Thursday, September 27, 2012

මල්වඩම



මලවුන්ම
මලවුන් අදහන
මල
රටක

වසර දහස් ගනනකට
මත්තෙන්
මියැදුනු
මිනිහෙක්ගේ
දිරාගිය ඇටකටු
වන්දනා කරන්නට
පෝලීමේ යන
නඩ

ධාතු ලග
මලමිනී ලග
ජීවත්වන්නවුන්
තැබිය යුතු 
මල්වඩමක්
රහසේම-අදුරේම
උන්
තබාගොස් තිබුනා
හුස්ම ගන්නා
මිනිහෙක්ගෙ
ගේ දොරකඩක් ලග

ඇන්තුරියම්-ඕකිඩ්
මලින් සරසා
පොරො පහරින්
ජීවය සිද
යතු ගෑ
ලී පටිවලින් සිටුවා
සුදුපැහැ කඩදහියක
ලියා තිබුනා
නිහඩ වෙන ලෙස-වීදි නොබසින ලෙස
සටන් නොකරන ලෙස-හුස්ම නොගන්නා ලෙස

පන්ති සටන්
වීදි අරගල
මැද
උස් පහත් වු කට හඩට
ජීවන වියදමෙන්
බදු බරෙන්
තදින් උනුහුම් වු
ප්‍රාන වායුවේ
සැරෙන්
බියවී උන්
ආන්ඩු පෙරලෙයි-ආන්ඩු පෙරලයි

ජීවත්වන්නකුට
පෙම්බැදි
මලගිය එකෙක්
හීන් සීරුවට
තැබු
මල්වඩමක්
කසයට-තුවක්කුවට-උන්ඩයට-මාන්චුවට
ප ර පී ඩ ක
උෟර්ජයට පෙර
තබාගිය 
පෙර මග සලකුනක්

2 comments:

  1. සුපර්... මගේ සින්ඩියේ දාන්නද.....?

    ReplyDelete
  2. අහන්නත් දෙයක්ද? දාන්න,

    ReplyDelete