Wednesday, August 15, 2012

සිද්ධාර්ථ නම් අර්චනකාමියා



මහල්ලෙක්
ලෙඩෙක්-මලකදක්
පැවදිරුවක්
හුදි ජනයාට
අරුමයක් නොවු
ශාක්‍ය වංශික 
කොලුගැටයා
බය කල
නිමිති සතරක්

රත්තරනින් නිම කල
වැලි ඔරලෝසුවේ
පැති මාරු කරමින්
විදි කම්සැප
දනි
නිරතුරුව 
බඩු ගසන උන්

කුනුවන දිරන
පොලොවට පස්වන
සිරුර ගැන
නොසිතා
තවත් බොහො
ආතල් 
ගන්නට තිබිනි
චොකලට් තිබුනි නම්
කලවම් කර
කන්නට
ඉන්ද්‍රජාලික හතු සමග

ස්ත්‍රී සිරුරට
පහසටත් වඩා
මුඩු හිස
ඇගට ඇලෙන
සිවුර
කාමුකය
අර්චනකාමියෙකි
නුඔ
සිවුරට-පාත්‍රයට ලොල් බැන්ද

අනේපිඩුලා විශාකාවන්ලා
හිග වුන ද
උඔට
හිස මුඩු මහණ-සිද්ධාර්ථගේ
පිරිත් පැන්-පිරිත් නුල්
විකිනෙති මෙහි
ගජරාමෙට
ගනනින් බොහො වු
නුතන
අනේපිඩු-විශාකාවන්ට

කෙලෙසු
නුඔම
කෙලෙසති 
මුන්
රංචු පිටින්
පරසිද්දියේ-මාර්කැට්ටුවේ
විකිනෙන-සේල් දමන
බඩු අතර
බඩුවකි
නුබත්
විකිනෙන

මස්ලෑලි මත බාවා ඇති
සිරුර සීතලය
විසිකල අදන
හෙලුවෙන් රගති
මහනුන්
දෙව්දත් සිනාසෙයි
නුඔට

සදුන් දර මත
ගිනිදැමු
ශ්‍රී දේහයේ
සුන්බුන් අතර වු
හකුපාඩ සහ දත්
සිල්ලරට විකිනෙයි

දෙතිස් මහා පිරිමි
ලකුනු ඇති
රන්වන් සිරුර
හොද
ගානක් වටි
ඉපදුනිනන් නුඔ නැවත

5 comments:

  1. ටිකක් සැරයි මේ පාර නම් :)

    ReplyDelete
  2. මේ ක ලස්සනයි..මේ ලඟදි මං දැක්කා පිළිම වගයක්..ඒවා වැරදි නේද කියලා ඇහුවාම කස්ටිය කියන්නෙ ්ෙදතිස් මහා පුරුස් ලකුණු තියෙනවා කියලා....

    ReplyDelete
  3. ඔඹේ ලිවිල්ල මල් මසුරං
    බොහෝම ඉහල තලයක
    අභිමානයක්
    ජයවේවා...!

    දිගටම ලියන්න..

    ReplyDelete
  4. ෂා අමුතු වැඩක් අමුතු සිතක්... ලස්සනයි.. ජය!!

    ReplyDelete