Thursday, July 12, 2012

මිත්රයා


සුදුම සුදු පැහැ
ඇපල් ජින්
සමග
දීසිය මත තැබු
ලුනු කවලම් කල
කදිමට තීරු කැපු
ඇපල්
කටගැස්ම

ලොකු වීදුරු වල
පතුල
යන්තමින් තෙමා
එක හුස්මට
ගිල දමන

විසල් ඔලුව පුරා
බලහත්කාරීව ඉන්දු
ඉත්තෑකුරුවන්
හිසකෙස්
සහ
පලල් නලලත
අතරින් පතර
හේ බෑවි ගියා වැනි
ටින්ට් රැවුල් ගස්

ගිනි තැබු
කුනු ගොඩේ
දුම් ගහන
හරිත සිහිනයෙන්
රතු වු ඇස්
සංඥා යවයි මොලයට
වටේ උන්
හාවුන් ලෙස

ගල් ගෙඩි මැද
මිරිස් උරා
දන ඔලුගෙඩිය
දෙපසට වනා
කුඩුවන
නැවුම්
හා මස
රැස්කරන 
එකම
දඩයම්කරු උඔ නොවේ

ඇස් ඇර බලාපන්
උෙඔ් 
දැන ගැනීම පිණිසයි
බොටත්
කලියෙන්
හා මස් පොදිබැද
වන වැදුනි
හිවලෙක්


1 comment:

  1. වචන වලට පණ පෙවීමක් වගේ. අපූරුයි පබඳුම.

    ReplyDelete