Saturday, September 1, 2012

කිලි ගැහැනු සහ දෙවියෝ


කපු මහත්තයෝ
දෙවියෝ
දේවාලේ ඇතුලේ
ගැත්තෝ
දේවාලේ දොරකඩ

මාස් ශුද්ධිය වු වුන්
වදාපු උන්
ධාතු පහවන පිරිමි වුන්
කිලි වැදි
කිල්ලට බියෙන්
නොවඩීද 
දෙවියන්
ශුද්ධ වු දෙවියන්

ටෙරාසෝ පොලොවට
ඉහලින්
රතු රෙද්ද පිටිපස්සේ
වැඩ ඉන්න දෙවියන්
වැඩිහිටියන්ට පමණ ද
ඇසැබි ද උන්දා
කඩු- ත්‍රීශුල- වේලායුධ
මීනි ඔලු අත් වලින් ගෙන
පිච්චෙන
කට්ට කුමන්ජල්
සුවද දුන් අස්සේ
ශාන්තය-බියකරුය-කාමුකය
දෙවියන්

දරු පල ඉල්ලා
අල්ලපු ගෙදරට හෙන ඉල්ලා
‍දඩුවම් ඉල්ලා
කිලි ගැහැනු 
දෙවියන් ලගට ඇවිල්ලා
කිලි වැදි
කිල්ලට බියෙන්
නොවඩීද 
දෙවියන්
ශුද්ධ වු දෙවියන්

ලද පස් මල් ඉස
රවුමට ඇතිරූ
බුලත් කොල විසිඑක
පන් වට්ටියේ
අඩුක්කල
පලතුරු ගෙඩි පුජාව
රතු රෙද්දෙන් වසා
සුවද -දෙයියන්ට
ගෙඩි -කපුවන්ට

ගොම අලිච්ච ඉස
කොහොඔ කොල
එල්ලා
උලච්චි කල
කහ සුදු හදුන්
දියරෙන්
කිලි සිරුරු සෝදා
පේ වන්න
දෙවියන්ට

ස්ත්‍රී යෝනියෙන්
ලේ ශ්ලේෂමල සෙම
මතින්
ලිස්සා
වෑදමහින් එල්ලි
හුස්ම ගත්
කිලි එවුන් 

කිලි වැදි
කිල්ලට බියෙන්
නොවඩීද 
දෙවියන්
ශුද්ධ වු දෙවියන්
යෝනියෙන් නූපන්
වෑදමහෙන් නොඑල්ලුනු
ඕපපාතික දෙවියන්

6 comments:

  1. මට නම් ඔය දෙවියෝ ගැන නෑනේ කිසිම විශ්වාසයක්.ලස්සන වචන ටික.ජය !

    ReplyDelete
  2. ඒ වගේම සමහර වෙලාවට හරි ගියොත් එල, වැරදුනොත් කිලි...

    ReplyDelete
  3. සහෝදරයා හේතුවාදයේ සීමාවක් තියනව නේද? ලොකේ තියන සෑම දෙයක්ම මේ වෙනකොට අපේ පන්චේන්ද්‍රියන්ට ගෝචර වෙලා ඉවරද?

    කොහොම වුනත විශිෂ්ඨ නිර්මාණයක්.

    ReplyDelete