Thursday, July 5, 2012

කවියෙක්

තලා පෙලා 
මිරිකා 
ඇටයටම
 හප වෙන්නට 
යුෂ උරා 
විසිකර දැමු
ජීවිතය
 උහුලා 

පිටු පෙරලු 
කෙසග අතින් 
ශීර්ෂය 
පිරිමැද 
ඔද්දල් 
ඔලු ගෙඩියෙ 
කැකෑරෙන 
සියල්ල 
එලියට 
ඇද දමා

 පසෙක 
වැතිර හුන් 
ස්තිරියාවට 
හොරෙන් 
තුරුලු කොට ගත් 
පුල්ස්කැප් කොල මත 
දිගු පේලි 
තදබදව 
තෙරපෙන විට 

ස්තිරියාව 
සෙමෙන් 
එහෙත් දෘඩව 
පවසයි 
ලොකු ලිපි එපා 
ලියාපන් කෙටියෙන් 

ජීවිතය ද 
කවි ද 
කෙටි වු නිසා
 මම 
දැන් 
කවියෙක්

1 comment:

  1. "ජීවිතය ද
    කවි ද
    කෙටි වු නිසා
    මම
    දැන්
    කවියෙක්"

    නියමයි අදහස. ගැලපෙනව ජීවිතයට මෙන්ම කවියටත්.

    ReplyDelete