Friday, August 17, 2012

ඕස්ට්‍රේලියාවේ දි කුමාර් මහත්තයා වෙස් මුහුන ගලවයි

ජ.වි.පෙ. විමතික පාර්ශවයේ නිල නොවන නායකයා වන කුමාර් ගුනරත්නම් පීඩිත දෙමල අරගලය පිලිබද ස්වකීය මතය ප්‍රකාශ කොට ඇති අතර එහි උද්ධෘතයක් ත්‍රිමාන සගරාවේ පලකොට තිබුනි. ත්‍රිමාන ලිපිය කියවන්න

(1)ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩනයවීමට ඔබට බලපෑ දේශපාලන පදනම කුමක්ද? 
උත්තරය – අංක 1  තමයි පන්ති සහයෝගීතාවය. ඒ අතරම අපිට තිබුණු ස්වයං-විවේචනය තමයි ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව අරබයා ජවිපෙ දැක්වූ ප්‍රතිපත්තිමය රාමුව. 

(2)හරියටම නිශ්චිතව කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව අරබයා ඔබ සංවිධානයේ ස්ථාවරය. ඔබේ අළුත් පක්ෂය ස්වයං -නිර්ණය අයිතිය සහිත පීඩිත සුළු ජාතියක් ලෙස දෙමළ ජනයාව පිළිගන්නවාද? 
උත්තරය – ජවිපෙ වගේ නෙමෙය, අපි පිළිගන්නවා දෙමළ සහ මුස්ලිම් ජනයා කියන්නේ පීඩිත ජාතිකත්වයන් කියලා. 

නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින තත්වාරෝපිතය තුළ දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලට ජාතික ගැටළුව විසඳීමේ විධික්‍රමයක් ලෙස බලය බෙදීම හෝ ස්වයං- නිර්ණය ලබාදීම ගැටළුවට උත්තරයක් ලෙස විශ්වාසයක් අපිට නෑ. ඒ වුණාට එවැනි විසඳුමක් තත්ත්වය තවත් ව්‍යාකූල කරනු ඇත. නමුත් ඒ එක්කම අපි විශ්වාස කරනවා සුළු ජාතික ප්‍රජාවන් පීඩනයට ලක්වෙලා තියෙනවා කියලා. ජාතීන් බෙදා වෙන්කරනවා කියන්නේ පීඩිත පන්තීන් බෙදා වෙන් කරනවා කියන එක. එය තමයි නව ලිබරල් ධනවාදය තුළ අවසන් ප්‍රතිඵලය. 

එබැවින් අපි භාවිතයට ගත යුත්තේ සමාජවාදී වැඩසටහනක් මිස සමාජ – ප්‍රජාතන්ත්‍රවාදිී  වැඩසටහනක් නෙවි. සමාජවාදය හරහා තමයි අපි අවසන් නොවුනු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ (ජාතික ගැටළුවත් සහිතව) අරමුණු ඉෂ්ට කරගත යුත්තේ. (උපුටා ගැනිම අවසන්)


මෙකි ආස්ථානය ජ.වි.පෙ. ට හො ගුනරත්නම්ලාට අභුතපුර්ව වුවක් නොවන අතර පීඩිත දෙමල අරගලය පිලිබද විමතිකයන්ගේ ස්ථාවරය ලයනල් බෝපගේ ලා ගේ දියාරු තියරිවාදයම බැව් අප මීට පෙර පෙන්වා දුනි .අලුත් ලේබලෙන් එන පරන රතු වයින්


ගුනරත්නම්ලා ඉතාමත් නුදුරෙදි ලංකාව තුල සමාජවාදය ස්ථාපිත කරන හෙයින් දෙමලා කල් අල්ලා සිටිය යුතුය. සිංහලයින්ගේ මිලිටරි ආධිපත්‍ය උන්ගේ ලිංගික බලහත්කාරයන් සිංහල සංවර්ධනය සියල්ල ඉවසා සිට ධනේෂ්වරයේ පීඩිතයින් බෙදාවෙන් කිරිමේ උපාය ප්‍රවේශයන් පරාජය කල යුතුය.

විමතිකයන් ද ඇතුලත් සිංහලයෝ ස්වකීය ජාතික රාජ්‍ය අනුල්ලංඝනිය ලෙස සලකන අතර නව ජාතික රාජ්‍යක් තමන් අත්පත් කරගත් භුමිය තුල ස්ථාපනය වීම උන්ගේ විනෝදය කුඩුවී යාමකි. එල්.එල්.ආර්.සි. යෝජනා ඉටුකොට රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කරනු හො සමාජවාදය එල‍ෙඔන තෙක් හො නොකියා අප කියනුයේ
           
 ස්වං නිර්ණය අයිතිය පිලිගනිවු. ඒ වෙනුවෙන් සටන් කරව්.
                            වෙන්වීමේ අයිතිය පිලිගනිව්.


6 comments:

  1. aththana keyalatheyannae.

    ReplyDelete
    Replies
    1. කව්ද? කුමාර් මහත්තයද?

      Delete
    2. http://www.gossiplankanews.com/2012/08/vickramabahu-speaks.html

      Delete
  2. ඉස්ස්ලෙම තොපේ අම්මව දෙමල්ලුන්ට බෙදා දීලා රට බෙදපන්.....!

    ReplyDelete
  3. ඇයි මේ ගිරිය පුප්පන් කෑගහන්නේ?

    ReplyDelete