කපු මහත්තයෝ
දෙවියෝ
දේවාලේ ඇතුලේ
ගැත්තෝ
දේවාලේ දොරකඩ
මාස් ශුද්ධිය වු වුන්
වදාපු උන්
ධාතු පහවන පිරිමි වුන්
කිලි වැදි
කිල්ලට බියෙන්
නොවඩීද
දෙවියන්
ශුද්ධ වු දෙවියන්
ටෙරාසෝ පොලොවට
ඉහලින්
රතු රෙද්ද පිටිපස්සේ
වැඩ ඉන්න දෙවියන්
වැඩිහිටියන්ට පමණ ද
ඇසැබි ද උන්දා
කඩු- ත්රීශුල- වේලායුධ
මීනි ඔලු අත් වලින් ගෙන
පිච්චෙන
කට්ට කුමන්ජල්
සුවද දුන් අස්සේ
ශාන්තය-බියකරුය-කාමුකය
දෙවියන්
දරු පල ඉල්ලා
අල්ලපු ගෙදරට හෙන ඉල්ලා
දඩුවම් ඉල්ලා
කිලි ගැහැනු
දෙවියන් ලගට ඇවිල්ලා
කිලි වැදි
කිල්ලට බියෙන්
නොවඩීද
දෙවියන්
ශුද්ධ වු දෙවියන්
ලද පස් මල් ඉස
රවුමට ඇතිරූ
බුලත් කොල විසිඑක
පන් වට්ටියේ
අඩුක්කල
පලතුරු ගෙඩි පුජාව
රතු රෙද්දෙන් වසා
සුවද -දෙයියන්ට
ගෙඩි -කපුවන්ට
ගොම අලිච්ච ඉස
කොහොඔ කොල
එල්ලා
උලච්චි කල
කහ සුදු හදුන්
දියරෙන්
කිලි සිරුරු සෝදා
පේ වන්න
දෙවියන්ට
ස්ත්රී යෝනියෙන්
ලේ ශ්ලේෂමල සෙම
මතින්
ලිස්සා
වෑදමහින් එල්ලි
හුස්ම ගත්
කිලි එවුන්
කිලි වැදි
කිල්ලට බියෙන්
නොවඩීද
දෙවියන්
ශුද්ධ වු දෙවියන්
යෝනියෙන් නූපන්
වෑදමහෙන් නොඑල්ලුනු
ඕපපාතික දෙවියන්
මට නම් ඔය දෙවියෝ ගැන නෑනේ කිසිම විශ්වාසයක්.ලස්සන වචන ටික.ජය !
ReplyDeleteඒ වගේම සමහර වෙලාවට හරි ගියොත් එල, වැරදුනොත් කිලි...
ReplyDeleteවිශිෂ්ඨයි.....
ReplyDeleteNiyamai
ReplyDeleteසහෝදරයා හේතුවාදයේ සීමාවක් තියනව නේද? ලොකේ තියන සෑම දෙයක්ම මේ වෙනකොට අපේ පන්චේන්ද්රියන්ට ගෝචර වෙලා ඉවරද?
ReplyDeleteකොහොම වුනත විශිෂ්ඨ නිර්මාණයක්.
supiri !!!
ReplyDelete