Saturday, July 28, 2012

අරගලකරුවන් සහ සුරතාන්තය.







ලාංකීය වම්මුන්ගේ රොමෑන්තික පක්ෂය නැතිනම් ජ.වි.පෙ. දෙදරා ගියේය. අරාබියේ සිට යැංකීන්ගේ වෝල් ස්ටී‍්‍රට් දක්වා නැගී ආ ජනරල වම්මුන්ගේ රෝමෝද්ගමනය තීව්ර කලේය. ධනේෂ්වරය නැගි ආ කාර්මික විප්ලවය සිදුවු නග්න සුරාකෑමේ යුගයේ සිට ප‍්‍රජාතාන්ති‍්‍රක සඵපිලි හරහා එකී සුරාකෑමට වහන්තරාවක් සපයන මේ යුගය දක්වාද ධනපතියා විසින් කැනගන්නා ලද ස්වකීය මිනීවලට ධනපතියා ඇද දැමීමට නොහැකි වු වාමාංශිකයින් ඒ සදහා දිනගනිමින් කල්මරමින් සිටී. ධනපති ආර්ථික අර්බුධයන් උත්සන්න වන විට හො කිසියම් රටක පාලකයකු ජනසතුකරණය කි‍්‍රයාත්මක කරන විට හො ඇමෙරිකානු සුපිරි ආධිපත්‍යට එරෙහිව වාග් ප‍්‍රහාරයක් එල්ල කරන විට ධනේෂ්වර ක‍්‍රමයට මරන සහතික නිකුත් කරමින් වම නැමැති ලිංගික නිදර්ශකයෙන් ස්වකීය ඉම තුල  පුද්ගලික හා සාමුහික ස්වප්න මෝචනයට පත්වන හා ස්වං වින්දනය ලබන වම්මුන් බොහො වෙති. 


මෙකී සියඵ සන්ධර්භයන් තුල අද්‍යතන ලාංකික අරගලයේ ස්වභාවය කුමක්ද? තත්‍ය වශයෙන්ම භුමිය තුල සජීවි කි‍්‍රයාකාරි අරගලයක් පවතින්නේද? පෙර පැවති මාක්ස්වාදි හා ලිබරල්වාදි අනන්‍යතාවයන් සහ බෙදිම් සියල්ලම දේශපේ‍්‍රමය , ජාතිකත්වය තුල ගොනුවී ඇත. රාජපක්ෂවරුන්ගේ ජනපි‍්‍රයවාදි සහ ජවනකාරී අලෙවියක් සහිත දේශපේ‍්‍රමය , ජාතිය , ආගම යනාදි දෘෂ්ටිවාදයන් සහ භාවිතයන් සමග අනන්‍ය වීමට රාජ්‍යයේ සියඵ පාර්ෂවයන් උපරිම ප‍්‍රයත්නයක් දරනු ලැබේ. අරගලයන් විරෝධතාවයන්ට , විරෝධයපෑම් වලට සීමාවී ඇත. සවකීය මිලදි ගැනිමේ ශක්‍යතාවය පිලිබද ගැටඵව නැතිනම් වැටුප් සම්බන්ධ අරගල  , අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහි අරගල ආදිවු සෑම කි‍්‍රයාත්මක සටනක්ම රාජ්‍යයේ දේශපේ‍්‍රමි දෘෂ්ටිවාදයේ අයොමය ග‍්‍රහණයෙන් මිදී ගන්නට සමත් වි නැත. අරගලය තුලට බහුතරය අවශෝෂනය කරගැනිමට ප‍්‍රයත්න නොදරන අතර එය එක්තරා කුලකයක යැපීම් මාධ්‍යක් බවට පත් වෙමින් තිබේ.


අරගලය ලඝු විමත් එහි විශ්‍ය බවට සිද්දීන් පත්විමත් ක්ෂනිකව සිදුවුවක් නොවේ. කාළාන්තරයක් තිස්සේ ගොඩනැගුනකි. ඒ අනුව අරගලකරුවා විසින් සමාජගත කරනුයේ භාරත දුමින්ද හො මර්වින් සිල්වා හො සරත් ෆොන්සේකාය. අරගලය සදහා න්‍යායික මග පෙන්විමක් හො පක්ෂයක මෙහෙයවිමක් නොමැතිව පුද්ගල සුරුවම් හරහා පැනනගින්නක් බවට රූපානතරණය වි ඇත. එහි ප‍්‍රථිඵලය ලෙස මතුකෙරෙන ප‍්‍රතිරෝධයද පුද්ගල කේන්ද‍්‍රීය වි ඇතිවාක් මෙන්ම අරගලයේ සාමුහිකත්වය දියකර මොටකර දමා ඇත. ඒ අනුව සියල්ල පුද්ගලිකත්වය මත කිරා මැනෙන අතර ගොනුවීමේ අවශ්‍යතාවය බැහැර කොට දමා ඇත. ජනපි‍්‍රය දේශපාලන වේදිකාවන්හී වුවමනාවන් වලදි උපාමාරු කලහැකි පරිදි 17වැනි ව්‍යවස්ථා සංශෝධනය , , අධිකරණ ස්වාධීනත්වය , මානව හිමිකම් , සුඵතර ප‍්‍රජාවන් , සරත් ෆොන්සේකා නිදහස් කිරිම වැනි තේමාවන් මත පාදක වන ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදි සාරයන් තුල අරගලය සීමා කොට ඇත. අරගලය සදහා තාර්කික අවසානයක් නියම කොට එහි ජීවිභාවය උදුරා දමා අවකාශීය ඉඩ ඒකී මලකුණෙන් පුරවා දමා ඇත. අරගලයක තාර්කික අවසානය වමක් හො දකුණක් ගොඩනැගිම නම් එහි යටිපෙල අර්ථය වනුයේ අරගලකරුවා අරගලය යන්න මතුපිටින් කියවා ඇති බවකි. මක්නිසාද යත් අරගලය යනු ජෛවී පැවැත්මේ ස්වභාවික වරණයක් වන නිසාත් ඉන් විතැන් වු විට පැවැත්ම හා එහි සියඵ ගොඩනැගිම් බිදවැටෙන නිසාත්ය. ඉන් අප මේ මොහොතේ පවතින අරගලයන් නිෂේධනාත්මකව නොකියවන අතර  අප උත්සාහ කරනුයේ අරගල විශ්‍යයේ ලඝුබව පෙන්වා දිමටය.


අද්‍යතන ලාංකික සමාජය පැවැත්ම හා බැදුනු ස්වරූපයන් දෙකක් මුලිකව වරණය කරමින් සිටි. එනම් පාලක පැලැන්තිය හා බැදුනු පැවැත්ම හා ඊට විලොම පැවැත්ම වශයෙනි. පාලක පැලැන්තිය විසින් ස්වකීය පැවැත්මේ නිරන්තර අවිනිෂ්චිතතාවන් යටකර දමමින් ස්ථාවරත්වය සදහා සරත් ෆොන්සේකා සිරකරද්දි ඊට විලෝම පැවැත්ම නිර්මාණය වනුයේ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනිමේ ව්‍යාපාරය හරහාය. රාජපක්ෂවරුන්ගේ සුවිශේෂි සානුකම්පාව දුමින්ද සිල්වාට හිමිවද්දි ඊට එරෙහි පැවැත්ම ලකී අයියා සමග බැදි පවති. භුමියේ ඇත් මේ පැවැත්මන් එහි පැනනැගිමේ සවරූපයෙන්ම අන්තර් පෝෂනාත්මක ස්වරූපයක් උසුලනු ලබයි. එය සමාජයට ද්වී වරණයක් සම්මුඛ කරනු ලැබේ. එහි ප‍්‍රථිඵලය ලෙස ලාංකීය සමාජය ද්වීමානි ස්වරූපයෙන් සමතලාකරණයට ලක්කොට ඇත. පසුගිය ජනාධිපතිවරණයේදි රාජපක්ෂවරුන්ට එරෙහිව ෆොන්සේකා වේදිකාගත කරනුයේ මන්ද? රාජපක්ෂ දෘෂ්ටිවාදි අනන්‍යතාවයෙන් බිදිගිය ෆොන්සේකා ප‍්‍රතිපාක්ෂික අපේක්ෂකයා බවට පත්විමට අදාල වෛශයික කාරනාවන් බිහිවුයේ කෙසේද? මෙකි දේශපාලන චිත‍්‍රයේ හරස්කඩ තුල ඇත්තේ  ද සමතලාකරණයේ ප‍්‍රක්ෂේපිතය වන අතර එය අරගලකරුවන්ගේ අසමත්භාවය සහ නොගැඔුරත් විශ්‍ය ග‍්‍රහණය කර නොගැනිමත් විශද කරයි.


අරගලකරුවා යනු විරෝධාකල්ප සහිත සකස් කරන්නෙකි. නැතිනම් නැවත ගොඩනගන්නෙකි. ඔහු ඒකීයත්වය වෙනුවට බහුත්වය වරණය කරන්නෙකි. පවත්නා දෘෂ්ටිවාද සහ භාවිතයන් සමග අනවතර ගැටිමෙන් සවකීය අරගලයේ ජීවිභාවය පවත්වා ගැනිමට උත්සුක වන්නෙකි. එහෙත් ලාංකිය දේශපාලනික රැඩිකල්භාවය යන්න රූපිකව හදුනා ගැනෙනුයේ ජ.වි.පෙ ලෙසය. මිනිසාගේ අවිඥඥාණික ෆැන්ටසියේ  ලස්සන පැත්තට ප‍්‍රතිවිරුද්දව පිහිටා ඇති නපුර ඔහුගේ මානසිකත්වය සමබර කිරිමට අවශ්‍ය සන්ධර්භය සකසයි යනුවෙන් ස්ලොවැකියානු මනෝවිශ්ලේෂක ස්ලොවැක් ජිජැක් කියු ලෙසම ලාංකීය වම්මුන්ගේ අවිඥඥාණික ෆැන්ටසියේ ලස්සන සහ නපුර භෞතිකව ප‍්‍රක්ෂේපනය වි ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය බවට පත්වේ.  වම යන්න නිර්ණය කෙරෙනුයේ එ.ජා.ප. විරෝධි විම යන සරල නිර්ණායකය මත වන අතර පොදු සතුරා එ.ජා.ප. ය බවට පත්වේ. පීඩිත ගැමි තරුණයන් ගොනුකරගත් ජනතා විමුක්ති පෙරමුනට විකල්ප කාර්්‍යභාරයක් ඉටුකල හැකිද? ජ.වි.පෙ. උත්පාදනයේදිම  විකල්ප බලවේගයක් ලෙස ගොඩනැගිමේ ස්වකීය ශක්‍යතාවයන් වද කරගනු ලැබු අතර නෛසර්ගිකවම පවත්නා පසුගාමිත්වයන් අතිධාවනකාරි ස්වභාවයකට පත් කිරිමට නියම වුවක් විය. 


මාක්ස්වාදය ලාංකිය සුවිශේෂිතාවයන්ට ගැලපිය යුතුයැයි  රෝහණ විජේවිර ඉදිරිපත් කල සහ ජ.වි.පෙ. ලෑටිගාන ප‍්‍රවාදයම මක්ස් ලෙනින්වාදි සන්ධර්භයක් තුලම ප‍්‍රතිවිප්ලවවාදි වේ. පලමුවැන්න ද‍්‍රව්‍යාගේ විශ්ව්‍යාපි චලනය පාදක කොටගත් න්‍යායක් තුල ලාංකික සුවිශේෂිතාවයක් නිර්මාණය වන්නේ කෙසේද යන්නය. ටො‍්‍රස්කි නිවරුදිව සුත‍්‍රගත කල ලෙසම එය නොසම වර්ධන න්‍යායය ඒකාංශිකව කියවිමකි. රටවල් විවිධ මට්ටම් වලින් වර්ධනය වන අතර ඒවාටම අයත් වු විශේෂතා ඇත යන්න නොසම වර්ධන න්‍යායයි. එය ස්ටාලින්වාදි නැතිනම් තනි රටේ සමාජවාදයක් යෝජනා කරන්නකි. රෝහණ විජේවිරගේ ලුබුම්බාවේ අනුභූතින් මේ ප‍්‍රවාදය සදහා ඔහුව මෙහෙය වු බව සිතිය හැක. එහෙත් තනි රටේ සමාජවාදය ජාත්‍යන්තර වෙලදපොල යන්නට උඩින් ජාතිය ඔසවා තබන අතර එයම පසුගාමිත්වය සදහා පාර කපනු ඇත. රුසියානු විප්ලව ඉතිහාසයේ තුන්වැනි වෙඵමේ ටො‍්‍රස්කි තර්ක කල පරිදි නිර්ධන පන්ති විප්ලවය එල්ල කරන්නේ නිෂ්පාදන බලවේග වල පුද්ගලික දේපල හා ලෝක ආර්ථිකය ජාතික වශයෙන් කැබැලි කිරිම යන දෙකටම එරෙහිවය. 


ජනතා විමුක්ති පෙරමුණ ලාංකිය සුවිශේෂිතාවයන් ලෙස හදුනා ගන්නේ කුමක්ද? ජාතිය ද? ආගම ද? නැතිනම් විදේශ ධනේෂ්වරය විසින් උරුමකල අංගවිකල ධනවාදය ද? ඇදහීම ජානවලටම කාවැදුනු ජනතාවකට මාක්ස් ලෙනින් රූපයන් සහ දඩබ්බර චේ ඉදිරියේ තබා සුරුවම් කොට අදහන කේඩරයක් බිහි කිරිමට ජ.වි.පෙ. සමත් විය. මාක්ස්වාදි න්‍යායයන් මුලුමනින්ම අපසරණය කොට ව්‍යාජ රැඩිකල්භාවයක් තුල ධනපති ගහලයාට ගැමි තරුණයා වරක් නොව දෙවරක් බිලිදෙනු ලැබීය. මල්වෙඩි විප්ලව සහ සංදර්ශනාත්මක දේශපාලනික රැඩිකල්භාවයක් මිස ජ.වි.පෙ. සැබෑ ලෙසම මෙරට අධිපති දෘෂ්ටිවාදයන් සහ භාවිතයන් සමග නොගැටුනි. සාධාරණ හේතුන් මත නැගි ආ දෙමල අරගලය මුලිනුපුටා දැමිම සදහා ධනපති ආණ්ඩු සමග සභාග ගසා තමන්වද මර්ධනය කල ධනපති යාන්ත‍්‍රණයේ මුරබල්ලන් උසිගන්වා උතුරේ අරගලය අනුකම්පා විරහිතව පොඩිකර දැමිය. මෙකි ධනපති සභාග ජ.වි.පෙ.ට නුහුරු නුපුරුදු අත්දැකිමක් නොවන අතරම පන්ති අරගලය සහ සුරාකෑම ගැන දේශනා කරමින් සිංහල ජාතියට දෙමල ජනයා සුරාකැමට ඉඩහසර ඇති කරනු ලැබිය.


මධ්‍යගත අයොමය විනයක් සහිත කම්කරු පක්ෂයක් හරහා ධනපති නිෂ්පාදන බලවේග පෙරලා දමා කොමියුනිස්ට් සමාජයක් බිහිකිරිම පිලිබද මාක්ස් ලෙනින්වාදි ප‍්‍රවාදය ලාංකීය භුමිය තුල සත්‍යාපනය කිරිමේ අයෝමය අරගලයේ බර පවරාගනු ලබන්නේ ජ.වි.පෙ. ය. එහි විනය බවට පත්වන්නේ අරක්කු සිගරට් නොබොන බඩු නොගසන කේඩර්වරයෙකි. ඉතිහාසයේ සදාචාරවාදිම පක්ෂය ලෙස ජ.වි.පෙ. හදුනවා දිම අතිෂයෝක්තියක් නොවන්නාසේම එය සංස්කෘතික තලයේද් ජ.වි.පෙ. ආස්ථානයේ වික්ටෝරියානු නැඔුරුව හෙලිකරන්නකි. සිය නිෂේධනය කරන ලද ආදිතම ආශාවන්හි පෙළඔවිම් මත අසරණ වන ජ.වි.පෙ. සාමාජිකයා පරිභෝජනවාදය තුල තමාව සොයාගනුයේ මේ නිසාය. සිය විමතික සහෝරයන්ට පයින් ගසන පක්ෂයකට සහෝදර සමාජයක් බිහිකල හැකැකේ කෙසේද යන්න වම විසින් නැවත සිතා බැලිය යුතුව ඇත. 


ලාංකිය භුමිය තුල අරගලය විය යුත්තේ කුමක් ද යන්න පිලිබද නිවැරුදි සජීවි කතිකාවක් නොමැති අතර එය කන්නුනු විසින් කනා මුට්ටි බිදිම සදහා එල්ල කරන පහරවල් වල ස්වභාවයක් ගනි. ඒ තුල ඇතමුන් සිදුකරනුයේ විදේශිය පශ්චාත් මාක්ස්වාදින්ගේ වියමන් ගෙඩි පිටින් ආනයනය කරමින් එකී ආනයනයන්ගේ ලාංකීය පේට්න් බලපත‍්‍රය ලබා ගැනිම සදහා ලාංකීය භුමිය තුල අරගල කිරිමය. න්‍යාය සහ භාවිතයේ ඇති වැදගත්කම බැහැර කොට දමා ඇත. පොත් පිටින් ගිල පොත් පිටින් බහිෂ්කරණය කරන අරගලකරුවන් පිරිසක්  බවට ඔහුන් රූපාන්තරණය වි ඇත. රුසියනු සමුහ ගොවිපලවල් , දුෂේන්ලා , කොම්සොමෝල්වරුන්ගෙන් ස්වකීය ෆැන්ටසියේ ඉම පුරවාගෙන ඉන් සුරතාන්තයට පත්වන අදේශපාලනික කැරුලිකරුවන් පිරිසක් බිහිවි ඇත. 


බැටල් ටු ටෙරා නැමති සජීවිකරණය කරන ලද කාටුන් චිත‍්‍රපටියේද පෙල සැකසි ඇත්තේ සමාජයක් අභිමුඛ විකල්ප වරණය පිලිබද ගැටඵව සාකච්ජා කිරිම සදහාය. සීමිත ස්වභාවික සම්පත් අසීමිත ලෙස පරිභෝජනය කිරිමේ ප‍්‍රථිඵලයක් ලෙස ඇති වන සීමා ඉම ආසන්න ග‍්‍රහලෝක තුනක ප‍්‍රත්‍යන්ත ජනපද පිහිටුවම හරහා පෘතුවිවාසින් විසින් තාවකාලිකව ජයගනි. එහෙත් අවි තරගයේ ප‍්‍රථිඵලයක් ලෙස පෘතුවිවාසීන්ගේ ජෛවී සාධක සපුරාලු ග‍්‍රහලෝකයන් විනාශ වන අතර ඉතිරි වු සීමිත පිරිසක් සුදුසු වෙනත් ග‍්‍රහලොවක් සොයා සෞරග‍්‍රහ මණ්ඩලයේ සැරිසරයි. එහිදි හමුවන ග‍්‍රහලොවක් ටෙරා ලෙස නම් කරන ඔහුන් එය ආක‍්‍රමණය කිරිමට සුදානම් වේ. ඊට පෙර අවස්ථාවකදි අනතුරට භාජනය වන පෘතුවි යුධ ගගනගාමියකු ටෙරා තරුණියක් විසින් බේරා ගන්නා අතර එම ලුතිනන්වරයාට ඒ හරහා ටෙරාවාසීන්ගේ ජීවන පැවැත්ම පිලිබද අවබෝධයක්ද ලබාගත හැකිවේ. කෙසේවෙතත් පෘතුවිවාසීන්ගේ අවසාන අවස්ථාව ටෙරා ග‍්‍රහලෝකය ලෙස සලකන පෘතුවි යුධ ගගනගාමීන්ගේ අණදෙන්නා ටෙරා ජීවින්ගේ ජිවිත අයිතිය සමිපුර්ණයෙන් උදුරාගනිමින් ටෙරාවාසින් සමුලඝාතනය කොට පෘතුවිවාසිනට ටෙරා   ග‍්‍රහලොව දිනාගැනිමේ ආක‍්‍රමණය අරඔනු ලබයි. ටෙරා ග‍්‍රහලෝකයේ වෙසෙන ජීවින්ද අවි තරගය නිසා විනාශ වන්නට ගොස් සාමය තෝරාගත් ජීවින් පිරිසකි. ඇරෙඔන පෘතුවිවාසි ආක‍්‍රමණයත් සමග සිය ග‍්‍රහලෝකයේ ජීවි පැවැත්ම වෙනුවෙන් සටන් වදින්නට ටෙරා වැසියන් තිරණය කරයි. යුද්ධය ඇවිලි ගිය පසු ටෙරාවාසින් දැඩිපසුබෑමකට ලක්වන අතර ටෙරා තරුණිය විසින් දිවි බේරාගත් ලුතිනන්වරයා පෘතුවි ආක‍්‍රමණික මධ්‍යස්ථානය විනාශ කොට දමා යුද්්ධය අවසන් කරනු ලැබේ. එමෙන්ම ඔහු ටෙරා තරුණිය සිය ජිවිතය රැකගැනිමට ගත් ක්ෂුද‍්‍ර උත්සාහය සාර්ව මට්ටමට ගෙන ගොස් ටෙරා හා පෘතුවිවාසීන් යන සියල්ලන්ගේ ජීවි පැවැත්ම තහවුරු කරන විකල්ප මාර්ගයක් සොයාගනි. චිත‍්‍රපටියේ වියමන තුල මතු කෙරෙන පුද්ගල වීරයකු හරහා සියල්ල යථාතත්වයට පත්වුනේය යන්න බැහැර කලවිට එහි මතුකෙරෙන වරණය කරන විකල්පයන් හී  මානුෂවාදි බව අද්‍යතන සමාජ අරගලකරුවන්ට වඩා වැදගත් වනු ඇත. 


මේ මොහොතේ ලංකාවද පොදුවේ ලොකයද සම්මුඛ වී ඇත්තේ මේ විකල්පයන් පිලිබද ගැටඵවයි. වම සහ දකුණ හො එහි මධ්‍යස්ථය වු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකල්ප ලෙස හදුනා ගනිමින් සිටි. වමේ පැන නැගිම දක්ෂිණාර්ථය බිහිවීමේ නෛසර්ගික ප‍්‍රථිඵලයකි. දකුණට ප‍්‍රථිවිරුද්ධ පැවැත්ම වම විසින් නියෝජනය කරනු ලැබේ. එය ප‍්‍රාථමික අවධියේදි හොද සහ නරක , දෙවියන් සහ සාතන් ගේ රූපික විකාශනය නැතිනම් රූපාන්තරණයයි. වැඩවසම් යුගයේදි හො ධනේෂ්වරයේ මුල් කාර්තුවේදි පීඩක පන්තියේ මර්ධන යාන්ත‍්‍රණය පීඩිතයන් මත කි‍්‍රයාත්මක වද්දි පීඩක පන්තියේ තුවක්කුවට එරෙහිව පීඩිත පාන්තිකයාටද තුවක්කුව අතට ගැනිම හො අතහැරිම යන සරල වරණයක් පමනක් ශේෂ විය. එහෙත් අද්‍යතනයේ ගොඩනැගි ඇති සංකීර්ණ නිෂ්පාදන නැතිනම් සමාජ සම්බන්ධතාවයන් එබදු සරල වරණයක් ශේෂ නොකරනු ලැබේ. ධනේෂ්වරයේ ගතවු කාර්තුන් හීදි  දකුණ විසින් වම සුර ලෙස කළමනාකරණය කරගනු ලැබු අතර ඔද්දල් වන දකුණේ සම්බන්ධතාවයන්ට අදාල නැවුම්භාවය ඇති කරන නවෝත්පාදන බිහිකරන්නෙකු බවට වම පත්කරගනු ලැබීය. සෘජු පාලනය වක‍්‍ර පාලනයක් දක්වා විතැන් වු අතර සෘජු ආධිපත්‍ය විග‍්‍රහ කරගත් බුහුටි බවෙන්ම හෙජමොනික ආධිපත්‍ය  පිලිබද බහුතරය සවිඥඥාණික කිරිමට වම අපොහොසත් විය.


ලාංකීය හො පොදුවේ ලෝක මට්ටමින් සිදුවන අරගලයක් මතවාදි සහ න්‍යාය-භාවිතය දෙඅංශයෙන්ම සංයුක්ත වුවක් විය යුතුය. පවතින දෘෂ්ටිවාදයන් අද්‍යතන නිෂ්පාදන සම්බන්ධතාවයන් නැතිනම් ධනේෂ්වර මොඩලය තුල රූපිකව හැඩගැසි ඇතත් ඒ සියල්ල තුල සියඵ නිෂ්පාදන අවධීන්ගේ දෘෂ්ටිවාදිශේෂයන් පවති. දෙවියන් හො ආගමික සංස්ථාව ඒ සදහා කදිම නිදර්ශකයකි. එබැවින් ප‍්‍රථම ගැටිම සිදුවිය යුත්තේ මතවාදි තලයේදි පොදු දැනුම සමගය. විශේෂයෙන්ම ලංකාව වැනි පසුගාමි සමාජයක් තුල පොදු දැනුම සමග ගැටිම ප‍්‍රමුඛ හා මුඛ්‍ය කාරණාවක් වේ. සිදුවි ඇති සංකලිත වර්ධනය තුල ඇති වි ඇති හිඩැස් පිරවිය යුතුය. එය පුද්ගල කේන්ද‍්‍රීය සටනක් නොවිය යුතු අතර ඒ සදහා ගොනු විමක් ඇවැසිය. ගොනුවීම යනු පක්ෂයම නොවේ. අපගේ අභ්‍යුපගමය වනුයේ ප‍්‍රති සංස්කෘතික ගොනු විමක් ද අරගලයේ ගාමක බලවේගය ලෙස පෙරටුගාමි කාර්්‍යයක් ඉටුකල හැකි බවයි. සංස්කෘතික ප‍්‍රතිරෝධය ජනපි‍්‍රයවාදි දේශපාලන ප‍්‍රතිරෝදයකට වඩා ගැඔුරු හා තියුණු වුවකි.


ආදිකල්පික කැරුලිකරුවො නම් කෘතියේදි විප්ලව බොහොවිට පදනම්ව ඇත්තේ පාන් සහ වයින් මත බව අවධාරණය කරයි. විප්ලව කරනුයේ පාන් සහ වයින් සදහා නම් එය අර්ථශුන්‍ය වුවකි. මක් නිසාද යත් පාන් සහ වයින් ලද විට විප්ලවයේ අර්ථදැක්වු සියඵ මුඛ්‍ය අභිමතාර්ථයන් සෙසු අභිමතාර්ථයන් බවට පත්වි යටපත් වන බැවිනි. මින් අරගලකරුවා මෙහෙයවන ජීවි පේ‍්‍රරණයන් අප උපහාසයට ලක් නොකරන අතර එබන්දක් අරගලයේ විශ්‍ය පිලිබද ප‍්‍රාමාණික අවබෝධයක් නොමැතිකම සහ ඒ සදහා ඇවැසි සවිඥඥාණය ඇති කිරිමට ප‍්‍රයත්න නොදරනු ලැබිම දක්වා චලනය විය හැකිය. එබදු විටකදි පුද්ගලයාගේ අවිඥඥාණික මෙහෙය විම් පක්ෂ හො සංවිධානයන් අවස්ථාවාදි සහ පටු බල ස්ථාපිත කිරිම් සදහා මෙහෙයවනු ලැබේ. 


දකුණ ස්වකීය සතුරා ලෙස වම  සංජානනය කිරිමත් එහි විලෝමයත් හරහා සිදුවනුයේ පාර්ෂවයන් හි සියඵ ශක්තීන් ගොනුකොට ප‍්‍රතිවිරුද්ධ දිශාවන්ට චලනය කිරිමය. එහෙත් එකෙකුගේ ශක්තිය අනෙකා හදුනා ගනිමින් එයම ප‍්‍රයෝජනයට ගැනිම උපාය මාර්ගිකව වඩා සඵලදායි වනු ඇත. දක්ෂිණාර්ථය සිය ප‍්‍රජාතාන්ති‍්‍රක වපසරියන් තුල ඇති කරන්නා වු කි‍්‍රයා සන්තතීන් හරහා අරගලකරුවා ස්වකීය අරගලය සදහා ජෛවී සාධකයන් සපුරා ගතයුතය.


මාක්ස්  පන්ති සටන් ඉතිහාසය මත සිට ගනිමින් සුත‍්‍රගත කලේ නිර්ධන පාංතික විප්ලවය හරහා  ක‍්‍රමිකව කොමියුනිස්ට් සමාජයක් බිහිකිරිම පිලිබදවය. අධස්ථ ව්‍යුහය මත උපරි ව්‍යුහය තීරණය වන බවත් අධස්ථ ව්‍යුහය වෙනස් කිරිමෙන් උපරි  ව්‍යුහය වෙනස් කලහැකි බවත් මාක්ස්වාදිහු අවධාරණය කරති. එමෙන්ම පැවැත්ම ප‍්‍රාථමික වන බවද මාක්ස් අවධාරණය කොට ඇත. පැවැත්ම යනු සියල්ල ගොනු වීමකි. සංගත වීමකි. පැවැත්ම යනු ජිවත් විම නොවේ. ඉන් අධස්ථය ව්‍යුක්ත කොට සමස්ථය පූර්ණ ලෙස චලනය කල නොහැකිය.


ප‍්‍රති සංස්කෘතික ප‍්‍රවනතාවක් පාදක කොට ගත් අරගලයක් තුලදි එබදු උෘනනයන් බැහැර කරගත හැකි අතර පරිපුර්ණ නිදර්ශකයක් නොවුවද ඇමරිකානු සංස්කෘතියේ හිපි සංස්කෘතිය ඊට නිදර්ශකයකි. ධනේෂ්වරය ස්වකීය සංස්කෘතිය ගොඩනැගිම සහ ස්ථාපිත කිරිම ඇරඔුයේ වැඩවසම් නිෂ්පාදන අවධියේ සිටමය. ඉන් එලෙඔන ධනේෂ්වර ක‍්‍රමය සවිමත්ව භුමිය තුල ස්ථාපනය කරනු ලැබිය. එහත් ධනේෂ්වරය තුල ආර්ථික ශක්තියෙන් හීන නිර්ධකයාට එබදු සංස්කෘතික උරුමයක් ගොඩනුගිය නොහැකි බවත් මුඛ්‍ය වන්නේ පන්ති අරගලය සදහා සුදානම් වීමත්ය යන තර්කනයන්  මාක්ස්වාදීන් නිර්ධන පන්තියට සංස්කෘතියක් නැතයි යනුවෙන් සුත‍්‍රගත කලේය. එහි ප‍්‍රථිඵලය වුයේ විප්ලවයන් අවසානයේ නව සංසකෘතික මිනිසකු තනන්නට ගොස් විප්ලවීය ජවය සිද ගැනිමය.


අරගලයක අවසානයේ සදාකාලික සමාජ නිෂ්චලතාවයක් ඇතිවේයැයි හො ඉන් අනතුරුව අරගලකරුවාගේ භුමිකාව අවලංග වේයැයි සිතිමම විහිඵවකි. මක් නිසාද යත් අරගලය යනු පවත්නා තත්වයන් වෙනස් කිරිම පමනක් විශ්‍ය කරගන්නා ප‍්‍රපංචයක් නොවන නිසාය. එය පැවැත්මේ නිසග වරණයකි. සමාජ සම්බන්ධතාවන්හි ජීවිබව සහ තුල්‍යතාව පාදක වනුයේ අරගලයන් මතය. ඒ අනුව මාක්ස්වාදය යොජනා කරන කොමියුනිස්ට් සමාජය වනාහි ජීවි වායුව ඇදගන්නා ලද නිෂ්ක‍්‍රීය සමාජයකි.


අරගලයකදි පවත්නා සුරුවම් බිදනු ලැබේ. පවත්නා සුරුවම් බිදුනු ලැබුවො ඒ අනුහසින් සුරුවම් බවට පත්වෙන නිසාවෙන් බිහිවන අඵත් සුරුවම් බිදිම සදහා ද නැවත අරගල කල යුතුය. එබැවින් අරගල යනු බිදිම්  හා ගොඩනැගිම් හි අවිච්චින්නතාවයයි. 









No comments:

Post a Comment