Thursday, September 19, 2013

ප්‍රකාශනය- බලය සහ සමකාමීත්වය

(2013-09-10 වැනි දින ‍ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති ඔව් මම සමකාමියෙක් සහ අපි දේශප්‍රේමීන් නොවෙමි ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රකාශන සමාරම්භයේ කියවු අත්‍යාවශ්‍ය සටහන)

ප්‍රකාශනය යනු බලය ආකෘතික ගත කිරිමකි. කථනය ,ලිඛිතය ,රේඛාවන්, ශාරීරික වින්‍යාසයන් ,හො අපරිමිත සංඝටකයන් එහි ආඛ්‍යානයෝය. නෛසර්ගිකවම එය අසම්පුර්න වේ. ප්‍රතිවිරෝධාත්මක වේ. එනම් අවශෝෂන හා බහිෂ්කරනාත්මකය.  පුර්න ප්‍රකාශනය යන්න විසින් ප්‍රකාශනය යන්න නිෂේධනය කරනු ලැබේ. ඒ තුල ඇත්තේ අනවතර වු හඔායාමයි. එකි අර්ථයෙන් ප්‍රකාශනයෝ ගතික සහ වඩාත් ජෛවී වේ. පැවත්මේ සෘජු නියෝජනයකි. පාරිශුද්ධමය හා පරිපූර්නමය සංස්කෘතික පුර්වාපේක්ෂාවන් සහ පරාමිතීන් ප්‍රකාශනය තුල ‍‍ඵෛන්ද්‍රීයවම නිෂ්ප්‍රාමානික වේ.

සමලිංගිකත්වය යනු දෙවියන්ගේ රූපික සථාපනය වීමකි. මැවුම්කරුවානන්ට මනුෂයා සදහා වන සන්නිදර්ෂකය දෙවියන්මය. උන්වන්සේගේ මැවීම පුරුෂයායි. ස්ත්‍රිය යනු  පුරුෂයාගේ වේදනාත්මක ඉල ඇටයයි. පුරුෂමය දිගුවයි. උන්වහන්සේගේ අත්‍යන්ත ප්‍රෙමයේ විශ්‍ය පුරුෂයාය.එනම් ආදම්ගේ මොසස්ගේ ඊබ්‍රාහීම්ගේ දෙවියන් යනු සමලිංකයෙකි. පුරුෂයාගේ විශය ස්ත්‍රියයි. ස්ත්‍රිය යනු සාම්ප්‍රදායික අර්ථ විදාරනයෙන් සම්මුඛ වන භෙෘතික ව්‍යුහය නොවේ. ලිංගිකත්වයයි. එනම් ස්ත්‍රිය යනුවෙන් සුවිශේෂි භෙෘතික ව්‍යුහයක් නොමැති බවය.ස්ත්‍රිය යනු පුරුෂයාගෙන් පරිභාහිර සංජානනයක් හො වස්තුමය ස්ථාපනයක් නොවේ. එය සහජාෂයකි.  පුරුෂයාගේ ලිංගිකත්වයේ පරාරෝපනය වීමකි. පුරුෂයාගේ ප්‍රෙමයේ නිෂ්පත්තිය පුරුශයාමය. පුරුශයාගේ ලිංගික ප්‍රකාශනය යනු ස්ත්‍රියයි.

අද්‍යතන ලාංකීය දේශපාලන  ප්‍රතියමානයන් යනු ප්‍රභාකරන් නැමති මහා සාධකය නිෂේධනය වීමෙන් දක්ෂිණාර්ධය ප්‍රාරප්‍රාප්ත වීමෙන් ව්‍යුත්පන්න වුවකි. දක්ෂිනාර්ධය යනු පරිපුර්න ප්‍රකාශනයකි. එකි පරිපුරනත්වය විසින් මනුෂ්‍යත්වය නිෂේධනය කරනු ලැබේ. දක්ෂිනාර්ධයේ මනුෂ්‍යත්වය පරිස්ථිතත කලහැක්කේ උත්තරාර්ධය මගින්.දක්ෂිනාර්ධයේ පුරැෂයා සහ උත්තරාර්ධයේ පුරැෂයාගේ සමලංගික ප්‍රේමය මගිනි. 

දේශප්‍රේමය තත්භව වනුයේ  භූමියෙනි. එය බීජ ප්‍රරෝහණ ක්ෂේත්‍රයයි. ස්ත්‍රීමය සංකේතයයි. සිංහලයා සහ දෙමලා සවකීය කෘෂිකාර්මික මූලයන්ගේ දෘඩ අනම්‍ය ඉඩම් මනෝභාවයෙන් විගමිත වුවො නොවෙති.සමලිංගික ප්‍රෙමය යනු භෙෘතික ස්ත්‍රිය වෙනුවට පුරුෂමය යෝජනාවකි. එ තුල  උච්චේදය  වන්නේ භූමිය පිලිබද වන ආලයයි. එනම් දක්ෂිනාර්ධ පුරුෂයා ස්වකීය සමලිංක ප්‍රේම‍යෙ යෝජනාව ස්වං නිර්ණ අයිතිය සහ වෙන්වීමේ අයිතියයි. එය උත්තරාද්ධයට ස්වකීය ආශාවේ අහිමි කල  බීජ ප්‍රරෝහන  ක්ෂේත්‍රය නැතිනම් ස්ත්‍රිය අභිමුඛ කරයි.උත්තරාර්ධ පුරුෂයා ප්‍රතිපරිස්තිතිගත වන ස්ත්‍රිය-භූමිය සමත්‍රික්‍රමනය කල යුතුව ඇත.

‍මහාධිපත්‍ය සමලිංකිකත්වය යන්න විදාරනය කරනුයේ ලිංගිකව හො රොමෑන්තිකව සාම්‍ය ලිංගිකයන් වෙත ආකර්ෂනය වීමයි. පුරුෂ මුලික සමාජ ව්‍යුහය තුල මහා සාධකය වන්නේ පුරුෂයාය. පුරුෂත්වය මනින්නේ ස්ත්‍රීත්වය මගිනි. එනම් ලිංගික ආධිපත්‍යමය ශක්‍යතාව මගිනි. ස්ත්‍රියකගේ පරම සුඛය ස්වකීය පිරිමි ලිගුව තුල ඇතැයි පුර්ව නිෂ්චය කල  පුරුෂයාට ඩිල්ඩෝවක් අභිමුඛ වීම ක්ෂතිමය අනුභූතියකි. පරාරෝපනය වු ලිංගිකත්වය ,විස්තීර්න වරනය සහ සාපේක්ෂ නිදහස තුල අනන්‍ය පැවත්මක් ලෙස ගොඩනැගීමය. එබවින් දෘෂ්ටිමයව ස්ත්‍රී සමකාමීත්වය අවනිෂ්චය වේ. පුරුෂ සමකාමිත්වය ආන්තික වන්නේ ද පුරුෂයා ස්වකීය විෂයෙන් විගමිත වීම නිසාය.


පැවත්ම ප්‍රාථමිකත්වය ද සමාජ ආකෘතිය ද්වීතියත්වයේ ද නියෝජනයෝය .ධනේෂ්වරය මනුෂයාගේ ‍ෛඑන්ර්‍දීය පැවත්ම සාපේක්ෂ සාර්ථකත්වයකින් ප්‍රති ආකාතිගත කරනු ලැබේ. එය පෙරලා දැමිමේ ,නව්‍ය ව්‍යුහගතකරනය සදහා වන අවරෝධනයන් බලවත් වනුයේ එය මනුෂයාගේ නෛස්ර්ගික ආශාවන් අරා සිටින බැවිනි. මාක්ස් මෙම ආකෘතික පිහිටුම් නිෂ්පාදන සම්බන්ධතාවයන් මත විභේදනයන් සහිතව සංජානය කල අතර සමාජ ආකෘතීන් මුලයේ සිට රේඛීයව ප්‍රගාමිව චලනය වන බැව් ප්‍රකාශ කලේය. එය බලය සහ චලනය සම්බන්ධයෙන් වන පුර්ව විශ්වශනීය ආලොලනයකි. බලය සහ චලනයේ ‍ෛඑන්ර්‍ද්‍රීය ස්වභාවයන් භාෂ්මික කිරිමකි. ඒ අනුව මාක්ස් ස්වකීය ප්‍රවාදය පුර්ණ කොමියුනිස්ට් ආකෘතියෙන් ස්ඵටීකරනය කරනු ලැබේ.

ආකෘතික ගොඩනැන්වීම් පැවැත්ම සදහාය.එබාවින්ම නෛසර්ගිකවම ආකෘතින් සාපේක්ෂ ප්‍රමානයන්ගෙන් පැවත්ම නියෝජනය කරති. ප්‍රාග් කොමියුනිස්ට් ලාක්ෂනිකයන් වහල් සමාජය තුල හො ධනේෂ්වරය තුල වැඩවසම් ලාක්ෂනිකයන් හො ආපතික මතුවීම් නොව්.සියලු ආකෘතින් සාකල්‍යයෙන්ම පැවත්ම හා ආබද්ධ වන අතර වෛශයිකව සංජානය කරනු ලබන පුර්න විභේදිත පර්යන්ත ඉම් තුල සමාජමය ආකෘතින්  නිසෂේධනය කල නොහැක. එසේම මාක්ස්  කේන්ද්‍රයක් යොජනා කරයි. නමුත් පැවත්ම තුල විචල්‍යන් එකිනෙක හා සවායත්ත පරායත්ත වේ. එනම් අන්තර් සම්බන්ධීය දැලිසක බහි රේඛාත්මක චිත්‍රනයකි.අසම්පුර්නත්වය එහි ප්‍රේරන කාරකය වේ. ගාමකය වේ.පැරසික්ස්මය ප්‍රවාදයේ ඩාවීනියානු උද්ධෘතයන් ම එහි තාර්කික අවසාන ඵලය සහ සමාජ  ආකෘතීන්ගේ නිෂ්චිත සීමා නිර්නයන් නිෂ්ප්‍රමානික කරනු ලබයි. නිලීන සාධකයන් සහ එකි අවරෝධිතයන්ගේ අනවතර පැවත්ම සමාජ ආකෘතීන් සම්බන්ධයෙන් ද සප්‍රමාණ වේ. එනම් ධනේෂ්වරය කුල  අවරෝධිත වැඩවසම් සංරචකයන් යනු පුර්ණ නි‍ෂ්ක්‍රීය සංරචකයන් නොවන බවය.එය ක්‍රමීය ආකෘතිගත වීමක සාපේක්ෂ ප්‍රමාදයක ලාක්ෂනිකයක් පමනි. නිදර්ශකයක් ලෙස මාක්ස්ගේ වාස්තවීකරනය යන්න සලකා බලමු. ධනේෂ්වරය තුල සුරාකෑමට ලක්වන මනුෂයා යාන්ත්‍රික වස්තුන් බවට පතිවිමය. හර්බට් මාකුසේ ස්වකීය one demensional man නැමති කෘතියේ දි වාස්තවීකරනය විස්තීර්නව විදාරනය කරමින -මිනිසා පාරිභෝගික භාණ්ඩ තුල තමා හදුනා ගනි. තමාගේ වාහනය තුල තමාගේ ආත්මය දකි- යනුවෙන් යෝජනා කරයි.නමුත් මනුෂ්‍යා පරිභෝගික භාණ්ඩ තුල සවකීය ආත්මය සංජානනය කිරීම ආකාතික සුවිශේෂිතාවක් නොවේ. කවර සමාජ ආකෘතිකයක වුවද මනුෂයා ස්වකීය පාරභෝගික භාණ්ඩ-පරිභෝජනය තුල ස්වකීය ආත්මය සංජානනය කරයි.එය දඩයක්කරුවාට ද වහලාට සහ වහල් හිමියාට ද සාම්‍ය වන අතර ධනේෂ්වරය තුල එහි තීව්රත්වය සාපේක් ප්‍රමානාත්මකව වැඩි අගයකි. එනම් පරමයන් පවා ප්‍රාථමික පැවත්මේ මුලාකෘතික ලාක්ෂනිකයන් අත්‍රිකමනය කල නොහැකි දරිද්‍රතාවයෙන් යුතු බවයි.


සංවිහිත පැසිස්ට් මුලාකෘතින් ‍ෛඑතිහාසික  වරනාත්මක ප්‍රජාව නැතිනම් තෝරගත් ජනතාව හා සබැදේ. සෑම ගොඩනැන්වීමක්ම බලය ආකෘතිගත කිරිමකි. රාජ්‍ය යනු එහි සුවිශේෂි ප්‍රවාචයකි. රංචුමය ආශයේ වඩා සංවිහිත ප්‍රකාශනයකි.ඒ තුල සියලු පරමයන් ගෙ පාදක ව්‍යුහයන් ප්‍රාථමික පැවත්ම තුල සංජානනය කල හැකිය යන අර්ථය විදාරනය වේ. ස්වපීඩක හා පරපීඩකත්වය දේශපාලනමය විශයක්ය යන්නය. බලයේ ජනිතෘ කවරෙක් ද. සත්වයා යනුම බල ආකෘතියකි. නිෂ්පාදන ව්‍යුහයකි. නිෂ්පාදනය හා ප්‍රතිනිෂ්පාදනය යන වින්‍යාසයන් ද්වීත්වයම ඒ කුල අන්තර්ගත වන අතර එය සමාජමය ස්වරෑපි වේ.ප්‍රජාතන්ත්‍රවාදය හො  රාජ්‍ය යනු මම වැනි රාජාන්ඩුමය හො කවර හො බල ආකෘතින් තුල පැසිස්ට් ලාක්ෂනිකයන්ගෙන් විගමිත නොවේ. අප විසින් විස්ථාපනය කරනු ලබන බලයේ ආකෘතික ගත කිරිම් තුල අප අවිඥඤානිකව පිඩකත්වයේ සුඛය අපේක්ෂිතය. රාජ්‍යයේ පරපීඩකත්වය අභව්‍ය නොවේ. අප විසින් පැවත්ම සදහා ක්ෂුදුමය ව්‍යුහයන් විස්කෘත මහා මම වෙත විස්ථාපනය කරනු ලැබේ. ඒ තුල ස්ව පීඩකත්වය සදහා වන ආශ්‍රය විශද වේ. ආකෘතිකත්වයම යනු සිමීත චලනයයි. ස්වාර්ථීය ‍ෙමහෙයවීම යනු එකි පැසිසිට් මුලයන් වේ. උද්ධරණය යන්න නිෂ්පාදනය තුල නිෂ්පන්න නොවන අතර එය වරනය හා සහසම්බන්ධීය වේ.සීමිත වරනය උද්ධරණයේ පාදකයයි.

යුරෝපියානු මහා ආත්මීය ආශාව සථානගතවන්නේ ආසියාව තුලය. ආසියානු සංස්කෘතික පැවත්‍මෙ ආශුය අද්‍යතන  යුරෝ මොඩලයයි.එනම් යුරෝ ලෝකය ආසියාවට දෘෂ්ටි ලද්දි විලෝමව ආසියාව යුරෝව ස්වකීය ආශාව බවට පත්කර ගනි. අද්‍යතන යුරෝවේ යෝජන ප්‍රේමයයි. ප්‍රාග්ධන සමුච්චකරණයේ ප්‍රතිව්‍යුහගත එලඔුම ලෙස යුරෝව ප්‍රේමය යෝජනා කරමින් සිටි. ඒ තුල ඇත්තේ පුර්වජ ආගමික ප්‍රේමයේ අවිඥ්ඥානික ප්‍රකාශනයයි. කවර භූෂනයන්ගෙන් යුතුව යෝජනා කල ද ඒ තුල ඇත්තේ වැඩවසම් ප්‍රේමයමය.දෘඩ, ආධිපත්‍යමය,වරප්‍රසාධාත්මක ධුරාවලි ව්‍යුහයමය.

අරගලය යනු බිදිම් හා ගොඩනැන්වීම් හී අවිච්චින්නතාවයයි. ප්‍රශබ්ධිය පැවත්මෙන් වියුක්තනය කල යුතු නැත. ගූඪමය නිවන,ස්වර්ගය , හෝ වන පැවත්මේ පරාමීතින් උත්පාටනය කල සංකල්පීය ප්‍රවාදයන් ට විලෝමව පැවත්ම ප්‍රශබ්ධිය සදහා භෙෘතික ව්‍යුහය තුලම ලිංගිකත්වය යෝජනා කරයි.