Saturday, April 13, 2013

කලුයි සුදුයි




ආවේනිකත්වය
මරාදැමු
ආක්‍රමනිකයා
ලුයි සුදුයි
සුදුයි ලුයි
සෙල්ලක්කාර
දඩයක්කරුවා

නවයක්
පොල් අතු වැටෙන
නවයක්
වැහි වහින
නවම් වැහි පොදේ
අත්තකිලමථයේ
සන් ලකුනු
සමගින්
ආයිමත් උඹ
උඹ ආයිමත් 

ලකුනු කල
බිම් කැබල්ලේම
ලුයි සුදුයි
සුදුයි ලුයි
දඩයක්කරුම ගොදුරක්ව

උස් පහත්
වෙමින් තිබුනා
ළය
බොහො වෙහෙසින්
කොලපාට ඇස්වල 
මතුවෙමින් තිබුනා
සුදු ඉංගිරියාව

තටු ගැසුවා
සුදු පාට
සලඔයෙක්
කාවල් වු 
ලුයි සුදුයි
සුදුයි ලුයි
මතකයෙන්
හිරි වැටි ගියා
මුලු ඇගම

දීප්තිමත්
රතු දිව්‍යමය අහසත්
අදුරුමය
ගැඹුරු
භක්තිමත් පොලොවත්
අතර
නැඹුරු වී උන්නා
අර්ධ සුරංගනාවියක්

බිදෙමින්
පැතිරෙමින් තිබුනා
ආපෝ තේජෝ වායෝ පඨවි
දිය වෙමින් තිබුනා
ලුයි සුදුයි
සුදුයි ලුයි

අෑ
පහුරු ගෑවා
නියවලින්
හිරිපස
අෑ 
සාප කලා
හැම ගොදුරකටම
අන්ජෛවියානු සංවේශනයේ
පහුරුගෑම් 
හපාකෑම්
ලේ ගලන 
සීරීම්හී
ස්මරණයෙන් ඇවිස්සි

අර්ධ සුරංගනාවිය
බලා උන්නා
ඩිම්බයක් සමග
සංසේචනයට
අපේක්ෂාවෙන්
මෝරාපු ශුකානුවක

දේව අංශුවේ
රැදුනු
ලුයි සුදුයි
සුදුයි ලුයි
ආයිමත්
ආවේනිකත්වය
මරා දැමු
ආක්‍රමනිකයා
සෙල්ලක්කාර දඩයක්කරුවා








1 comment:

  1. සෙල්ලක්කාරනම් දඩයක්කරුවා..දඩයම රසවිය යුතුයි නැත්නම් දඩයම වටිනවා විය යුතුයි..අපූරු කයියක්

    ReplyDelete