Prejustination
දෙවියන් මියයන්නේ නැත.
Thursday, November 1, 2012
පොන්නයා -මම සහ ආදරය
අහස
තැඔිලිම තැඔිලි
පාටයි
හදයි ඉරයි
දෙකම පායලා
පොසයිඩන්ගේ ඉසව්වේ
කරිච්චෙන් තෙමෙන
ඇගිලිකරු අස්සෙන්
උඩට මතුවු
මඩවලින්
දියමැඩියො කෑ
යටිපතුල්
වැලි මත
රිද්මයට පා වෙන
ඈ
මතට කඩාපැන්න
දුඔුරු සුදු බැල්ලියට
සන් කලා
ඈ
මුද්‍රාවෙන්
සැහැල්ලුවෙන්
පා වුනා
අැය
මා වෙතටම
පොසයිඩන්ගේ
මායාවේ දිය බුබුල
පිපිරි
දියකිදුරි නාරි රිද්මය
ඉරිතැලි
ඈ
ඔහු උනා
ඔහු
ඈ උනා
සංක්‍රාන්තික ලිංගික ජීවියා
නියති
පද පාදයෙන්
කැරකුනා මා වටා
දිදුලන කලු පැහැති
ඇගලි තුඩු වලින්
සියුම්ව
මා වෙලා
පා වුනා
අපි
වැටකෙයියා පදුරු ගොන්නට
කාලය අවකාශය
අතර
රිද්මයේ යතුර
හමුවුනා
ජීවයේ ජනන ධාතු
පෙරලුවා
උඔ
රස ධාතු ලෙස
සපා කෑවා
මා උෙඕ
තොල් දෙකම
ආදරෙන්
ගුද රමණයේ
රිද්මයාකාර චලනයෙන්
පොඩිවුනු
තොලොඔු කොල
උරා ගත්තා
අපේ
වස් දොස්
සුදු රෙදි නැ
පැල්ලම් නැ
අම්මයි නැන්දම්මයිත් නැ
මට ඇහුනා
ශිෂ්ට වුන්
අවක්ඥාවෙන් හිනාවෙනවා
උන් තමයි
නියම පිරිමි
නියම ගැහැනු
මම පලාගියා
මම දිව්වා
පොන්නයාගෙන් ඈතටම දිව්වා
මම සාප කලා
මහ සංස්කෘතික
පිරිමින්ට
ගැහැනුන්ට
ආගමට නීතියට
සදාචාරෙට
මම
පෙලුනා
නොස්ටැල්ජියාවෙන්
උඔ ගැන
උෙඕ
සොප්රානොවෙන්
මම කුඩුවුනා
බුදු පිලිමේ
පාස්ට පැරිස් බදාමයක්
කුරුසේ
ලී කැබැල්ලක්
මට වැටහුනා
පොසයිඩන්
පිම්පියෙක් වග
ලුබ්රිකේටන්
ජෙල් තල්ලියේ
මම දියවුනා
ගැහැනු පිරිමි අතර
දැන්
පොන්නයා
උඔ තමයි
මගේ දෙවියන්
ආදරය
ආගම
නිදහස
4 comments:
Dilan Leelarathna
November 1, 2012 at 8:23 PM
මම මේක කියෙව්වා!
Reply
Delete
Replies
Reply
Dinesh
November 2, 2012 at 2:28 AM
නියමයි..
Reply
Delete
Replies
Reply
Nishan de siva
November 2, 2012 at 9:34 AM
පට්ට
Reply
Delete
Replies
Reply
අමාගේ හීන සාප්පුව
June 25, 2017 at 9:59 AM
සැරයි!! හොඳයි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මම මේක කියෙව්වා!
ReplyDeleteනියමයි..
ReplyDeleteපට්ට
ReplyDeleteසැරයි!! හොඳයි
ReplyDelete