Wednesday, August 8, 2012

ලුබ්රිකේටන් ඡෙල් වලට සහ ඩිල්ඩෝ වලට ලංකාව බය ඇයි.?





‘ලංකාව යනු ශූද්ධ වු දේශයකි. එහි මැරයින්, කූඩුකාරයින්, ජාවරම්කාරයින්, ගණිකාවන් හෙවත් බඩු, සමලිංගිකයන් නැත. මක්නිසාද යත් මෙය බුදුන්ගේ දේශය වන බැවිනි. ’

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි අධිපතිව මතවාදයේ අද්‍යතන හැඩය එබදුය. හිට්ලර් ප‍්‍රමුඛ  නට්සිවාදීන් පිරිසිදු ආර්්‍ය ජනතාවක්  සහිත ජර්මනියක් බිහිකරන්නට කැස කැව්වා සේම මෙහිද ප‍්‍රයත්නය ආර්්‍ය ජනතාවක් , ආර්්‍ය සංස්කෘතියක් සහිත ශුද්ධ වු දේශක් බිහිකරන්නටය. නට්සීන්ගේ ස්වස්ථිකය වෙනුවට  සිංහයා ආදේශ වී ඇත. සිංහලයා පාදක කොට ගනිමින් අන්‍ය වාර්ගිකයින් හා සංස්කෘතීන් බැහැර කෙරෙන මර්ධනය කෙරෙන පාගා දමන දේශපාලන සංස්කෘතීක ධාරාවක් පාලක පන්තීන් විසින් හසුරුවන ලබන අධිකාරි  මතවාදයන් හරහා ස්ථාපිත කෙරෙමින් පවතී. 


සිංහල අධිපතිවාදී මතවාදය සැලකිය යුතු කාලයක් තිස්සේ අවිච්චින්නව පැවති අතර එහි සූවිශේෂි ඛණ්ඩනයක් සිදු නොවුනි. අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතවාදයට සමගාමිව ධර්මපාලයන් වැනි පුද්ගලයන් හරහා ගොඩනැගෙන සිංහල බෞද්ධ මතවාදය අද්‍යතන සමාජ වටපිටාව තුලද පාලක පන්තීන්හී සිතැගියාවන් නියෝජනය කරයි. ධනේෂ්වරය විසින් ලෝක මට්ටමින් වු  යටත් විජිතවාදී ස්වරූපී මර්ධන යාන්ත‍්‍රණය හකුලා ගනිමින් දේශීය ධනපති පන්තිය සමග සම්මුතිගාමී වෙමින් දේශීය ධනපතීන්ට බලය පවරා දෙනු ලැබීය. දේශීය ධනපති පන්තිය නියෝජනය කලේ රෙද්ද අස්සේ මහත්වරුන්ය. 



රජු , භූමිය , කුලය පදනම් කොට ගත් වැඩවසම් ස්වරූපය අධිරාජ්‍යවාදීනගේ ආගමනයත් සමග පරිවර්තනයකට (?* ලක් වන අතර ඔහුන්ගේ ධනේෂ්වර ආර්ථිකයට අදාල සේවා සැපයීම මගින් දේශීය ධනපති පන්තියක් බිහි වේ. කරාව , සලාගම , දුරාව වැනි පීඩිත කුලයන් ද අරක්කු රේන්ද , ලී බඩු වැනි ව්‍යාපාරයන් හරහා ස්වකීය සාම්ප‍්‍රදායික වැඩවසම් ස්වරුපයන් සමග ගැටෙමින් දේශීය ධනපති පන්තිය තුල පැලපැදියම් වේ. ඔහුනගේ දු පුතුන් යුරෝපකරයට ගොස් අධ්‍යාපනය ලබා ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරයන් සහිතව මෙරටට පැමින විදේශීය පාලන තන්ත‍්‍රය ව්‍යුත්පන්න කරමින් පාලනය සදහා ස්වදේශී ධනපති පන්තිය ආදේශ කිරිමට උත්සාහ ගනී.



ස්වදේශී ධනපති පන්තිය දේශපාලනික වශයෙන් ස්ථාවර වීමේදී මුලික ස්වරූපයන් දෙකක් විශද වේ. කලිසම් කෝට් අගලා ගත් ක්‍රොම්පදෝරු ධනේෂ්වරය සහ ජාතික ඇදුම (?* ඇගලා ගත් ජාතික ධනේෂ්වරයයි. මේ දෙකොට්ඨාශයම ලාංකීය භුමිය තුල වැඩවසම් සම්බන්ධතාවයන් කුඩුකර ෙඓතිහාසිකව පැවරෙන ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යාමට අපොහෙසෙති වෙි.  එහි උත්ප‍්‍රාසය වන්නේ  වාචිකව හො මාක්ස්වාදය මත පදනම් වුවායැයි ඉන් නිෂ්පන්න වුවායැයි සැලකෙන දේශපාලන හා සමාජ ව්‍යාපරයන් ද ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉදිරි ගමන සදහා උරදෙනු වෙනුවට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය තුලම ලඝු වීමය. දේශීය ධනපතීන් සිංහල ස්වෝත්තමවාදය යොදා ගන්නේ ස්වකීය බලය තහවුරු කර ගැනීමේ සහ ව්‍යාප්ත කිරිමේ පදනමෙනි. එනම්  කොන්ඩම් තියරියෙනි. රාජපක්ෂ පාලනය යනු එහි කූටප‍්‍රාප්තියයි.



දේශීය ධනපති පන්තියේ අධ්‍යාශය වී ඇත්තේ තට්ටු මාරු ක‍්‍රමයට බලය ලබා ගනිමින් දෙන දෙයක් කා බී වෙන දෙයක් බලා සිටින්නා වු යටත් වැසියන් පිරිසක් බිහිකර ගැනීමය. එනිසා ඔහුන්ට මෙහි වැඩවසම් සම්බන්ධතාවයන් පුපුරුවා දැමීමේ වුවමනාවක් නොමැත. ඔහුන්ගේ පාලන උපක‍්‍රමය පදනම් වී ඇත්තේ දුපත්වාසීන් හට ජනප‍්‍රියවාදී ජාතිකවාදී දේශපාලනයක් සිදු කරමින් ගෝලීය ධනේෂ්වරය සමග අතයට ගනුදෙනු කිරිමේ ස්වරූපයෙනි. එහි ප‍්‍රතඵලයක් ලෙස ලාංකීය දේශපාලනය සංස්කෘතිය හා සමාජය තුලින් ඔද්දල් වන පල්වන ස්වරූපයක් ගම්‍ය වේ. 



මානවයා ස්වකීය පැවැත්ම සදහා යෙදෙන අනවතර අරගලය තුල අභ්‍යන්තරව හා බාහිරව ඇතිවන ගැටුමේ ප‍්‍රකාශනය සංස්කෘතිය නම් වේ. එබැවින් සංස්කෘතිය ජිවීය. ගතිකය. එහෙත් අද්‍යතන ලාංකීය අධිපතිවාදී මතවාදයේ ප‍්‍රයත්නය එය ස්ඵටීකරණය කිරිමය. එහි නෛසර්ගික චලිතය අහුරා වැලක්විමටය. සමලිංගිකයින් වැනි ආන්තික ප‍්‍රජාවන් පිලිබද ඔහුන්ගේ එළඔුම් වලින් විශද වන්නේද එයමය. පාලක පන්තිය විසින් හසුරුවන ලබන ජනමාධ්‍ය විසින් සමලිංගිකයින් කුඩා දරුවන් අපයෝජනය කරන ගෝනිබිල්ලන් ලෙස රූපනය කරන්නේත් අනුරුද්ධ ප‍්‍රදීප් වැනි ඇකඩමික් බුද්ධිමතුන්, අධිපති සංස්කෘතවාදය වෙනුවෙන් පෙනි සිටින්නන් සමලිංගිකයින්ට එරෙහිව තර්ජනාගුලිය එසවෙන්නේත් එහා ප‍්‍රතිඵලයක් ලෙසය. 



සමලිංගිකත්වය යනු රොමෑන්තිකව හො ලිංගිකව සමාන ලිගිකයන් වෙත ආකර්ෂනය වීමය. එය ප‍්‍රතික්ෂේප කලයුතු හො මර්ධනයකල යුතු හො ජීවී චර්්‍යාවක් නොවේ. එය මනුෂ්‍යාගෙන් පරිබාහිර සත්ව කොට්ඨාෂ තුල විශද වන්නාවු ලිංගික චර්යාවකි. එහෙත් ලාංකික සමාජය තුල එය රූපාන්තරණය වන්නේ ප‍්‍රතිකාර ලබා ගතයුතු බැහැර කල යුතු චර්්‍යාවක් ලෙසය. එනම් අධිපති මතවාදය හසුරුවන්නන් හෝමොෆෝබියාවෙන් පෙලෙන්නන් බවය.



පුරුෂොත්තමවාදී කතිකාවක් සහිත මේ දුපත තුල සමලිංගිකත්වය යන්න අර්ථකථනය වනනේද පුරුෂයන් පුරුෂයනට ආකර්ෂනය වීමක් ලෙසය.ශී‍්‍ර ලාංකීය දණ්ඩ නීති සංග‍්‍රහයේ සමලිංගිකත්වය යන්න දක්වා අත්තේ පුරුෂයන් අතර තදබල අශෝබන කි‍්‍රයා ලෙසය . එහි ස්තී ෂාර්ෂවය පිලිබද කතිකිව වුවමනාවෙන්ම හකුලාගනී. පුරුෂොත්තමවාදී සමාජයක් තුල මහා සාධකය වන්නේ පුරුෂයාය. පුරුෂත්වය මැනෙන්නේ ස්තීත්වය මගින්ය.(තමන්ගෙන් විකර්ෂනය වු කෙල්ලන් පෙන්්වා මම අරකිට  වැඩේ දුන්නාය කියන මහා පුරුෂයන් දුපත තුල අඩුවක් නොමැත.* ස්තිය පුරුෂයාට පිටුපාමින් තවත් ස්තියක් හා ආකර්ෂනය වීමේ ලිංගිකත්වය ඊට හසු නොවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් සැබෑව ලංකාවේ පිරිමි සමකාමීන්ට වඩා ස්තී සමකාමීන් ප‍්‍රතිශතාත්මකව වැඩි බවය.ස්ති‍්‍රයකගේ පරම විනදනය ස්වකිය පිරිමි ලිගුව තුල අතැයි සිත සිටි ලාංකීය පිරිමිනට ඩිල්ඩෝවක් එතනට ආදේශ වීම දරාගත නොහැකි වීම අරුමයක් නොවේ.




ප‍්‍රධාන සංස්කෘතික ධාරාවේ මතවාදය හසුරුවන ඒකාධකාරීන් විසින (අකඩමික් උගතුන් , ජනප‍්‍රිය ආගමික දේෂකයින්....* ලිංගිකත්වය සහ ඊට අනුයාත වු සියල්ල්  වාරනය කෙරෙමින් පවතී. කලාව තුල ලිංගිකත්වයේ ප‍්‍රකාෂනය තහනම්ය.(බ්ලු ෆිල්ම් නැතිනම් ප්‍රොනෝගැෆි යනු ද කලාවක් බව මේ මුග්ධයින්ට නොතේරේ.* අධ්‍යාපනය තුලදීද ලිංගික අධ්‍යාපන් අත්තනෝමතික ලෙස අහුරා දමා ඇත. ඉනුදු නොනැවතී පුද්ගල ලිංගික චර්්‍යාවන්ට අත පොවන මට්ටමට එය දිගුවී අුත. පාලක පන්තිය සහ එහි මතවාදය හසුරුවන්නන් ලිංගිකත්වය හදුනා ගැනෙන්නේ නිෂේධනාත්මක වශයෙන් සහ පාලනය කල යුත්තක් ලෙසිනි. සමලිංගංකත්වය වැන් ප‍්‍රස්තුතයකදී මොහුන්ගේ ප‍්‍රධාන තර්කනය වන්නේ එය අපේ සංස්නෘතිය හා නොගැලපෙන බවයි. එකී මුඛ්‍ය තර්කනයම ඔහුන්ගේ අල්පශැතභාවය ප‍්‍රකාෂ නොකරන්නේද? පරීපුර්ණ , නොකෙළසුනු ශුද්ධ වු සංස්කෘතීන් නොමැති අතර ප‍්‍රාථමික වන්නේ පැවැත්මයි. සංස්කෘතිය ගතිකය. විවාහ සංස්ථාවේ විකාශනය පමනක්ම මේ සදහා සෑහේයැයි හැගේ. ව්‍යාභිචාරය , සමුහ විවාහ , බහු පුරුෂ බහු භාර්්‍යා , ඒක විවාහ , අද්‍යතනයේ සමලිංගික විවාහ  ලෙස එකී විකාශනය තුලම ලිංගිකත්වයේ චලිතයන් හදුනාගත හැක. ඉන් ගම්‍ය වනුයේ එක් එක් යුගයන්හී දි නැතිනම් නිෂ්පාදන අවධීන්හීදි එක් විවහ සංස්ථාවක් නැතිනම් ලිංගික චර්්‍යාවක් ප‍්‍රබල වු බව විනා  අවශේෂයන් නොපැවති බවද නොවේ. ආගමික තර්කනයේදී සමලිංගිකත්වය බැහැර කරනුයේ දුෂ් කි‍්‍රයාවක් නැතිනම් පාපතර වුවක් ලෙස සලකාය.එහෙත් ආගමික සංස්ථාව තුල (බෞද්ධ , කි‍්‍රස්තියානි...* නම් සමලිංගිකත්වයට පොලඔවන ජීවී සාධක කෙසේ  වෙතත් පාරිසරික සාධක නම් බහුල බවකිව මනාය. 



සමලිංගික ප‍්‍රජාවට ඔහුන්ටම අනන්‍ය වු සුවිශේෂි දේශපාලන සමාජීය ගැටලුන් පවතී.ප‍්‍රධාන ධාරාව තුල ස්වකීය ලිංගික අනන්‍යතාවය ප‍්‍රකාශ කල නොහැකි වීම , එනිසාම ඇතිවන ආතතිය , තම අයිතීන් ස්ථාපනය කරගත නොහැකි වීම ආදී අනන්‍ය ගැටඵ සමුච්චයක් සමලිංගික ප‍්‍රජාවට ඇත. ඔහුන් ප‍්‍රධාන දාරාවෙන් ධ‍්‍රැවීයකරනය නැතිනම් ආන්තීකරනය කරනු වෙනුනට ප‍්‍රධාන ධාරව සමග අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට  සැලසිය යුතුය. ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ධාරව සදහා විරොදාකල්ප ප‍්‍රකාශවන නමුදු ප‍්‍රධාන ධාරාවේ සංස්කෘතක තර්කනය විරෝධාකල්ප වලින් තොරය. ශුෂ්කය. පටු ජාතිකත්වය , ආගම්වාදය තුල සංස්කෘතික චින්තනය සිරකරමින්  එය පල්වන්නට හැරීමට අධිපතිවාදීන් සමත් වී ඇත. මක් නිසාද යත් සිදුවන ඔ්නෑම චලිතයක් බලය පිලිබද අවිනිෂ්චිතතාවයකට   හේතු විය හැකි බැවිනි. අතැම් දේශපාලඥඥයින්ට ද සමලිංගික චෝදනා එල්ලවද්දී ඔහුන ඒ සදහා දැක්වුයේ නිහඩ හෝ මගහැරීමේ ප‍්‍රතිපදාවය.  එය මෙම ප‍්‍රජාවන්ට ප‍්‍රධන ධාරාව සමග ගැටීමට ඇති නොහැකියාව විශද කරයි.



ශි‍්‍ර ලංකාව තුල සමලිංගිකත්වය නෛතිකව තහනම් වුවකි. ඒ යටත්විජිතවාදී නෛතික රාමුව තුලය. පුද්ගලයා ස්වකීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප‍්‍රයත්න දැරිමේ දී පවත්නා නිෂ්පාදන බලවේගයන් නියෝජනය කරන නීති රීති සම්ප‍්‍රදායන් සමග ගැටිමේ දී වඩා සංකීර්ණ සමාජ සම්බන්ධතාවයන් නිෂ්පන්න වන අතර නව නීතිරීති උපුටා ගත යුත්තේ ඒ මත පදනම් වෙමිනි. ලංකාව තුල කාලයක් තිස්සේ උත්කර්ෂවත් නොට උත්තරාරෝපනය කොට ඔජ දමන සිංහල සංස්කෘතියේ අද්‍යතන ස්වරූපය වික්ටෝරියානු සංස්කෘතවාදයේම පිලිඔිබුවකි. පියානෝ කකුල් ද රෙදි වලින් වැසු වික්ටෝරියානු සංස්කෘතියද චලනය වෙමින් සමලිංගිකත්වය අනුයද්දී යටත්විජිතවාදයට අධිරාජ්‍යවාදයට එරෙහිව ගිරියපුප්පා  විරෝධයපාන දේශපේ‍්‍රමීන්ට(?* සිය සමාජීය ප‍්‍රජාවකගේම ගෙල සිර කිරීම සදහා අධිරාජ්‍යවාදීන්ගේ නීතීන්හී සරණ යන්නට සිදුවීම උත්ප‍්‍රාසයක් නොවන්නෙද? ලාංකික සංස්කෘත ඒකාධිකාරීන්ට අද ඉතිරිව ඇත්තේ කෙල්ලන් කලිසම් ඇදිය යුතු උස තීරනය කරමින් ජංගිය පෙනීම වලක්වා ලීම පමනී.



උඩු රුවුල්වාදී මහා පුරුෂයන්  වරණය කෙරෙන , දේශපාලඥඥයාගේ ෂුරුෂ ශක්තිය මැනීමට ඔහුගේ දරුවන් ගනන  ගනින ජන සම්මතවාදයක් තුල සමලිංගික දේශපාලනයක් පිලිබද යෝජනා කිරිමද විහිඵවක් වියහැක. වෙනස් කොට නොසැලකිය යුතු බව සහ වෙනස් කොට සැලකිය හැකිද යන්න සමලිංගික දේශපාලනයේ පදනම් තර්කයයි. විවාහයට පෙර ස්තී‍්‍රන් කිහිපදෙනෙකුගේවත් රසබලා තමන් විවාහවන ස්තී‍්‍රයගේ කන්‍යාභාවය සොයන සුපිරිසුසු සංස්කෘතික උරුමය තුල සමලිංගිකයින් කොලුකාරයින් , ආප්ප ගසන්නියන් ලෙස ආන්තික වීම අරුමයක් ද නොවේ. පාලක පන්තීන් සංස්කෘතික චලිතයන් වලක්වා එය ස්ථතීකරනය කරන විට අධස්ථ ව්‍යුහයම වෙනස් කොට උපරි ව්‍යුහය වෙනස් කරම් හො කල්ලන්ට කලු විසදුම් , සමලිංගිකයින්ට සමලිංගික විසදුම් නැතයි පවසමින් නොසිට ප‍්‍රධාන ධාරාව සමග ගැටිය යුතු නොවන්නේද?

                                                                                             




7 comments:

  1. ada kaalaye pradhaana prashnaya hikeema noweyi. jeewathweema. dawasakata eka welakwath kanna nathuwa inna minissunta hukana gel, krutheema payi walin wadak natha. thamange mahaa ugathkama me wage ponna maathrukaa walin keemen wadak natha. me blog eke sinhalen kelinma tayip kireeme pahasuwa haduwoth sinhalen liyannam.

    ReplyDelete
    Replies
    1. පරිඝනකයේ යුනිකෝඩ් පහසුකම සථාපනය කොට ඇත්නම් සිංහලෙන් ටයිප් කල හැකිය. කෙසේ වෙතත් ඔබ ඉංග්‍රිසියෙන් ටයිප් කල විට වඩා ලස්සනය.

      Delete
  2. රැවුලයි කොණ්ඩෙයි වැවුවට පොරක් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. දැක්කනේ නේද කියපු දේ. ඇතිද අහගත්තා?

      Delete
    2. ඇත්ත ඇත්ත. රුවුලයි කොණ්ඩෙයි කපලා මිස්ට බීන් වගේ හිටියට පොරක් වෙන්නෙත්නෑ.

      Delete