Monday, September 23, 2019

තාරාකාවක් ...පොලොවට ආදරෙන්...


හයිය මහ මුහුදේ
රස්සාවට පොර බදින
සිල්ලර අැස් අග
ගිනි ගන්න ඉරයි
කැලතුනු මහ මුහුදයි
දඩබ්බරව පෙම් කෙලින
මිරිගු ඉමට ඉහලින්
කැකිරි පැලුවා බැබලෙන තාරකාව

අතු ගෑවී ගිය අහස් ගල
බිනර කලුවේ
හදිස්සියේ ම හනි හනික‍
නියං පොලොව මත 
ගැඔුරටම කිදා බහිද්දි
නාස් පුඩු කිති කවන
දුවිලි සුවද කිලි නිනව්වක සගවා
කැකිරි පැලුවා බැබලෙන තාරකාවන්

ඉතින්...
.................
ඇන කිච්චං ගහගත්තු ඇත්තෝ
තාරාකාවට...ආදරේ කරා
තාරාකා අතර සිතුවම් මැව්වා
කතන්දර කිව්වා...තාරකා කෙල්ලන් ගැන
ඇවිටිලි කලා
සාප කලා
හී
ල්
ලු
වා
හීන දැක්කා
අහස දිහා බලන් හිටියා
පරම්පරා සිය ගනනක්

ඉතින්
වවුල්ලු එකා දෙන්නා  කොහේ දෝ පියෑඔුවා
හරිත වැන්දඔු මී ගස් කේඩෑරි වුනා
නි
න්
දෝ
සෙ
කලු කුමාරයා නිදහසේ 
පොලෝ ගැබ සරද්දී 
කිඩහැල්ලෝ කේඩෑරි වුනා
.................
කැකිරි පැලුවා බැබලෙන තාරකාව
.................
දවසක්
තාරකාව පොලොවට ලංවුනා
එයාට ජිවිතේ ඉව දැනුනා
ඉතින්
................
අපි
අහස දිහා බලන් හිටියා
පරම්පරා සිය ගනනක්


No comments:

Post a Comment