල් 
නහුතයක් සිපත්තා යෝනන්ගේ දේහයම
අහසත් නොවු පොලොවත් නොවු
අදුරත් නොවු ආලෝකයත් නොවු
උකුල් නිම්න ගර්භයම ඉරිතැලුවා
දලු ලෑවා පූජනීය ගින්න
පතිනිය මතම
පැදකුනු කලා පුජනීය ගින්න
සංසාරික පුරුද්දටම

වස්තුව විසුරුවන්නී
ඈ නමට
පොදි ගැහුනේ නෑ රත්තරන්
කිරි වැදුනේ නෑ ගොයම
වදා හිමි නමට
කර වුනා පින්බර තුල්සි පැලයම
ශෝකයේ තාපයට

එලබේවි අවදිවන දිනය
මරණයේ වේදනාවන් පරදවන
එම්බා...ශක්තියේ පුතුය...
නාරිපතිය...
යුවතිකාන්තය...
ජාතවේදයාණෙනි...
දෞස් හී රක්ත බීජය
ආපස් හී විජ්ජුව
වැගිරෙන ගිතෙලින්
බුර බුරා නැගෙන්න
දලු ලා වැඩෙන්න
තාපයෙන් තවන්න
මහා පුරුස

පුරාතනම සැහැලි ගයන්න යටිගිරියෙන්
පිරිමි සති පූජාවකට‍
දවුල් බෙර ගසන්න
දැවු වුන්ම  දවන්න
වින කලවුන්ටම වින කටින්න
තාපයෙන් තවන්න
බුර බුරා නැගෙන අග්නියෙන්ම  මරන්න
මහා පුරුසයින්

No comments:

Post a Comment