Saturday, August 4, 2012

කොන්ඩම් සහ මිතුරි



සිංහබාහු
ඉක්මන් කාරයෙක්ලු
කොන්ඩමයක්
නොතිබු
ක්ෂණික මෝචනයේ
ශුකාණු
ජාතියේ
ආච්චි මත හැලු

බොහො
කල් ගෙවි
කොන්ඩම් සහ මිතුරි
නව කොලෝනියල්
උරුමය
පුංචි පවුල
රත්තරන්
සිංහල ජාතියේ
තේමා ගීතය

මිතුරි පෙති
ගිලදමා
අශුද්ද ලෙයින් පුරවා
සිංහල ගැහැනු
වැස්සියන් සේ
තරවී
වරා ඇත කිරි
දෙතනේ

පිටරටින් එන
රබර් කොන්ඩම්
මොකටද
අඩපන වන
සිංහල
ශිෂ්න
සෘජු කරන්නට
දගලන අශ්ව රූ කෙටු
ස්ටැමිනා
කුමටද
සුර්්‍ය සිංහ ලකුනු බලා
ගන්න අපේ දේ
ගෙදර යන ගමන්
කුප්පි වල පුරවාපු
තල තෙල්
සහ
නැවුම්
තල් ගෙඩි

පොලිමේ
හදාපියව්-වදාපියව්
පෙරට විත්
රැකගනිව්
සෝමහිමි චින්තනේ

3 comments:

  1. ඔහොම යමන් මිත්‍රයා. ජය වේවා!

    ReplyDelete
  2. soma himi ge paka thama

    ReplyDelete
  3. ෂා පට්ට ඈ!! (උඩ ඇනා මොකා උනත් ඌට හෙන වදී)

    ReplyDelete