Saturday, July 21, 2012

මහ රජ්ජුරුවන්ගේ ආණ්ඩුව


නාස් පුඩු
අකුලුවාලන
සැර
බෙහත් ගද
මුසු වු
මලමිනී ගද

රෝද සවි කල
ට්‍රොලියේ
ඇලුමිනියම් තහඩුව මත
කැටිගැහැනු ලේ කුට්ටි
ඔලුව සහ පපුව මත
කිතුල් පොලු වලින්
පත බා
සන්දි කඩාදැමු
අප‍්‍රාණික
අත පය

බන්ධනාගාර තිරිසනුන්
මරාදැමු 
දෙමල මිනිහා
ගනේෂන්
නිමලරූබන්

බුදුන්ගෙ පොලොවට
සිංහල මව්බිමට
උඔ 
අයිති නෑ
උඔ
පිටස්තරයෙක්

පිලි ගදයි
පන්සල්
ටයිල් ඇල්ලු
සුදු පැහැ
මල් ආසන මත
බේරි ගිය ලෙයට
නිල මැස්සන්
රංචු ගැහි
පුජා කල 
කුනු වු 
පනුවො ගැසු හදවත්

උපාසක මහත්වරු
ශරීර කුඩුවේ 
හිල්
උතුරු සලුවෙන්
වසාගෙන

කොලඔ කොටුව
පාලුයි
ලිප්ටන් වටරවුමෙත්
රූබන්ලා
වෙනුවෙන්
පෙලපාලි නැ

මහ රජ්ජුරුවන්ගෙ
ආණ්ඩුව මේක
අඩු මුදලට
ඉලව් සේවා සපයන
අංක තහඩු නැති
සුදු පාට
මලමිනි වාහන
ආණ්ඩුවේ වියදමින්
ලාබෙට
අධි ආරක්ෂිත
මල ගෙවල් 
කරවන

ආණ්ඩුවක් නොව
මල් ශාලාවකි
මහ රජෙක්
නොව
මුන්දෑ
එම්බාම්කරුවෙකි
හරි දක්ෂ






2 comments: