Sunday, May 12, 2013

බාලචන්ද්‍රන්-කලා පුරන කාර්තික හද




කැටි ගැහුනු
සුදු වලාකුලු
පැතුරුනු
මහ
නිල් අහසේ
කලා පුරන
කාර්තික හද
පුංචි බාලචන්ද්‍රන්

ඊලාම් මව්ගේ
දොලොස් වක් පිරුනු
අහිංසක පුතු
බලා උන්නා
වෙඩි ලුනු ගද අස්සේ
අපේක්ෂාවෙන්
නිදහසේ

සිද්ධාර්ථ
උත්තානය කලා
නිවනින්
අවලෝකිතේෂ්වරයන්
නෙලු
ලෝහයෙන් ම කල
සිංහල උන්ඩයක්
පසා කලා 
පුංචි 
දෙමල හදවතක්

පෙර මෝසමේ
ග්‍රීස්මයට
ඇස් යට
හම රැලිවල රැදුනු
දහඩිය 
බින්දු දෙකක්
ගල් වුනා
මරන හීතලෙන්

මෝරාපු වෙසක් හදට
කුරෝලුව
ඇද වැටෙන
බකිනි මල් රොනට
මත්වෙච්ච
ආරිය සිංහල අතක්
මරා දැමුවා
කාර්තික හදක්

ශුෂ්ක වැලි පොලොවේ
තෙත් වුනු
රතු රුධිරයන්
බලා ඉන්නවා
පූදින්නට
නියගලා මල් ගොන්නක්

සිංහයින් නැති
පිරිත් පැන් නැති
කහ සිවුරු නැති
බයිනෙත්තු නැති
පච්ච පාට
භූමියක්
ඊලාම් භූමියක
හිස් අහසක්
බලා ඉන්නවා
සොලොස් වක්
පිරෙන තුරු

නිරුවත් කල ජාතියකට
ගද ගහන
දහඩියෙන් පෙගුනු
කලු ගැහුනු
කෙසෙග
අත්වලින්
දල්වන්නට ආලෝකයන්
විගලිත
මහවිරු ආත්මයන්
නමින්

පායාපන්
පිරුනු 
කාර්තික හද
බාලා-බාලචන්ද්‍රන්
නිදහස්
ඊලාම් අහසේ





2 comments:

  1. පරිස්සම් වෙයන් මලේ...

    ReplyDelete
  2. කාගෙන්ද? අනික මාත් එක්ක ඕන දේකට බොල ඉන්නවනේ!

    ReplyDelete