Tuesday, April 2, 2019

ඊඩිපස්...මතු බුදු වන අම්මා...

ඈ...
වල් බැල්ලියක්
පරම්පරාවේ නම කැත කරපු
සනුහරේ මූනේ දැලි ගාපු
පට්ට වේසියෙක්
තදියමට හැදුනු
සාපලත් 
ගැ
හැ
නි
ක්
සද ඇති රැයෙක රස්නෙන් උපන්
මම...රාහුල...
එල්ලුනා සුලැගිල්ලේ ඇගේ
කෝ...?...දායාද කෝ...?
...ඈ...
මාතෘ දෙවගන
වන්දනීය ජීවනයේ කමටහන
නොඇලි  නොගැටී
රමණයේ මැදි පිලිවෙත
නිරාමිසව ද්විජ සලකුනු තැබුවා
උපනයනය කලා
...ඈ...
...රාහුල...මා මත...
දෙවන උත්පත්තිය
විලි රුදාවෙන් තොර
වැදුගෙයි සන්නියෙන් තොර
ඈ...ඊඩිපස් අම්මා
මතු බුදු වන අම්මා
මා...රාහුල...
කිලුට්ටෙක්
අස්පරශනීය හීනයෙක්
බැහැරියානුවෙක්
දන එබුවා
පාමුල... මතු බුදු වන අම්මා... ඊඩිපස්...
රමණයේ මැදි පිලිවෙතේ
කමටහනේ අම්මා
...ඊඩිපස්...






No comments:

Post a Comment