Friday, May 20, 2022

මහජන දේශපාලනයේ සූරතාන්ත විද්‍යාව.







 රටම සීරූවෙන්. දේශද්‍රෝහි වීරයෙකු වුවමනායි.


ජනතාව සහ ජනමතය කියන්නේ දේශපාලන කතනය සහ පාරිභාෂිත විද්‍යාව තුල පරිනාමය වුනු අතිශය සංදිග්තතාවයෙන් යුතු ව්‍යවහාරයක්. ජිමික් එකක්. 


මෙහෙම ගමුකො ග්‍රීකපුරාණෝක්ති වල තියෙනවා ජොව් සහ ජුනෝ අතර ලිංගික ක්‍රියාවේ ආශ්වාදය වැඩියෙන් ලමනුයේ ගැහැනියපිරිමියායන්න පිලිබද සමාලාපයක් ඇති වෙනවා. මේ ගැටලුව ඔහුන් ඉදිරිපත් කරනවා පුරුෂ සහ ස්ත්‍රී කියන අනුභූතින් ද්විත්වයම සහිත ටිරේසියෑස් වෙත. ටිරේසියස් ජෝවගේවාසියට  එනම් ගැහැනියක් බව ප්‍රකාශ කරනවා. 


වගේ ගොඩක් අය හිතනවා දේශපාලනයේ ආතල් එක ආශ්වාදය තියෙන්නේ පාරට බැහැපු ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු ලග කියලා. මම කියනවා නෑ. ඔයාලට වැරදිලා. ඔයාලා ගොඩක් එක්ක රමණයේ ආතල් එක තියෙන්නේ ඉතාම සුලුතරයක් ලග. සුවිශේ්ෂි ප්‍රභූ සමූහ අත. බලය බල ව්‍යුහයන් රටාවන් සහ ගතිකයන් අනුව සමාජ මනසේ රික්තකයන් පුරවාලන්නේ ඔහුන්. පාරේ ඉන්න අය එයාලව දැකලවත් නෑ. අදුනන්නෙත් නෑ. ඔහුන් ගේ අරගලය නියෝජිතයන් සමග. හරියට දෙවියන් වහන්සේගෙ පුත්‍රයා දූතයන් එක්ක. 

 

No comments:

Post a Comment